English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කළු ජූලිය ට වසර 32 යි. තවත් කළු ජූනියක්වත්, ජූලියක් වත් එපා !
කළු ජූලිය ට වසර 32 යි. තවත් කළු ජූනියක්වත්, ජූලියක් වත් එපා !
1983 ජූලි කලබල ඇති වී මේ වසරේ ජූලි 23 වෙනි දිනට වසර 32 ක් ගතවේ. මේ වසර 32 තුළ ලංකාව විවිධ පරිහානියන්ට පත් විය. මානව, සංස්කෘතික, දේශපාලන,සමාජීය තත්ත්වයන් නාය ගියේය. හදිසි නීතිය යටතේ උපන් සමහර තරුණ තරුණියන් නිදහස් ලෝකයක් නොදැක හදිසි නීතිය මැද්දේම, ආයුධ සන්නද්ධව මිය ගියේය. සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයක් එකිනෙකාගෙන් ඈත් විය. දේශපාලන බල අධිකාරිය නැවත නැවතත් ජාතිවාදය තම දේශපාලනයට භාවිතා කරමින් සිටියි. තවමත් 83 න් පසුව රටින් නික්ම ගිය පවුල් ශ‍්‍රී ලංකාවට පැමිණ නැත. ඉන්දියාවට පලා ගිය සරණාගතයන් දැන් ඉන්දියාවේ කඳවුරු වල ජීවත් වෙයි. 83 වන විට තම ස්වර්ණමය අවදිය පසුකරමින් සිටි ශ‍්‍රී ලාංකික සිනමාව තවමත් ගොඩගැනීමට නොහැකි වී ඇති එක් කරුණක් වන්නේ 83 කලබල වලදී සිදුවූ බලපෑමයි.
83 න් පසුව උපන් තරුණ තරුණයන්ගේ ඡුන්ද මතින් දැන් ගොඩනැගෙන රාජ්‍යයේ තරුණ තරුණියන්ට මේ ගැන අවබෝධයක් හෝ වුවමනාවක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සාමුහිකව ජීවත්වූ 83 පෙර කාලයන් ගැන අවබෝධයක් නැත. තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.
2015 ජනවාරි 08 වෙනි ලැබූ ජය වඩාත් ගැඹුරු ජයග‍්‍රහණයක් බවට පරිවර්තනය කළ හැකි වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ප‍්‍රජාවන්ට බියෙන්, සැකෙන්, තොරව එකිනෙකා ගැන අවබෝධයකින් ජීවත් වීමට වට පිටාවක් සකස් කර දීමෙන් පසුවය. ඉදිරියේ දී බලයට පත්වන රජයටත්, පාර්ලිමේන්තුවටත් ඒ ගැන විශාල වගකීමක් ඇත. එසේ නොවන්නේ නම් සමාජය පුරාම උඩු දුවා ඇති ජාතිවාදය මතු කර යම් ගැටුමක් ඇති කිරීමට තැත් කරන බලවේගයන්ට ජයගැනීමට හැකියාව ලදහොත් එහි බලපෑමෙන් මුළු සමාජයම නැවතත් ගැඹුරු අගාධයකට තල්ලූ වී යනු නොඅනුමානය.
යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ප‍්‍රශ්ණයත්, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ගැටලූ විසඳීම සඳහා රජය විසින් ඉතා ඉක්මනින් පියවර ගැනීම කළ යුතුය. එසේ නොවන්නේ නම් ඒ ඇතිවන කළ කිරීම ඔවුන්ට නැවත නැවතත් සිංහල සමාජය කෙරෙහි ඇති විශ්වාසය බිඳී යා  හැකිය. ඉන්දියාව බලපෑම් කරන නිසාවත්, ජාත්‍යයන්තරයට පිළිතුරු සැපයීය යුතු නිසාවත් නොව, තමන්ගේ ජනතාවගේ ගැටලූ විසඳීමට නිර්ව්‍යාජ පියවරයන්බ තුලින් සමාජය සංහිඳියාවට පත් කළ හැකි වනු ඇත.
වීදියේ විරෝධය විසින් ජාතිවාදයට එරෙහිව 2015 ජූලි 24 වෙනි දින කොළඹ කොටුවේ දී  අත්පති‍්‍රකා බෙදීමක් සිදුකිරිමට නියමිතය.




2015-07-22
Advertisement

Find us on Facebook