English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


19 වන ව්‍යවස්ථාව යථාර්තයක් ද? ඇස්බැන්දුමක් ද?
19 වන ව්‍යවස්ථාව යථාර්තයක් ද? ඇස්බැන්දුමක් ද?
ජේ.ආර් ජයවර්ධන මහතා විසින් සම්මත කරනු ලැබූ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යම් කිසි මානුෂික මුහුණුවරක් ලබා දීම ස`දහා අවස්ථා දෙකක දී  13 වන සහ 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන එනු ලැබුවත්, ඉන් මෙම අමානුෂික ඒකාධිපති ව්‍යවස්ථාවට මානුෂික මුහුණුවරක් ලබා දීමට නොහැකි විය.
එයට හේතු කිහිපයක් බලපෑ අතර ඉන් ප‍්‍රධාන හේතුවක් ලෙස පෙනී ගියේ මෙම අමානුෂික ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ඇත්ත දේශපාලන වුවමනාවක් ජේ.ආර් ගෙන් පසු රට පාලනය කළ කිසිදු රාජ්‍ය නායකයෙකුට නොතිබීමයි. මෙම කෲර හා අමානුෂික ව්‍යවස්ථාවට දෙස් දෙවොල් තබමින් බලයට පැමිණි රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු මෙම ඒකාධිපති ව්‍යවස්ථාවේ ඇති කුණු රසයෙන් සංතර්පණය වී එය ආරක්ෂා කිරීමටත් එය තව තවත් බලසම්පන්න කිරීමටත් කටයුතු කරන ලදී.  
එලෙසම, මෙම අමානුෂික ව්‍යවස්ථාව විනාශ කර දැමීම වෙනුවෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ, ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් පරදවා ජේ.ආර් ජයවර්ධන මහතා ගෙන එනු ලැබූ ඒකාධිපති අමානුෂික ව්‍යවස්ථාවට එක්කරනු ලැබූ 18වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වියරු රාජආණ්ඩු ක‍්‍රමයක් දක්වා පරිවර්තනය කරන ලදී.   
පසුගිය ජනවාරි 08 මේ රටේ ලක්ෂ 62ක් වූ බහුතර ජනතාව එක්ව ප‍්‍රකාශ කර සිටියේ මෙම වියරු රාජආණ්ඩු ක‍්‍රමය වහා වෙනස් කිරීමට කටයුතු කරන ලෙසයි, එහි වගකීම බාරගත් පොදු අපේක්ෂක, වර්තමාණ ජනාධිපති එහි පළමු පියවර ලෙස පැරණි ව්‍යවස්ථාවට අණ්ඩ දැමීම ආරම්භ කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ලැබීය.
කඩිමුඩියේ ගෙන එනු ලැබු මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධණය සම්මත කිරීමට ප‍්‍රථම අවස්ථා 154 දී එය සංශෝධනය වූ බවත්, මෙම ව්‍යවස්ථාව ගෙන ඒමේ දී එහි තිබූ මුල් පරමාර්ථයන්ට එම සංශෝධණයන් හරහා භාදා එල්ල වූ බවත් අප වෙත වාර්තා විය.
ඒ කෙසේ වෙතත්, අද වන විට මෙම 19 වන සංශෝධනය සම්මත කර මාස දෙකකුත් සම්පුර්ණ වී තිබේ. නමුත් මෙම සංශෝධනය තුලින් ලබා ගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරප‍්‍රසාද ලබා ගැනීමට මේ රටේ ජනතාවට මෙතෙක් අවස්ථාවක් ලැබී නැති තරම්ය. එමෙන්ම මේ සම්බන්ධව අවබෝධයක් බොහෝ අයට නොමැති තරම්ය.
මෙම සංශෝධණය සම්බන්ධව අප අතර යම් එකගතාවයන් පැවතියත් කඩි මුඩියේ ගෙන එනු ලැබූ මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අප අතර විධිමත් සාකච්ඡුාවක් පවා නොපැවතුනි.
එබැවින්, ප‍්‍රමාද වී හෝ මෙම මහ මැතිවරණ සමයේ දී අපට ඉඩ නොලැබුණු එම සාකච්ඡුාව නැවත ආරම්භ කිරීම වැදගත් යැයි අප කල්පනා කළ බැවින්, 19 ව්‍යවස්ථාව යථාර්තයක්ද? ඇස්බැන්දුමක්ද? යන තේමාව යටතේ මේ සම්බන්ධව පුලූල් සංවාදයක් ඇති කිරීම ස`දහා මහජන විනිශ්චය සභාවක් සංවිධානය කිරීමට අප සැලසුම්කර තිබේ.
මෙම මහජන විනිශ්චය සභාව ජූලි 27 වන දින සවස 3 සිට 6 දක්වා කොළඹ 07 පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට බලාපොරොත්තු වේ.
මහජන විනිශ්චය සභාව
ප‍්‍රවීන මාධ්‍යවේදී - වික්ටර් අයිවන්, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ ජේ.සී වැලිඅමුණ, නීතිඥ එස්.ජී. පුංචිහේවා, නීතිඥ හරිෂ්ක සමරනායක, ප‍්‍රවීන චිත‍්‍රපටි  ධර්මසිරි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතය.


2015-07-16
Advertisement

Find us on Facebook