English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දැඩි ආරක්‍ෂාව මැද අම්බලන්තොට දි වීදියේ විරෝධය!
ඊයේ උදෑසන, (දෙසැම්21) රාජපක්‍ෂ රෙජීමය විසින් හම්බන්තොට නගරයේදි වියරුවට එරෙහි විදීයේ් විරෝධය ට එල්ල කළ දරුණු ප‍්‍රහාරයෙන් පසුබැමකට ලක්නොවු වීදීයේ විරෝධය, සැළසුම්කර තිබු ආකාරයට මෙදින පස්වරුවේදි, දැඩි පොලිස් ආරක්‍ෂාව සමගින් අම්බලන්තොට නගරයේදී කෙටි විදීයේ විරෝධතාවක් පැවැත් වුහ. ඒ සඳහා, එක්සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභාවේ ප‍්‍රධාන සංවිධායක තෙන්නකෝන් නිලමේ මන්ත‍්‍රිවරයා විදියේ විරෝධය වැඩසටහන සමගින් නිල වශයෙන් සහභාගි විය. 

”වෙනසකට මුල පුරමු. කොන්දක් ඇති පුරවැසියන්ට” යන මහජනතාව දැනුවත් කරන පත‍්‍රිකාව අම්බලන්තොට නගරය තුළ, වෙළෙඳපොල ඇතුලත බෙදා හරිනු ලැබූ අතර ඉන් අනතුරුව  කෙටි අදහස් ප‍්‍රකාශ කිරීම් කරනු ලැබිණි.

”අද උදෑසන සැළසුම්කර තිබු හම්බන්තොට වීදියේ විරෝධය දැනුවත්කිරීමේ වැඩසටහන ආරම්භ කරන්නටත් පෙර නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු ඇතුළු ඔහුගේ මැර කණ්ඩායම තුවක්කු, පිස්තෝල, දැලි පිහි ඒවගේම යකඩ පොළු තියාගෙන ඉතාම අමානුෂික ආකාරයට වීදියේ විරෝධයේ සාමාජීක මෙන්ම ගීතමය දැනුවත් කිරීම කරන ප‍්‍රවීන ගායන ශිල්පි ජයතිලක බණ්ඩාරට සහ එම පහරදීම් ඡයාරූප ගනිමින් සිටී අප කණ්ඩායමේ ම සාමාජීක සජීව පලිහක්කාරට ඉතාම අමානුෂික විදියට පහර පිට පහර ගැහීම අපි ඉතාම පිළිකුල් සහගත ලෙසට හෙළා දකිනවා. ඒවගේම ජයතිලකව බේරාගන්න ගිය මගේ කාර්යාලයේ පිලිප් දිසානායක ප‍්‍රසංග ප‍්‍රනාන්දු ඒ වගේම මාධ්‍යවේදි සම්පත් සමරකෝන් යන අයටත් ඉතාම දරුණු ආකාරයෙන් පහරවල් වැදුණා. මේ මැරයින්ට  ඕන උනා ජයතිලක සහෝදරයාව ඇඳගෙන යන්න. ඔවුන් කෑගසමින් නම කියමින් මාව සෙව්වා. ඔවුන් අපිව මරණවා කියලා තර්ජනය කෙරුවා. ආයුධ සන්නද්ධ මැරයොත් එක්ක ඔට්ටු වෙන්න අපිට බැහැ, මොකද අපි මැරයො නෙවෙයි නිසා. නමුත් අපි එරාජ්ට කියනවා අපි යළිත් හම්බන්තොට මිනිස්සුන්ව දැනුවත් කරන්න අපේ වීදියේ විරෝධය එක්ක එනවා කියලා.” යැයි අදහස් දක්වමින් විදීයේ විරෝ්ධය කණ්ඩායමේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

  

එමෙන්ම, විදියේ විරෝධය වැඩසටහන සමගින් එක්වු තෙන්නකෝන් නිලමේ මන්ත‍්‍රිවරයා විසින් ද අදහස් දක්වමින් එරාජ් ගේ ආයුධ සන්නද්ධ මැරයින් විසින් සමාජ ක‍්‍රියාකාරකමක යෙදෙන කි‍්‍රයාධරයින් හට අමානුෂික ආකාරයට ප‍්‍රහාර එල්ලකිරිම දැඩි ලෙස හෙලා දකින බව ප‍්‍රකාශ කළේය. තවදුරටත්, එරාජ් රාජපක්‍ෂ පවුලේ කටු ලෙවකන්නෙක් බවත් තමන් ඔවුන්ගේ ගැතිතම් වලට හා බලූකම්වලට බිය නොවනබවත් අද පෙරවරුවේ මෙම ක‍්‍රියාධරයින් වෙත එල්ලකළ ප‍්‍රහාරයෙන් ඔවුන් මඳක් අපහසුතාවෙන් පසුවන බැවින් සැළසුම් කළ ආකාරයට ම විදීයේ විරෝධය අම්බලන්තොට නගරයේදි සිදුකරන්නට අද නොහැකි වුවද යළිත් දවසක එම වීදියේ විරෝධය ඒ ආකාරයෙන් ම අම්බලන්තොටදීත් ඒවගේ හම්බන්තොටදීත් පවත්වනු ලබන බව තෙන්නකෝන් නිලමේ මන්ත‍්‍රිවරයා අවධාරණය කොට ප‍්‍රකාශ කළේය.
 


-MMP



2014-12-22
Advertisement

Find us on Facebook