English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මේ ජූලි මාසයයි..........ජාතිවාදී විරෝධතා හෝ ගැටුමක් ඇති කිරීමට අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි.
මේ ජූලි මාසයයි..........ජාතිවාදී විරෝධතා හෝ ගැටුමක් ඇති කිරීමට අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි.

පසුගිය ඉරුදින එනම් ජූලි 19 වෙනි දින කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවති පකිස්ථාන සහ ශ‍්‍රී ලංකා තුන්වෙනි එක්දින කි‍්‍රකට් තරගයේ දී ශ‍්‍රී ලංකාව කඩුළු 07 ක් දැවී යද්දී ක‍්‍රීඩාලෝලීන් අතර ඇතිවුනු ගැටුම සිංහල මුස්ලිම් ගැටුමක් ලෙස අර්ථ දක්වමින් ප‍්‍රචාරයක් ගෙන ගියේය. සිරියානු ගුවන් ප‍්‍රහාරයකින් මියගිය අයි.එස්. සටන්කාමියෙක් ලෙස හඳුන්වන අබු ෂුරේන් යසිලානි නම් මහනුවර වැරැුල්ලගම පදිංචි පුද්ගලයාගේ තතු විත්ති වලට වැඩි අවධානයක් යොමු වි තිබේ. තත්ත්වයන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සහ කිරීමටත් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කිරීමත් නිසා තරමක් අවධානම් තත්ත්වයක් බව පෙනේ.
කි‍්‍රකට් තරගයේදී සිදුවූයේ දෙපාර්ශවයක් අතර ගැටුමක් බවත්, ඉන් පසුව පිරිස කලබල වී තත්ත්වය උත්සන්න වූ බවත්, කැරළි මර්ධන ඒකකයන් සහ හමුදාව කැඳවා නැවත තරගය ආරම්භ කරන ලද බවත් පුවත් පළ වී තිබේ. මෙම සිදුවීම අහඹු සිදුවීමක් විය හැකි නමුත් ඊට සමහර දේශපාලනඥයින් සහ ජනමාධ්‍යයන් විසින් ලබා දෙන අර්ථ කථන නිසා ජනතාව අතර සැක සංකා ඇතිවීමට ඉඩ තිබේ.
පසුගිය දිනක සිරියාවේ ගුවන් ප‍්‍රහාරයකින් මියගිය අබු ෂුරේන් යසිලානි නැමති තරුණයා සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත් වලත් වෙබ් අඩවි වලත් පලවී තිබේ. මධ්‍යම පලාත බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටියි. ඔහු ගලේවල නගරයේ පිහිටි ජාත්‍යයන්තර පාසැලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කළ බවද, ඔහුට ආරාබි, උර්දු, සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂාවන් හොඳින් කතා කළ හැති බව ද, පකිස්ථානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයෙන් නිති උපාධියක් ලබා ඇති බවද, වාර්තා වි තිබේ.
මේ තත්ත්වයන් තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති සැකය තවත් වැඩි කරමින් එයින් යම් යම් වාසි ලබාගැනීමට ඡුන්දය හොඳම අවස්ථාවක් බව දේශපාලකයන් දනියි. අප මේ පසු කරමින් සිටින්නේ ද එවැනි ජාතිවාදි ගිනිදැල් වලින් කිහිප අවස්ථාවකදීම රට විනාශ කළ ජූලි මාසයයි. අවබෝධයක් ඇති දේශපාලකයන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන අවදියෙන් සිටීම ඉතා වැදගත් බව පෙනේ.




2015-07-21
Advertisement

Find us on Facebook