English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියක් අසල සුදු වෑන් හොල්මනක්........
පොලීසියක් අසල සුදු වෑන් හොල්මනක්........
ඊයේ එනම් ( ජූලි 21 * වෙනි දින නුගේගොඩ පීරිස් මාවතේ දී අත්අඩංගුවට ගන්නා ලද ව්‍යාජ අංක තහඩු නොමැති සුදු වෑන් රථයකින්, පිස්තෝලයක් අතැතිව ගමන් කරන ලද සිවිල් ඇඳුමින් සැරසුනු හමුදා සෙබළුන් තිදෙනෙක් මිරිහාන පොලීසිය විසින් අත්ඩංගුවට ගන්නා ලදි. පසුව ඔවුන් නුගේගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත ඔවුන් මුදා හැරියේය.
මෙම තොරතුර ජනතාව එක් වරටම අමතක කිරීමට උත්සාහ කරන අතීතයකට ගෙන යයි. පසුගිය කාලයේ දී සුදු වෑන් රථයන් විසින් පැහැර ගෙන මරා දමන ලද මිනිසුන් සංඛ්‍යාව විශාල ය. ඒ හා සමානව අතුරුදහන් වූ පිරිසක් ද සිටිති. මෙම සිදුවීම පිළිබඳව එක්තරා සැකයක් මතු වන්නේ එය කොළඹට ආසන්න ජනාකීර්ණ ප‍්‍රදේශයක සිදුවීමත්, මිරිහාන පොලීසිය වැනි ස්ථානයක් අසල සිදුවීමත් නිසාය. වාහනය බැලූ බැල්මට නවීන පන්නයේ එකකි.
2015 සිදුවූ රජයේ වෙනස් කම් සමග බොහෝ ආයතනයන් හී වෙනස් කම් සිදුනොවීම තුළත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප පිරිස් තවමත් විවිධ තරාතිරම් වල සේවය කරන බවත් නොරහසකි. එමෙන්ම සුදු වෑන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෑත සිට ඒ ගෝඞ් ෆාදර් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදෙමින් නැවතත් පසුගිය දිනෙක ප‍්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡුාවකට සහභාගි වෙමින් පැවසුවේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජීවිත තර්ජන කිහිපයක් පසුගිය දිනයන් හී දී එල්ල විය. රජයේ ප‍්‍රධාන පෙළේ නායකයින් කිහිිප දෙනෙක්ට ජීවිත තර්ජන තිබෙන බව පසුගිය දිනෙක විදෙස් රහස් ඔත්තු සේවාවන් විසින් අනාවරණය කර තිබිනි. මේ කිසිවක් අහඹු සිදුවීම් නොවන අතර, ඒවා ගැන විධිමත්, ස්වාධින පරීක්ෂණ කරමින් අදාල පුද්ගලයන් සහ බාහිරව ඒවා මෙහෙයවන අය සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමත් නොපමාව සිදු කළ යුතුය. එවැනි පියවරයන් ඉතා ඉක්මනින් ගැනීම වියවුල් අවම කිරීමට හේතු විය හැකිය. ඡුන්ද මුවාවෙන් විවිධ සිදුවීම් ඇති කිරීමට පිරිස් උත්සාහ කරන මෙවැනි වාතාවරණයක් මැද ඉක්මනින් කි‍්‍රයාත්මක වීම ජීවිත රැුසක අවදානම අඩුවෙනු ඇත.





2015-07-23
Advertisement

Find us on Facebook