English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යුධ අපරාධ විමර්ශන ඉල්ලීම පාර්ලිමේන්තු විවාදයකට !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය විසින් ඊයේ (ජුනි 10) කවුන්සිලයේ 26 වන සැසිවාරය අමතමින් ශ‍්‍රි ලංකාවේ අවසන් සටන්වලදී සිදු වු යුධ අපරාධ වෙනුවෙන් දැනට යෝජනා වි තිබෙන විමර්ශන මණ්ඩලයට සහාය ලබාදෙන ලෙසට ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. එම විමර්ශන කටයුත්තට දිගින් දිගටම දැඩි ලෙස විරෝධය පෑ ශ‍්‍රි ලංකා රජය, අවසානයේදි ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප‍්‍රතිචාර කෙබදුද යන්න දැනගැනීමට ඊයේ (ජුනි10) තීරණය කරයි. ඒ අනුව පිල්ලේ මහත්මියගේ යුධ අපරාධ විමර්ශන ඉල්ලීම පාර්ලිමේන්තු විවාදයක් දක්වා ගමන්කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් දිිගින් දිගටම සිදු කෙරෙන එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින්, ඊයේ (ජුනි 10) ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාරක සභාවත් මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙසට සාකච්ඡ කර ඇත. සාකච්ඡව ආරම්භයේදිම අභ්‍යන්තර කටයුතු භාර ඇමති ජී. ඇල් පීරිස් මහතා විසින් පිල්ලේ මහත්මිය තමන් වෙත එවන්නට යෙදුණු ලිපියේ අන්තර්ගතය මධ්‍යම කාරක සභා සාමාජිකයින් හට සාරංශ කර ඇත.

දිර්ඝ සාකච්ඡ වලින් අනතුරුව, පිල්ලේ මහත්මියගේ ඉල්ලීමෙහි ඇති ජාතික වැදගත්කම සළකා බලමින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මතය කුමක්ද යන්න විමසා බැලීමට තීරණයකර ඇති අතර, නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා විසින් කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලිමට තීරණය කර ඇත.

සත්‍යය දැනගැනීම සඳහා සිදු කිරීමට නියමිත මෙම විමර්ශනය සඳහා ශ‍්‍රී ලංකා රජය සහයවි අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා ලෙසට තමන් ඉල්ලා සිටින බව ඊයේ සිය සැසිය ඇමතිමේදි සඳහන් කළ පිල්ලේ මහත්මිය, විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් යුධ අපරාධ විමර්ශන මණ්ඩලය සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබාදීමට ද තමන් කි‍්‍රයා කළේ යැයි පැවසීය.

කෙසේවෙතත්, මෙම විමර්ශන කටයුත්ත ජිනීවා, බර්ලින්, ඔස්ලෝ, ලන්ඩන් සහ ටොරෙන්ටෝ යන රටවල සිට ආරම් කිරීමට තීරණය කරඇති බව ද වාර්තා වෙයි.
-මෙලනි -





2014-06-11
Advertisement

Find us on Facebook