English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලැබෙන අවම අවකාශයේත් දැනුවත් කිරීම් සිදුකරනවා !

ජනවාරි 03වෙනිදා සැළසුම් කරතිබු ආකාරයට හලාවත දී වියරුවට එරෙහිව වීදියේ විරෝධය ඉදිරිපත් කරන්නට අවකාශ නොලැබිණි. විදියේ විරෝධය ආරම්භයේදි නීතිය සුරකින මහජන ආරක්‍ෂාව සපයන පොලිසිය විසින් සහය ලබාදුන්න ද විදීයේ විරෝදය ආරම්භකර හෝරාවක් පමණ ගතවු පසුව පොලීසියේ බලපෑමක් එල්ලවන්නට විය.  හලාවත මූලස්ථාන පොලිස් පරික්‍ෂක පී. කස්තුරිආරච්චි විදීයේ විරෝධයට අවවාද කළේ පාගමන් යන්නට දෙන්නට ඉඩදිය නොහැකි බවත්, පත්තරය අලෙවි කරන්නට, මෙගාෆෝන් භාවිතා කරන්නට සහ පති‍්‍රකා බෙදන්නට ඉඩදිය නොහැකියැයි කියාය. පසුව හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ද පැමිණ එකම වගන්ති පැවසු නමුත් පැය භාගයක පමණ වෙිලාවක් ලබාදෙමින් විදීයේ විරෝධය සමාප්ත කරන්නටැයි ඉතාම කාරූණීකව ඉල්ලා සිටියේය. හුදෙක් ඉල්ලා සිටියේ, අපට වැටහෙනවා ඔබලා කරන දේ. නමුත් මේ නිල ඇඳුම ඇඳගෙන ඉන්නේ ඔබලා වගේම පුද්ගලයෙක් බව තේරුම් ගන්න උත්සාහා කරන්න. අපිට සහය වෙන්න. එසේ කීයු සහකාර පොලිස් අධිකාරිවරයාගෙත් මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයගෙත් මුවින් නොකි දෑස් වලින් විදියේ් විරෝධයට කියා පෑ දේ අපිදු තේරුම් ගතිමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවියට අදහස් දැක්වු ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මෙන්ම විදියේ විරෝධයේ සංවිධායකයෙකු වන හර්මන් කුමාර -

සිවිල් සමාජ සංවිධාන ලෙසට අපි අපේක්‍ෂාකරන යහපත් සමාජය වෙනසක් ඇති කිරීම සඳහා ,යහපාලනයක් වෙනුවෙන් අපි ඉදිරිපත් කරන යෝජනා මාලාව ජනතාව අතර බෙදා දෙමින් ජනවාරි 08 වෙනිදාට පුරවැසියන් විධියට මොනවගේ තීන්දුවක් ගතයුතුද යන කාරණාව පිිළිබඳව ජනතාව දැනුවත් කරන්න, ඒ පිළිබඳව ඔවුන්ව පහසු කරවන්නයි අපි අද හලාවතට ආවේ. වෙනසක් ඇති කළ යුතුයි මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි කියන පණිවුඩය ජනතාවට ඒත්තු ගන්වන්නයි. අපි පක්‍ෂයකට කැම්පේන්ග් කළා නොවෙයි. නමුත් පොලීසිය පළමුවෙන්ම අපේ ජනබලය කියන පත්තරය නීති විරෝධීයි කියලා නවත්වන්න කිව්වා. අපි අකමැත්තෙන් හරි ඒ ඉල්ලීමට ගරු කළා මොකද අපි නීතිගරුක පුරවැසියො නිසා. එතුමා පළාත භාර පොලිස් නිළධාරියා ලෙසට කළ ඉල්ලීමට ගරුකරලා පත්තරය අලෙවිය නැවැත්වුවා. නමුත් මඳ දුරක් අපේ ගමන යනකොට ඒ පොලිස් නිළධාරියාම නැවත ඇවිත් අපිට කියනවා අපේ මෙගාෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා ජනතාව ආමන්ත‍්‍රණය කරන්න. ඒ ඉල්ලීමනම් කොහොත්ම සාධාරණ නැහැ. ඩෙසිබල් 66 ට අඩුවෙන් ඔිනෑම ශබ්ද විකාශනයකින් ජනතාව අමතන්නට පුළුවන්. නමුත් ඒ ඉල්ලීමටත් අපි ගරුකළා. නමුත් අපේ පත‍්‍රිකා බෙදිල්ලත් නවත්වන්නයි අවසානෙදි ඒ පොලිස් නිළධාරියාගේ ඉල්ලීම වුණේ. අපි අහන්නේ මොන නීතිය යටතෙද අපිට මේ පත‍්‍රිකා බෙදන්න එපා කියන්නේ ? පත‍්‍රිකාවක් බෙදන්න පාගමනින් ගිහිං ජනතාව දැනුවත් කරන්න මත දරණ මතයක් ප‍්‍රකාශ කරන්න අපිට අයිතියක් තිබෙනවා. නමුත් ඒකට බාධාකරන්න පොලිස් නිළධාරීන් ක‍්‍රියාකරනවානම් ඒක මේ රටේ නීතිය නෙවෙයි. අපි නැවත නැවතත් ඉල්ලා සිටියා ඔවුන් නීතිගරුක නිළධාරින් නම් අපේ මේ ක‍්‍රියාවට සහය වෙන්න කියලා, නමුත් ඔවුන් එකහෙළා කියා සිටියේ ඊට ඉඩදිය නොහැකි බවයි. ඒ නිසා, ඊට ගරුකරමින් අපේ උත්සාහය අපිට මේ ආකාරයෙන් ශබ්ද රහිතව සරළ ආකාරයෙන් සිදුකරන්න සිද්ධ වුණා. නමුත් අපි, අපිට ලැබෙන අවම අවකාශයේත් දැනුවත් කිරීම් සිදුකරනවා.

