English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දව යළිත් පත්කරගෙන මේ රට විනාශයකරා යන්නට දෙන්න බැහැ-දෙමටගොඩ මහල්වැසියන්
වියරුවට එරෙහිව-විදියේ විරෝධය අද එනම් ජනවාරි 02 වෙනිදා පස්වරුවේදි කොළඹ-දෙමටගොඩ සහස්ශ‍්‍රපුර මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පවත්වන්නට යෙදුණි.  දෙමටගොඩ මන්සන්දියේ සිට නිවාස සංකීර්ණය තෙක් ඇති සියලූ විදීවල පදිකයින්ට හා ඇති නිවාස කරා ගොස් ”වෙනසකට මුල පුරමු” පත‍්‍රිකාව බෙදා හරිමින් ජනබලය පුවත්පතද අලෙවි කළ අතර ඒ සඳහා වීදි නාට්‍ය කණ්ඩායාමේ වීදී ගිත ද උපයෝගි කර ගනු ලැබිණි.

විදියේ විරෝධය විසින් සිදුකරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ කාර්යය, සහස්ශ‍්‍රපුර මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී සිදුකළ අතර ඊට ජයතිලක බණ්ඩාරගේ ගීත සමුච්චිය ද විදි නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත්කරනු ලබ ”මෙතන ගඳයි, කුණුගොඩ ඉවත්කරමු” වීදී නාට්‍යයද කෙටි දෙසුම් කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි. 

මෙිහිදි ජනතාව අමතමින් දෙමටගොඩ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක රිෂ්වාන් ෆාරිස් ප‍්‍රකාශ කළේ කෙසෙ හෝ ජනවාරි 08වෙනිදාට මහින්ද රාජපක්‍ෂ නැමති මුළු රටම විනාශකර ඇති දුෂ්ට පාලකයාව පලවා හැර වත්මනේ පිපී ඇති මෛත‍්‍රි මල පත්කරගෙන රටේ පාලනය ඔහුට ලබාදිය යුතු බවයි.

රිෂ්වාන් ෆාරිස් මෙසේ ද ප‍්‍රකාශ කළේය.

”අපි මහින්ද රාජපක්‍ෂ මහත්තයට මෙි රට පාලනය කරන්න අවුරුදු 10ක් දීලා තිබ්බා. මොකක් ද කළේ මේ රටට? පවුල් පෝෂණයක් හැර කිසිම දෙයක් කළේ නැහැ. රට ආරක්‍ෂා කරනවා ද විනාශ කරනවා ද කියන තරඟයක් තමයි තියෙන්නෙ. මේ සඳහා තඟකරන්නේ ම යන්න අකුරෙන් දෙන්නම. නමුත් අපේ රටට මෛත‍්‍රියක ගේන්න  ඕනෙ නම් අපි මේ රට භාර දෙන්න  ඕනෙ මෛත‍්‍රිසිරිසේන මහත්තයටයි. මම ඊයේ රනිල් වික‍්‍රමසිංහ අපේ නායකතුමාගේ කථාවකට සවන් දුන්නා. එතුමා ප‍්‍රකාශයක් කළා, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති උනාම මේ හදල තියෙන ෆැල්ට් වල ඉන්න ජනතාවට නොමිලේ ඔප්පු ලබාදීලා සහනයක් ලබාදෙනවා කියලා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කියන දේ කරන මනුෂ්‍යා නමුත් මහින්ද රාජපක්‍ෂ කියන්නේ කියන දේ නොකරන මනුෂ්‍යයෙක්. ”

”අධිවේගි මාර්ග ගැන මෙයාලා කථා කරනවා, නමුත් ගාල්ලට යන්න එදා පරණ පාරෙදිත් පැය තුනක් ගියා අදත් මෙහෙ ඉඳලා කොට්ටාවට යන්න පැය එකාමාරයි, එතන ඉඳලා ගාල්ලට යන්න පැය එකාමායි, පැය තුනම ගතවෙනවා. ඒ විතරක් නෙවෙයි, යන්න 400යි එන්න 400යි, ගමනට රුපියල් 800ක් ම වැය කරන්න සිද්ධ වෙනවා. තවත් අධිවේගි මාර්ගයක් හැදවා පෑලියගොඩ ඉඳලා කටුණායකට. අපි එදා ජාඇල පැත්තෙන් කටුණායකට ගියා විනාඩි 45කින් හෝ පැයකින් නමුත් අද මේ බේස්ලයින් පාරේ ඉඳලා පෑලියගොඩට යන්න හරියටම පැයයි. එතන ඉඳලා විනාඩි 20යි. එතකොට කටුණායකට යන්න දැන් පැයයි විනාඩි 20ක් ගතකරන්න  ඕනේ. මේකතමයි එයාලගේ සංවර්ධනය.”

