English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධය සමාප්තියට මහින්දගෙන් බලපෑම් !

අද (ජනවාරි 05) පස්වරුවෙි කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වන්නට සැළසුම්කර තිබු වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන්” වීදියේ විරෝධය සමාප්ති වැඩසටහන සැළසුම්කර තිබූ ආකාරයට ඉදිරිපත් කරන්නට නොහැකි වු බව විදියේ විරෝධයේ සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශ කළේය.

ඔවුන්ගේ සමාප්ති උළෙලේ සැළසුම කඩාකප්පල් වීමට බලපෑ එකම හේතුව වුයේ මහින්ද ඇතුළු 25 දෙනෙකු පමණ ඔහුගේ ටීම් එක, දුම්රියපොළ ඉදිරිපිට පදිකය සම්පුර්ණයෙන් භුක්ති විඳිමින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටි නිසා යැයි  ඕව්හු කියති.

මහින්ද කහඳගමගේ නැමති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවා ඇතුළු ඔහුගේ ටීම් එක සිය සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පත‍්‍රිකා, දිනදර්ශන, පොත් යනාදිය බෙදමින් මැතිවරණ ප‍්‍රචාරණයක යෙදෙමින් සමස්ත පදිකය අත්පත්කරගෙන සිටි බවත් ඔවුන් සියලූම දෙනා මහින් රාජපක්‍ෂගේ රුව මුද්‍රණය කළ ටී ෂර්ට්ස් වලින් සැරසී ”ජනපති මහින්ද දිනවමු” ලෙසට ලියු නිල් රතු හිස්වැසුම්ලා සිටි බවත් විදීයේ විරෝධයේ සංවිධායකයින් පැවසූහ.

එමෙන්ම යම්හෙයකින් වීදියේ විරෝධය වැඩසටහන ආරම්භකළේ නම්, යම් කිසි ගැටුමකට සුදානමින් විදියේ විරෝධය කණ්ඩායම පත‍්‍රිකා බෙදමින් සිටි ස්ථානයට විටෙන් විට පැමිණෙමින් ඔවුන් ද පත‍්‍රිකා බෙදමින් අනවශ්‍ය කථා පටලවා ගන්නට උත්සාහයක තිබුණු බව ද  ඕවිහු ප‍්‍රකාශ කළෝය.

කෙසේවෙතත්, වීදියේ විරෝධය සැළසුම්කළ වැඩසටහන් අතරින් ”වෙනසකට මුල පුරමු” පති‍්‍රකාව පමණක් බෙදාහැරීම සිදුකළ බවත් සැළසුම්කර තිබු අන් කිසිඳු වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්නට කිසිඳු අවකාශයක් නොලැබුණේ යැයි සංවිධායකවරු පැවසුහ.

”අනවශ්‍ය පුද්ගලයින් එක්ක, අනවශ්‍ය පටලැවිි නිර්මාණයකර ගන්නට අපිට කිසිම  ඕනෙකමක් නැහැ. අපේ අත්දැකීම තමයි, යම්කිසි ප‍්‍රශ්නයක් ඇත්නම් එය කටින් විසඳාගන්නවා වෙනුවට අපිට විරුද්ධව එන සෑම පුද්ගලයෙක් ම හෝ කණ්ඩායමක් අපට පහර දෙන්නට හෝ අලාබ හානි පමුණුවන්නට තමයි සුදානම්වෙලා එන්නේ . කෙසේ වෙතත් අපි ප‍්‍රචණ්ඩත්වයට හා හිංසාවට අකමැතිියි, මොකද අපි මානව හිමිකම් සුරකින්නන් විධියට මේ සමාජය තුළ ජිවත්වන නිසාත් ඒ වෙනුවෙන් ක‍්‍රියාකරන්නන් නිසාත්. මේ සිද්ධිය තුළ අපිට පෙනෙනවා මේ මැතිවරණය අත ළඟට පැමිණ තිබුණත් ලංකාවේ කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ආරක්‍ෂා වෙනවාද කියලා. අදහස් ප‍්‍රකාශකරන්නට ඇති අයිතිය කොතෙක් දුරට ආරක්‍ෂා වෙනවාද කියා අපිට දැන් හොඳින් ම වැටහෙනවා.” යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් මෙන්ම විදියේ විරෝධයේ සංවිධායක කමිටුවේ පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, විදීයේ් විරෝධයේ ඡායාරූප ශිල්පීන්ට ද මහින්ද ටීම් එක නොයෙක් වර බාධා පමුණුවා තිබු අතර ඔවුන්ගේ ඡායාරූප ගැනීමෙන් වැළකී සිටින ලෙසට ද තර්ජනය කර තිබු බවත් ගනු ලැබු ඡායාරූප මහින්ද ටීම් එකට පෙන්වන ලෙසටත් ඒවා මකා දමන ලෙසටත් තර්ජනාත්මකව පවසා ඇත. ”කැමරා එක ගෙදර ගෙනියන්න  ඕනෙද” යනුවෙන් කාන්තා ඡායාරූප ශිල්පිනියකගෙන් මහින්ද ටීම් හී කෙනෙකු ප‍්‍රශ්න කළ බවද ඇය අයිතියට ප‍්‍රකාශ කළේය.

සටහන සහා ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2015-01-05
Advertisement

Find us on Facebook