English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයට පහරදීම ගැන නඩුව නැවත ගොනු කිරීමට අධිකරණ නියෝගයක්!

රවීන්ද්‍ර ප‍්‍රනාන්දු ඇතුලූ මැරයන් පිරිසක් විසින් ගිනිඅවි රැගෙන පැමිණ වීදියේ විරෝධය කණ්ඩායමට සිදු කළ කෲර පහරදීමට එරෙහි නඩුව අද‍්‍ර (22) දින හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැඳවීය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් ප‍්‍රකාශ කර සිටියේ පොලීසිය විසින් මෙම නඩුව දණ්ඩනීති සංග‍්‍රහයේ 140 යටතේ නීති විරෝධි රැස්වීමක සමාජිකයෙක් වීම සහ 314 යටතේ සුලූ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ පමණක් චෝදනා ගොනුකර තිබීම අගතියට පත් පාර්ශවයට අසාධාරණයක් වී ඇති බවයි. එම නිසා මේ සම්බන්ධව පොලීසිය විසින් නිසියාකාරව විමර්ශනයක් නැවත සිදු කර ජයතිලක බණ්ඩාර ඇතුලූ වීදියේ විරෝධය කණ්ඩායමට හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුලූ පිරිස ගිණි අවි රැගෙන තර්ජනය කරමින් පහරදීම සම්බන්ධව අගතියටපත් පාර්ෂවය විසින් හම්බන්තොට පොලීසිය වෙත කළ පැමිණිල්ලත් ඉන් පසුව පොලිස්පති වෙත සිදු කළ ලිඛිත පැමිණිල්ලත් අනුව පොලිසිය විසින් අපක්ෂාපතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී.

නීතිඥ සේනක පෙරේරා මහතා තව දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙම චෝදනා පත‍්‍රය අනුව නඩුව විභාග කළහොත් අගතියට පත් පාර්ශවයට අප‍්‍රතිකාරී හානියක් වගේම අගතියක් සිදුවන බැවින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 108 වගන්තිය අනුව චෝදනා පත‍්‍රය නැවත සංශෝධනය කරන ලෙසට සහ මෙම සිදුවිම සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් කිරීමට පොලිසියට නියෝග කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නඩුව විභාගය ලැයිස්තුවෙන් ඉවත් කර තංගල්ල පොලිස් අධිකාරිවරයා යටතේ නැවත විමර්ශණයක් සිදුකීරීමට කිරීමට නියෝග කරන ලදී. එමෙන්ම එම විමර්ශණවල ප‍්‍රගතිය ලබන සැප්තැම්බර් මස9 වනදා අධිකරණයට වාර්තා කරණ ලෙස නියෝගකර සිටින ලදී.

පසුගිය කාලය පුරාම නගරාධිපති එරාජ් විසින් ගිනි අවි භාවිතා කරමින් මැර ප‍්‍රහාර සිදු කලද ඒ සෑම තැනකදීම නගරාධිපති එරාජ් ඉන් පසුව නිදැල්ලේ සීටීමට පහසුකම් සැලසුනේ රාජපක්ෂ පාලන කාලයේ යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය සෝදාපාලූවට ලක්වීම නිසාය

නමුත් අද දින හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය යුක්තිය සහ නිතියේ ආධිපත්‍ය පිළිබද නැවතත් ලංකාවේ පුරවැසියන්ට බලාපොරොත්තු තබාගත හැකි නියෝගයක් බව නීතිවේදීහු සහ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් විසින් පෙන්වා දෙති.




2015-07-22
Advertisement

Find us on Facebook