English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දලාගේ ආගමනයට එරෙහි වූ විදීයේ විරෝධය පොලීසිය සමග අරගලයක
මහින්දලාගේ ආගමනයට එරෙහි වූ විදීයේ විරෝධය පොලීසිය සමග අරගලයක
වීදියේ විරෝධය කුරුණෑගල බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සමග එක්ව ගොඩනගා ගත් විද්වත් සංසදය සමග එක්ව අද දිනයේ කුරුණෑගල දී පැවති පති‍්‍රකා බෙදීමට සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට පොලීසිය විසින් තෙවරක් බලපෑම් කරන ලදි. මෙසේ බලපෑම් කරන ලද පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායම සමග අප පෞද්ගලිකව සාකච්ඡුා කරන විට අපට දැන ගැනීමට ලැබුණේ කිසියම් පිරිසක් නිරන්තරයෙන් පොලිස් ස්ථානාධිපති තුමාට බලපෑම් කරන බවයි.


කුරූණෑගල ඔරලෝසු කණුව අසල ඉතාමත් සාමකාමීව පති‍්‍රකා බෙදමින් සිටින තැනට පැමිණි පොලිස් නිලධාරීන් විසින් විදියේ විරෝධයේ සම කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගේ අතින් ඇඳ ජීප් රථයට දැමීමට උත්සාහ කරන ලද අවස්ථාවේ එතැන සිටි සියලූම දෙනා ඊට විරෝධය පෑහ. ඔවුන්ට නීතිමය තත්ත්වයන් පැහැදිලි කළ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා තමන් නීති විරෝධී කි‍්‍රයාවන් කර නැති නිසා තමන්ව එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ප‍්‍රකාශ කලා. දීර්ඝ විවාදයකින් පසුව පොලිස් නිලධාරීන් පිටව ගියා. පිරිස සාමකාමීව පති‍්‍රකා බෙදමින් කුරුණෑගල බස් නැවතුම්පළ වටා ඇති ව්‍යාපාරික ප‍්‍රජාව සහ ජනතාව වෙත පති‍්‍රකා බෙදමින් දැනුවත් කරමින් ඉතාමත් සාමකාමීව ගමන් කලෝය. අප පසුපස ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ ඔත්තුකරුවන් ද, රජයේ ඔත්තුකරුවන් ද පැමිණියේය. කණ්ඩායම නැවතත් පේෂ කර්ම ගොඩනැගිල්ල ප‍්‍රදේශයේ ඇති බස්නැවතුමේ පිට පැත්තේ සිටිමින් ජනතාව දැනුවත් කිරීමටත්, පටන් ගත් විට පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලූ තවත් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද, විශේෂයෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් රැුසක් ද එහි පැමිණ සියලූම දෙනාට පොලීසියට පැමිණෙන ලෙස පවසා, අත තිබූ පති‍්‍රකා කියවා බැලූවේය. එහි දී අපගේ තර්කය වූයේ අප විසින් කිසිඳු මැතිවරණ නීතියක් උල්ලංඝණය කර නොමැති බවයි. බොහෝ වේලාවක් පොලීසිය අප අසල ගැවසුනු අතර, ඒ වන විටත් බුද්ධි නිලධාරීන් සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ මැරයන් අප පසුපස සිටින බව අපගේ කැමරාවන් හසුවිය. පසුව අපගේ පති‍්‍රකා අවසන් විය. අපගේ අරමුණ ඉටු විය. මහින්ද රජපක්ෂගේ බලපෑම් නිසාවත්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ බලපෑම නිසාවත්, අපගේ කි‍්‍රයාකාරකම හෝ එහි බලපෑම යටපත් කිරීමට නොහැකි විය. පොලිසිය පැමිණීම නිසා අපගේ කි‍්‍රයාවන් වඩාත් ජනතාවගේ අවධානයට ලක්විය.
නැවතත් අප ඔරලෝසුව කණුව අසල පැමිණ පොළට හැරෙන නාවින්න හන්දියේ සිට පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් සිටි අවස්ථාවේ දී රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් සහ නැවැත්වීය. ඒ අවස්ථාවේ දී නැවතත් පොලිස් ස්ථානාධිපතිතුමා තම කණ්ඩායම සමග එම ස්ථානයට පැමිණ අපගේ එක් පති‍්‍රකාවක මුද්‍රණාලය සහ මුද්‍රණය කළ තැනැත්තාගේ විස්තර නොමැති නිසා සියලූම දෙනාට පොලීසියට පැමිණීමට සිදුවන බව පැවසීය. නමුත් එහිප දී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා සහ එහි සිටි අනෙක් පිරිස අවධාරණය කරන ලද්දේ එය මැතිවරණ නීතියට වඩා සාමාන්‍ය නීතියක් බැවින් එයට වෙනම නඩුවක් පැවරිය හැකි බවයි. මෙම සාකච්ඡුාව අතර තුර සියලූම දෙනා පොළ දෙසට ගමන් ගත් පොළෙ ප‍්‍රදේශයේ හි දිවා කාලය බැවින් සෙනග මඳ බවක් පෙනුුනු නිසාත් අප එතැනින් අපගේ කි‍්‍රයාකාරකම් අවසන් විය.
එහිදී මැතිවරණ කාලය නිසා හෝ මහින්දගේ බලපෑම නිසා හෝ පොලීසියට පැමිණි පීඩනය වැඩි බවක් පෙනුනි. ඔවුන් අපගේ වැරැුද්දක් අල්ලා ගැනීමට සොයන බවක් පෙනුනි. රහස් පොලිස් සේවය අප වටා යෙදාවා තිබුනි. කොළඹ මෙවැනිම කි‍්‍රයාකාරකම් මැතිවරණ සමයේ දී කළ අපට මෙවැනි බලපෑමක් එල්ල වී නොතිබුනි. අප හා කතා කළ පොලිස් නිළධාරීන් සහ නිලධාරිනියන් අප සමග පැවසුවේ ඔවුන් මේ කි‍්‍රයා කරන්නේ ඔවුන් ලැබෙන පීඩනය නිසා මිසක අපගේ කි‍්‍රයාවෙහි වැරැුද්දක් ඔවුන් නොදකින බවයි.
කෙසේ වුවත් අප අපගේ අරමුණ ජයගතිමු !



2015-07-25
Advertisement

Find us on Facebook