English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුක්තිය ඉල්ලා අදත් පාරේ !

අද, 2015 ජනවාරි පළමුවෙනිදාත්, කටුණායක වෙළෙඳ කළාපයේ වැටුප් අරගලයේ දී ජීවිතක්‍ෂයට පත්වු රොෂේන් ශානක තරුණ ශ‍්‍රමිකයා ඇතුළු තුවාල ලැබු ශ‍්‍රමිකයින් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලා සිටිමින් කටුණායක ඇවරිවත්ත පොලීසිය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක යෙදිණි.


රොෂේන් ශානකගේ මව ස්වර්ණකාන්ති සමගින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නිළධාරින් ද, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ නිළධාරීන් ද ඇතුළුව කළාපයේ අනෙකුත් ක‍්‍රියාකාරි සංවිධාන සාමාජිකයින් මෙදින විරෝධතාවයට සහභාගි වි සිටිය හ.


අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ මරින් නිලාෂිනි ට අනුව, අද 40 වන වතාවටත් මෙසේ එක්රැස් වී විරෝධතාවය දක්වමින් අදාළ බලධාරින් හට දන්වා සිටියේ රොෂේන් ශානක ඝාතනය පිළිබඳව පැවැත්වු ජනාධිපති කොමිසමේ නිර්දේශ ලබාදෙන ලෙසටත් , ස්වාධින පරික්‍ෂණයක් පවත්වා ඝාතකයින් හට නිසි දඩුවම් ලබාදෙන ලෙසටත්, ඝාතන නඩුවට සාධාරණය ඉෂ්ටකර දැනට තුවාල සහ ආබාධිත තත්ත්වයේ පසුවන අනෙකුත් ශ‍්‍රමිකයින් හට යුක්තිය ඉෂ්ටකරන ලෙසටත් ය.

නිදහස් වෙළෙඳ කළාප සහායෝගිතාවය, අද  පැවති මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබුණි.


පිංතුර - ලාල් ලක්‍ෂමන්
-MMP



2015-01-01
Advertisement

Find us on Facebook