English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හම්බන්තොට වීරයා රිමාන්ඞ් !

ඊයේ, දෙසැ 21 දා පෙරවරුවේදි වියරුවට එරෙහි මහජන දැනුවත් කිරීම සඳහා හම්බන්තොට නගරයට පැමිණි වීදියේ විරෝධය කණ්ඩායමේ පුද්ගලයින් කිහිප දෙනෙකුටම අසභ්‍ය ලෙස බැණ වදිමින් අමානුෂික ලෙස ගිණි අවි වලින් පහර දුන්  හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප‍්‍රනාන්දුව අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අද(දෙසැ22) දහවල් නීතිඥයෙකු මාර්ගයෙන් හම්බන්තොට පොලිසියට භාරවු අවස්ථාවේදි ඔහු අත්අඩංගුවට ගත් බවත් අනතුරුව හම්බන්තොට වැඩබලන මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර විසින් මේ මස 24 වන දා තෙක් රිමාන්ඞ් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.




තීන්දුව ලැබීමෙන් අනතුරුව දාමරික නගරාධිපති උසාවිය භුමියෙන් පිටවි යන අවස්ථාවේදි එක් ජනමාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න දෙකක් අසනු ලැබිණි. (මොහු විසින් පළමුවන ප‍්‍රශ්නය ඇසු ආකාරය අනුව ඔහු ජනමාධ්‍යවේදියෙක් ද නැතහොත් එරාජ් නගරාධිපතිගේ මැර කණ්ඩායමේ ශිල්ප නොලත් මාධ්‍යකරුවෙක් ද යන්න සැක සහිතය).


ඔබට මොකක්ද මේ පිළිබඳව හිතෙන්නේ ? ඔබට අසාධාරණයක් වුනා නේද ? ඔබට අසාධාරණයක් වුනා නේද ? යැයි කිහිප විටක්ම ඇසුවිට ඊට පිළිතුරුදුන් මැර නායක එරාජ් කීවේ ඔව් මට අසාධාරණයක් වුණා. අයුතු ජනරාශිය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි.

ඔබ මොනවාද ජනතාවට කියන්නේ ? ජනවාරි 9 වෙනි දා තෙක් ජනතාවට කලබල නොවී ඉන්න කියන්නැයි පවසමින් යළිත් වරක් ජයවේවා යි කිහ.

පොලිස් රථයේ අසුන්ගන්නට පෙර ද එරාජ් ප‍්‍රනාන්දු තමන් තමන්ට ම ජයවේවා ..... ජයවේවා.....යැයි ප‍්‍රකාශකර ගත්තේය.

වීදීයේ විරෝධය කණ්ඩායමේ ගීතමය දැනුවත් කිරීම කරනු ලබන ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය කණ්ඩායමේ සජීව පලිහක්කාර යන අයට එරාජ් ඇතුළු ඔහුගේ මැර කණ්ඩායම ඊයේ පෙරවරුවේදි හම්බන්තොට නගරයේ වෙළෙඳ සංකිර්ණය අසළදි අමානුෂිකලෙස පහර දෙනුලැබිණි.

මැර ප‍්‍රහාරයට ලක්වෙමින් සිටි ජයතිලක බණ්ඩාර බේරා ගැනීම සඳහා මැර පිරිස අතරට ගිය විදියේ විරෝදයේ සංවිධායක කමිටුවේ පිලිප් දිසානායක ප‍්‍රසංග ප‍්‍රනාන්දු මෙන්ම විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරසිංහ යන අයට ද මැරයින්ගේ දැඩි පහරවලට බිලිවන්නට සිදුවිය. 


පිංතුර  - ලංකාදීප පුවත්
-MMP



2014-12-22
Advertisement

Find us on Facebook