ජනවාරි 08 වෙනිදා ට ජනතාව තින්දුවක් ගන්න තිබෙනවා, රටේ තිබෙන නීතිගරුක නැති සමාජය වෙනස් කරලා නීතිගරුක සමාජයක් බිහිකරගන්නට, සම්පත් කොල්ලකන ආණ්ඩුවක් වෙනුවට ජනතාවගේ හා රජයේ සම්පත් ආරක්‍ෂාකරන ආණ්ඩුවක් පත්කරගන්නට, මේ රටේ ගොවියන්ට කම්කරුවන්ට ධීවරයින්ට නිදහසේ තමන්ගේ රැකියාවන් කරගෙන ජිවත්වෙන්නට, සම්පත් ආරක්‍ෂාකරගන්නට, එසේ කරගන්නට පුළුවන්වෙන වාතාවරණයක් හදාගන්නට ක‍්‍රියා කළ යුතුයි කියන පණිවුඩයයි අපි ලබාදෙන්නෙ. ඒ පණිවුඩයයි අපි මේ පාරට ඇවිත් කියන්නේ. ඒකටයි මෙහෙම අපිට බාධා කරන්නේ. එහෙමනම් මේ සම්පත් කොල්ලකන මිනිස්සුන්ගෙ පැත්තෙ තමයි මේ පොලීිසිය ඉන්නෙ. අපි ඒකට තමයි විරුද්ධ. ඒක තමයි අපි මේ වෙනස්කරන්න උත්සාහා ගන්නෙ. අපිට ලැජ්ජයි නිතිගරුක විය යුතුව ඇති ශ‍්‍රිලංකාවේ පොලීසිය සම්පත් කොල්ලකන අයව ආරක්‍ෂා කරනවා, සමිපත් ආරක්‍ෂ කරන අපිව මර්දනය කරනවා. යහපාලනයක් ඇතිකරන්න උත්සාහා කරන මිනිස්සුන්ට බාධා කරනවා. මේ තත්ත්වය අපි නැති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍යකරන වාතාවරණය ඇතිකරගත යුතුයි. මේවා සම්බන්ධයෙන් කථාකරන්න මිනිස්සු බයයි. ඒ තත්ත්වය වෙනස් කරන්න ජනවාරි 08 වෙනිදාට අපි හැම දෙනාම ක‍්‍රියාත්මක වෙන්න  ඕනේ. මේ රට, අපේ දරුවන්ට අපිට නිදහසේ ජීවත්වෙන්න හැකි ආකාරයෙන් දැන්වත් අපි ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ අපේ පූර්ණ දායකත්වයයි එළඹෙන 08 වෙනිදාට.

සටහන හා ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා




2015-01-06
Advertisement

Find us on Facebook