English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වත්කම් ප‍්‍රකාශන ගැන මැතිවරණ කොමසාරිස් තදින් සිටියි.
වත්කම් ප‍්‍රකාශන ගැන මැතිවරණ කොමසාරිස් තදින් සිටියි.

තමන්ගේ වත්කම් ප‍්‍රකාශ නොකරන මහමැතිවරණ අපේක්ෂකයන්ට මැතිවරණය සඳහා නිකුත් කරන හැඳුණුම්පත නිකුත් නොකරන මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරයි. මැතිවරණ නීතිය අනුව මැතිවරණ අපේක්ෂකයන් විසින් තමන්ගේ වත්කම් ප‍්‍රකාශය ලබා දිය යුතුය. ඒ සඳහා ඔහු යම් කාල සීමාවක් ලබා දෙයි. දැනට අපේ්ක්ෂකයන් වැඩි ප‍්‍රමාණයක් තමන්ගේ වත්කම් ප‍්‍රකාශන ලබා දී නැත. කොමසාරිස්වරයාට ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවූයේ මේ නිසයි.
රටේ දැනට පවතින තත්ත්වය අනුව වැරදිකරුවන්ට, ජනතා දේපොල අයාථා ලෙස භාවිතා කරන ලද පුද්ගලයන්ට, අල්ලස්, ¥ෂණයන්ට සම්බන්ධ පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීමට එරෙහිවූ ජනතා සංවිධාන දැන් ඔවුන්ට ඡුන්දය ලබා නොදීමට ජනතාව පෙළ ගස්වමින් සිටියි. මැතිවරණ වේදිකාව වල ද මේ සම්බන්ධයෙන් විරෝධතා මතුවෙමින් සිටියි.

මැතිවරණ කොමසාරිස් වරයා වත්කම් ප‍්‍රකාශන ගැන තදින් සිටින්නේ නම් එය ද ජනතාවට අපේක්ෂකයන් සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කර ගැනීමට හැකියාව ලැබේ. විශාල සිවිල් සංවිධාන ව්‍යාපාර ගණනාවක් ¥ෂිතයන් පරාජය කිරීම සඳහා සඳහා තමන්ගේ කි‍්‍රයාකාරකම් වැඩි කරමින් සිටියි.
රයිට් ටු ලයිෆ් සංවිධානය ද විදියේ විරෝධය සමග එක්ව, ¥ෂිතයන් දේශපාලනයෙන් පලවා හැරීම සඳහා ජූලි 10 වෙනි දින කළු විරෝධය නමින් විරෝධතාවයක් ඇරඹි අතර එය ද ඉදිරියේ විවිධ පලාත්වල කි‍්‍රයාත්මක කිරීමට සියල්ල සූදානම් කරමින් තිබේ.




2015-07-21
Advertisement

Find us on Facebook