”අපේ ලංකාවෙි මිනිස්සු ලක්‍ෂ 07ක් ගංවතුරට අනාථ වුනා. මේ මිනිස්සුන්ට වෙන් කළේ කෝටි 175යි. නමුත්, ෂල්මාන්ඛාන්ව ගෙන්නලා දවසට දෙනවා කෝටි 300ක් ! එයාගේ දවස් දෙකට කෝටි 600යි. තනි මිනිහාට කෝටි හයසීයයි. අනාථ වෙච්ච මිනිස්සු ලක්‍ෂගානටම කෝටි 175යි. සහෝදරවරුනි තමුන්නාන්සේලා හිතන්න මේ රට විනාශ කරන මහින්දට අයෙමත් මේ රට දෙනවාද කියලා.”

”ජානාධිපති සමඟ සිටිනතාක්කල් සියලූම දෙනා දේශපේ‍්‍රමීන්. අපේ රවුෆ් හකීම් රිෂාද්ලා  මේ පැත්තට ආවම දේශද්‍රෝහින්. ආගම්වාදීන් බවට පත්කරවනවා. ඔිව් අපි ජාතිවාදින් තමයි මොකද මේ රට ගැන අපිටත් කැක්කුමක් තිබෙනවා, මම ශ‍්‍රිලාංකීකයෙක් නිසා. අපි හැමෝම ජාතිවාදියෝ තමයි මේ රටට ආදරය කරන, කැක්කුමක් තිබෙන අය විධියට. ජාතිය කියන්නේ රටට. ආගම කියන්නේ තව එකක්. ඒක මහින්දලාට තේරෙන්නේ නැහැ.”

”එදා දළදා මාළිගාවට පහරදුන්න කරුණා අම්මාන් අද දේශපේ‍්‍රමියෙක් වෙලා යුද්දය දිනා දුන්න ජෙනරාල් ෆෝන්සේකා දේශද්‍රෝහියෙක් වෙලා. එතුමාව යැව්වා හිරගෙදරට, කරුණාව යැව්වා රජගෙදරට. මේවට තමා මහින්ද රාජපක්‍ෂගේ පාලනය කියන්නෙ. අද අශ්වයෝ තුන්දෙනෙක් හෙළිකොප්ටර් තුනක් ගෙනල්ලා තිබෙනවා. මේවා කාටද ?මහින්දගේ පුතාලට ඒ කියන්නේ, ලැක්ටෝජන් බේබිට, නෙස්පේ‍්‍ර සෙට සහ ලක්ස්පේ‍්‍ර බේබිට. උදේට හෙළිකොප්පටර් එකේ නුවරඑළියට ගිහිං අශ්වයෝ පැදල එනවා. නායක ස්වාමින්වහන්සේලා කොතෙක් ආයාචනා කළාත් දළදා මාළිගය ළඟ ශුද්ධ භුමියේ රේස් පැද්දා. නායක ස්වාමින්වහන්සේලාගේ වචනයට ගරු නොකළ මිනිහා තවත් අවුරුදු යහකට රට දුන්නම මොකද වෙන්නේ? මේ ඉන්න ලස්සණ නංගිලාට පාරේ බැහැලැ යන්නවත් බැරිවෙයි එයාගේ පුත්තුන්ගෙන්. මේ ලැක්ටෝජන් බේබිලාගෙන් මොනවා හරි කරලා දායි. රැවටෙන්න එපා මිත‍්‍රවරුණි මේ විනාශය, නාස්ති ගැන. ඒ නිසා, අද අපිට පොලොන්නරුවෙන් පිපි තිබෙන මෛති‍්‍ර මල ගැන හිතලා අපේ කුසිගිණි නිවලා සාමය පවතින රටක් විධියට නැවත මේ රට ගොඩනගන්න, මේ රට පාලනය කරන්නට එතුමාව අපි පත්කර ගන්න අවශ්‍යයි. ඒ නිසා 08 වෙනිදාට ඡන්දපොලට ගිහිං හංසයා ඉදිරියේ කතිරය ගහලා මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාව පත්කර ගනිමු.”    

-MMP



2015-01-02
Advertisement

Find us on Facebook