English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයේදි පොලීසිය සිය නිල ඇදුම බේරාගැනීමට දත කයි !

අද, ජනවාරි 03 වෙනිදා වීදියේ විරෝධය සංවිධානය කර තිබුණේ හලාවත නගරයේ වන අතර උදෑසන 10යට වීදියේ විරෝධය කණ්ඩායම මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කළේ හලාවත පොලිසීයේ සහයෝගය සමගින්ය. එහෙත් අතරමගදී දැවැන්ත පොලිස් බාධාකිරිමක් හේතුවෙන් විදීයේ විරෝධයේ ඇතැම් කාර්යයන් නවතා දැමීමට සිදුවිය. එය හුදෙක් පොලිස් නිළධාරීන්ගේ නිල ඇදුම සහිත තනතුරුආරක්‍ෂාකර දීම සඳහාය.

වීදියේ විරෝධය කණ්ඩායම, වීදි නාට්‍ය ගායනා සමගින් විථී ඔස්සේ පත‍්‍රිකා බෙදීමේ කාර්යය හලාවත සාන්ත මරියා විද්්‍යාලය අසළින් ආරම්භ කළ අතර ඒ සඳහා පොලිසියේ සහය ද ලැබිණි. එහෙත් මද දුරක් යන විට හලාවත මූලස්ථාන පොලිස් පරික්‍ෂක පී කස්තුරිආරච්චි ගේ දැනුවත් කිරීමකට සවන්දෙන්නට විදීයේ විරෝධයේ කණ්ඩායමට සිදුවුණි.

"ඔයාලාට මෙහෙම පාරේ සිංදු කිය කියා, මෙගාෆෝන්ස් වලින් කෑ ගහගහා, යන්න දෙන්න බැහැ. මේ මැතිවරණ කාලේ පස්දෙනෙකුට වඩා ඒකරාශිවෙලා ඉන්න දෙන්න බැහැ. අනික පත්තරයක් විකුණනවා. ඔයාලා දන්නවානේ පත්තරේ මොනවාද තියෙන්නෙ කියලා. මිනිස්සු කියයි අපි එක පක්‍ෂයකට සහය දක්වනවා කියලා. අපිට ඒකට ඉඩදෙන්න බැහැ. ඒ නිසා කරුණාකරලා පත්තර විකුණන්න එපා.” යැයි මූලස්ථාන පොලිස් පරික්‍ෂක පී. කස්තුරිආරච්චි විදීයේ විරෝධයට අවවාද කළේය. අනතුරුව පත්තර විකිණිම නවතා දමා, වැල්ලපාර, ලේක් පාර ඔස්සේ පත‍්‍රිකා බෙදමින් මෙගාෆෝන් භාවිතා කරමින් ජනතාව දැනුවත් කරමින් වීදියේ විරෝධය ක‍්‍රියාත්මක කෙරීණි.

එහෙත් බසාර් වීදියේ මඳ දුරක් ගමන් කරන විට නැවත වරක් විරෝධයේ කණ්ඩායම ඇමතු මූලස්ථාන පොලිස් පරික්‍ෂක මෙගාෆෝන් කථනය නැවැත්වීමටත් , කොළ බෙදීම නවැත්වීමටත් අණ කළේය. එහෙත් කණ්ඩායමේ බලවත් විරෝධය හමුවේ මෙගාෆෝන් කථනය නවතා පත‍්‍රිකා බෙදීම දිගටම සිදුකළේය. එම වීදිය ඔස්සේ හලාවත නගර මධ්‍යයට පැමිණිමත් සමඟම හලාවත සහකාර පොලිස් අධිකාරි එස් වික‍්‍රමසූරිය පැමිණ, අපිට තේරෙනවා ඔය කට්ටිය කියන්නෙ කුමක්ද කියලා. මේ යුනිෆෝම්එක ඇඳගෙන සිටින්නෙත් ඔබලා වගේම මිනිස්සු. ඒ නිසා කරුණාකරලා පවතින යථාර්තය තේරුම් ගන්න. අපිට කරන්නට සිදුවි ඇති රාජකාරිය ගැන තේරුම්ගන්න. මේ වැඬේ මෙතනින් ඉවර කරන්න. අර එහා පැත්තට ගිහිං ඔයාලාට කියන්න තියෙන දෙයක් කියලා මේක ඉවරයක් කරන්න.” යැයි පවසමින් වීදීයේ විරෝධය අවසන් කරන ලෙසට සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඉල්ලා සිටියේය.

ඒ අනුව, මෙගාෆෝන්ස් සහ ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චි කිරීමට ඉඩක් නොලැබෙන බැවින් වීදි ගිත ඉදිරිපත් කිරීමත් , දැනුවත් කිරීමේ දෙසුම් පැවැත්වීමත්, ප‍්‍රදර්ශනය ඉදිරිපත් කිරීමත් වීදි නාට්‍යය ඉදිරිපත් කිරිමත් නවතා දමා වීදියේ විරෝධය එතෙකින් නිම කරන්නට සිදුවිය.


-MMP




2015-01-03
Advertisement

Find us on Facebook