English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කළ මිනීමරුවන්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කරන්න



තිරුක්කෝවිල් කැලේදී පොලිස් නිළධාරීන් 600 ක් ඝාතනය කළ මිනීමරුවන්ට ඇමතිකම් ලබාදුන් රජය වෙනස් කිරීම සඳහා ජාතික යුතුකම ඉටුකරන ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සියලූ පොලිස් නිළධාරීන්ගෙන් ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලීමක් කර තිබේ. එසේ ඝාතනයට ලක්වූ පොලිස් නිළධාරීන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා මේ පාලනය වෙනස් කළ යුතු බවත් ඊට හොඳම අවස්ථාව මේ ජනාධිපතිවරණ බවත් ජනවාරි 8 වනදා ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සඳහා ඉතා වගකීමෙන් ඡන්දය භාවිත කරන ලෙසත් ඔහු සියලූ පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන පොලිස් කොමිසමක් හා ස්වාධීන අධිකරණ කොමිසමක් යටතේ නීතිය හා සාමය ස්ථාපනය කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිළිවම ප්‍රකාශකර තිබේ. ඒකාධිපති තත්ත්වයකට යමින් ඇති රට නැවත ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන ඒම හොඳම අවස්ථාව මේ ජනාධිපතිවරණයයි.

මේ වන විට පොලිසිය දේශපාලනීකරණය වී තිබේ. පොලිසියේ නිළධාරීන්ට පොලිසිය හැර යාමට සිදුව ඇත. මේ තත්ත්වය වෙනස්කොට ස්වාධීන පොලිස් සේවයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය තීරණය ගැනීම පොලිස් නිළධාරීන්ගේ යුතුකම බවද ශ්‍රී ලංකා පොලිසිය තුළ ලොව දක්‍ෂතම නිළධාරීහු සිටියද එහෙත් ඔවුන්ට ඉතා ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුව ඇති බවද ඒ මහතා පවසයි.


නීතිය හා සාමය අගය කරන, සියලූ ජනවර්ග වලට නිදහස්ව හා ස්වාධීනව ජීවත්විය හැකි නව ශ්‍රී ලංකාවක අරුණලූ උදාකරගැනීම සඳහා ලබන 8 වනදා පොලිස් නිළධාරීන් සිය යුතුකම ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම - Read Sri Lanka
-MMP



2015-01-06
Advertisement

Find us on Facebook