English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලොව දිනන මග යන්නට (නො)හැකි වෙයි !

"එක කැසිනෝ බලපත‍්‍රයක් නොදුන්න අතක්, එක බාර් ලයිසන් එකක් නොදුන්න දෑතක් තමයි මට තියෙන්නෙ කියලා මම ආඩම්බරයෙන් කියනවා.” යනුවෙන් සඳහන් කළ ජනාධිපතිවරයා, එදා තමා රටේ සදාචාරය සුරකින බවට දුන් ප‍්‍රතිඥාව වර්ථමානය වන විට ක‍්‍රියාවට නංවා ඇතැයි ප‍්‍රකාශ කළේය.

තෙවන වරටත් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත්වන්නට එයම සුදුසුකමක් කොටගත් ජනාධීපති රාජපක්‍ෂ අද, දෙසැම්බර් 23දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ සිට සිය තෙවනවර ජනතා වරම ඉල්ලා සිටින මැතිවරණ පොරොන්දු ප‍්‍රතිකාව එළිදක්වමින් තමන්ගේ පාරිශුද්ධ භාවය හා ඒ හා බැඳි පවතින පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම හා තෙවනුවත් මව්බිම යන මව් බිමට හා එහි සම්පත්වලට දක්වන මහා ඇල්ම හෝ ලෙන්ගතුකම එසේ ප‍්‍රකාශ කළේය.

එතුමා කොතෙක් ඇත්ත කියන්නේද ? කියන දේ ඒ ආකාරයෙන්ම කරන්නේ ද ? යන්න අද ශ‍්‍රී ලංකාව දෙස කොහේ සිට බලනඅයෙකුට වුවද හොදින් විද්‍යාමාන වෙයි. වැඩිපුර අටුවාටිකා ද විශ්ලේෂන ද පැහැදිළි කිරීම් ද ගෙනහැර දැක්වීමට කිසිදු මහන්සියක් ගන්නට අවශ්‍යතාවක් නැත. ශ‍්‍රි ලංකාව කියන පුංචිම පුංචි මුතු ඇටය නොව, සමාන කරන්නට ඇටයක් නැති තරමට ම ජනාධිපතිතුමා කියන ආකාරයේ ම ඇටයක් වී ඇති බව ශ‍්‍රී ලාංකිකයින්ට පමණක් නොව මේ වන විට මෙරට මහ භූමියට, සාගරයට, පත්වලට, සම්පත්වලට හිමිකම් කියනු ලබන රට/මෙරට සියලූ ජාතිකයින්ට ම වැටහී ඇත.

මිනි මරා, පැවැති කාලකන්ණි යුද්ධය නිමකළ රාජපක්‍ෂ ජනාධිපතිවරයා, ඉන් අනතුරුව යාපා පටුන ප‍්‍රමුඛව උතුරු නැගෙනහිර,බටහිර ද යුද්ධය විසින් සුණුවිසුණු කළ ජීවිත ගොඩනැගීමට වඩා, වගේ වගක් නොමැතිව රටට ගැලපෙන නොගැලපෙන, දැරිය හැකි/නොහැකි ,සුදුසු නුසුදුසු මෙගා දේවල් රාශියක් සිදුකළේය. එය සංවර්ධනය යැයි කියන්නට නොහැක. මන්ද ඒ ඒ දේවල් සංවර්ධනය යැයි කියහැක්කේ එහි ප‍්‍රථිලාභ මේ පුංචි ඇටය තුළ ජීවත්වන්නට වෙර දරන සමස්ත ප‍්‍රෘතග්ජනයින්ට ම භුක්ති විඳින්නට වරම් ලැබී ඇත්නම් පමණි. එහෙත් සිදුවි ඇත්තේ ඊට හාත්පස සිතාගත, දරාගත නොහැකි ප‍්‍රථිඵලය.

ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටේ, සදාචාරය හා සංස්කෘතිය ද වයස් භේදයකින් තොරව මිනිසා මිනිසාට දක්වන ගෞරවය හා සැළකිල්ල ද අද බලූවී තිබෙන ආශ්චර්යමත් රටාවකදි ආසියාවේ ආශ්චර්ය ”ලොව දිනන මග” බවට පරිවර්ථනය කරගෙන ඇත. එම වචන ඉතාම බැරැුරුම් වුවද සුළුකොට ගෙන ඇතැයි පැහැදිළිවම දැනෙන්නේ මේ පුංචි ඇටය තුළ තවමත් දරිද්‍රතාවය, විරැකියාව, මුලීක අයීිතින් හා අවශ්‍යතාවන්වත් නොමැති පවුල් මෙන්ම ගම්මාන ද, අවතැන්වුවන්ගේ ප‍්‍රශ්නය ද ප‍්‍රමුඛව රටේ සබ්බ්‍යත්වයට හා සාදාචාරයට පටහැනි බොහෝ දේවල් පැය 24 පුරාවට ම සිදුවෙමින් පවතින නිසාය. අන් මත ඉවසන්නට නොහැකිව, දැලි පිහි පිස්තෝල හා යකඩ පොලූ සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විසම්මුතිය අගයන එකම රටේ පුරවැසියන් මෙල්ලකරන්නට ඇතැම් දේශපාලන මෙන්ම ඇතැම් ආගමීක කොටස්වලට ද පන්නරය දී ඇති යාන්ත‍්‍රණයක, මෙවැනි අසම්පූර්ණ හා අසමත් පසුබිමක් තුළ ශ‍්‍රි ලංකාව කෙසේනම් ලොව දිනන්න ද ? එය බලෙන් ආරූඩ කරගත් සිතුවිල්ලකි. මන්ද, ලොවට පෙරාතුව නිසි ලෙසට සිය දේශය දිනාගන්නට මගක් සකස්කළ යුතුය. ඒ මග, මෙරට ජීවත්වන සියලූ ජාතින්ට, සියලූ ලබ්ධිකයින්ට ගෝචර වන්නේ නම් එළඹෙන ඊළඟ මැතිවරණයකදි බලය ඉල්ලා සිටින කිසිම  අපේක්‍ෂකයෙකු විසින් රටවැසියනට මිළ මුදලින්, තානාන්තරවලින් හා බඩු භාණ්ඩ උපකරණවලින් අල්ලස් දී මැතිවරණ දන්සැල් පවත්වා මිනිසුන්ගේ ආත්ම ගරුත්වය හෑල්ලූවට සහ අවමානයට පත්කරන්නට අවැසි නොවනු ඇති.
 
2005 වසරේ සිට යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය තුළ මෙරට ප‍්‍රෘතග්ජනයින්ට භුක්ති විඳින්නට සිදුවුණු ඒ සමස්ත ප‍්‍රථිඵල තක්සේරු කිරීමේදි එහි බර ප‍්‍රමාණය නැතහොත් සුවය සතුට සැනසීම දියුණුව දන්නේ ඒ ප‍්‍රථිඵල භුක්ති විඳී මිනිසා ද ඒ ප‍්‍රථිඵල ගැන දන්නා විද්වතා ද පමණක් වෙති. එහිදි "ලොව දිනන මග", "ගෙදර යන ගමන්" වීම ද වළක්වාලිය නොහැකිය.



- මෙලනි මානෙල් පෙරේරා





2014-12-23
Advertisement

Find us on Facebook