English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අරමුණු ඉටුකරගන්නට මඟපෙන්වන්නැයි මෛත‍්‍රි ඉල්ලා සිටියි!

පොදු අපේක්‍ෂක මෛති‍්‍රපාල සිරිසේන ඊයේ එනමි දෙසැමිබර් 30 වෙනිදා සිය මැතිවරණ ව්‍යාපාරය උතුරේ දී සිදුකරමින් මන්නාරම රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් හමුවී සාකච්ඡුා පැවැත්වු බව කුෂාන් සුබසිංහ මන්නාරමේ සිට දිවයින පුවත්පතට වාර්තා කර තිබුණි.  සියලූ ජාතින්ට ඒකිය රටක් තුළ සමාදානයෙන් ජීවත්වීමට හැකි යුගයක් උදාකරගැනීමේ සිය අරමුණ ඉටුකරගන්නට තමන්ට මඟ පෙන්වන ලෙසට සියලූම ආගමීක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි මෛත‍්‍රිපාල සිරිසේන රායප්පු ජෝශප් රදගුරු හිමිපාණන් හට ප‍්‍රකාශකර ඇත.

මේ මාතෘ භූමිය තුළ ජීවත්වෙන දෙමළ සිංහළ මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලූම ජාතින් හට භේදයකින් තොරව ඒකීය රටක යහපාලනයක් ඔස්සේ අභිමානවත් ශ‍්‍රී ලාංකිකයින් හැටියට ජීවත්වන යුගයක් උදාකිරිම තම අපේක්‍ෂාව බව රදගුරු හිිමිපාණන් හට පවසා ඇති මෛත‍්‍රීපාල, තමාගේ එම අරමුණ ඉටුකරලීමට මඟපෙන්වීම ලබාදෙන ලෙස සියලූම ආගමීක නායකයින් වෙත ගෞරව පූර්වක ඇරයුමක්කරන බව ප‍්‍රකාශකර ඇත.

එමෙන්ම, තමන් හෝ ද්‍රවිඩ සන්ධානය හෝ කිසිම දිනෙක ඊලාම් රාජ්‍යයක් පිළිබඳව කිසිම ඉල්ලීමක් සිදුනොකළ බවත්, ඒකීය රටක් තුළ සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීම ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රාර්ථනාව බවත් රදගුරු හිමිපාණන් විසින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල හට ප‍්‍රකාශකර ඇත.

මෛත‍්‍රිපාල මැතිවරණ ව්‍යාපාරය යාපනය වව්නියාව මුලතිව් කිළිනොච්චි යන ප‍්‍රදේශවල දි පවත්වා ඇති අතර ඊට සැළකිය යුතු ජනතාවක් සහභාගි වු බවදවාර්තා වෙයි.
-MMP



2014-12-31
Advertisement

Find us on Facebook