English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජෙරාඞ් පෙරේරා වධහිංසා නඩුව කඩිනමින් නැවත විභාගයට ගන්නා ලෙස ශේ්‍ෂ්ඨාධිකරණය නියෝග කරයි

වත්තල මාකේවිට පදිංචිව සිටි ජෙරාඞ් මර්වින් පෙරේරාට වත්තල පොලීසිය තුළ දී කෲර වධහිංසාවට පත් කළ පොලිස් නිළධාරීන්ට 4 දෙනාට අමතරව එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි සේන සුරවීර හා උප පොලිස් පරීක්ෂක  රේනුක යන අයට එරෙහිව නැවත වධහිංසා වැලැක්වීමේ පණත යටතේ නඩු පවරණ ලෙසත්, එම නඩුව කඩිනමින් අසා දෙසැම්බර් 18 වනදා වන විට අවසන් කරන ලෙසත් පසුගිය ජුනි 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙර්රාට වත්තල පොලීසිය විසින් සිදු කළ අමානුෂික වධහිංසාවට එරෙහිව වධහිංසා වැලැක්වීමේ පණත යටතේ නීතිපතිවරයා විසින් වත්තල පොලීසියේ නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව මුලින් නඩු පවරා තිබු අතර, පසුව නැවතත් නීතිපතිවරයා විසින් වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හා රේනුක නැමති නිලධාරියා එම නඩුවෙන් ඉවත් කර නිළධාරීන් 4 දෙනෙකු පමණක් විත්තකරුවන් කරමින් නඩුව ගොනු කරනු ලැබීය.

මීගමුව මහා ධිකරණය ඉදිරියේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාල විත්තිකරුවන් 4 දෙනාද මාහාධිකරණය  විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.
මෙම තීරණයට එරෙහිව ජෙරාඞ් ගේ බිරි`ද විසින් අභියාචනයක් ගොනු කරනු ලැබු අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව ප‍්‍රකාශ කරමින් කියා සිටියේ මීගමුව මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ දෝෂ ඇති බවත්, ඒ නිසා නැවත මෙම නඩුව විභාගයට ගන්නා ලෙසත්ය. නමුත් අදාල විත්තිකරුවන් එම නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබීය.

මේ සම්බන්ධව පසු ගිය ජුනි 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ප‍්‍රකාශ කළ අගවිනිසුරු ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල ජෙරාඞ් මර්වින් පෙරේරාට වධහිංසා පැමිණ වීමට එරෙහි නඩුව නැවත පවරණ ලෙස නීතිපති වෙත නියෝග කළ අතර, එම නඩුවේ විත්තිකරුවන් ලෙස මුලින් අතුලත් කර පසුව නම් ඉවත් කර තිබු එවකට වත්තල පොලීසියේ ස්ථානාධිපති සේන සුරවීර හා උප පොලීස් පරීක්ෂක රේනුක යන අයගේ ද නම් ඇතුලත් කර විත්තිකරුවන් 6 දෙනාටම එරෙහිව නඩු පවර ලෙස නියෝග කෙරිනි.

එමෙන්ම මෙම නඩුව නොනවත්වා අසා ලබන දෙසැම්බර් 18 වන දින වන විට අවසන් කරන ලෙසත් මීගමුව මහාධිකරණය වෙත නියෝග කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගයට දැඩිව අවනත විය යුතු යැයිද මීගමුව මහාධිකරණයට වැඩි දුරටත් නියෝග කෙරින.

2002 වසරේ දී ජෙරාඞ් පෙරේරා මෙසේ වධහිංසාවට ලක්වූ අතර ඔහු විසින් ඒ සම්බන්ධව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් ලක්ෂ 15 ක වන්දියක් ප‍්‍රධානය කරනු ලැබීය. 2003 වසරේ දී මෙම පරදීමට එරෙහිව වධහිංසා වැලැක්වීමේ පණත යටතේ නීතිපති විසින් නඩු පවරනු ලැබූ  අතර, එම නඩුව විභාග වෙමින් තිබෙන අවස්ථාවේ ජෙරාඞ් ගේ සාක්ෂි අධිකරණයට ලබා දීමට පෙර ඔහු 2004 වසරේ දී බස් රථයක ගමන් කරමින් සිටිය දී වෙඩි තබා ඝාතණය කරන ලදී. ඔහුගේ ඝාතණය සම්බන්ධ නඩුවද තවමත් මීගමුව මහාධිකරණයේ අඩ ගැසෙන  අතර එම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවෙකු වන්නේ ද ඉහත පොලිස් පහරදීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂක වරයාය.   




2014-07-01
Advertisement

Find us on Facebook