English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හම්බන්තොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය විදීයේ විරෝධයට කෙළියි

අද, පෙරවරුවේදි හම්බන්තොට වෙළඳ සංකීර්ණය අසළදී වියරුවට එරෙහි වීදියේ විරෝධය පවත්වන්නට සැලසුම්කර තිබුණු අතර, වීදියේ විරෝධය ආරම්භකරන්නට මත්තෙන් එම ස්ථානයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලක පක්‍ෂයේ හම්බන්තොට ගරු නගරාධිපති තැන්පත් එරාජ් රවින්ද්‍ර සහෝදරයා ඇතුළු ඔහුගේ ගෞරවනීය ප‍්‍රජාතන්ත‍්‍රික මැර පිරිස පැමිණ, පිටින් පැමිණි කිසිවෙකු හට හම්බන්තොට දී කිසිදු ආකාරයක වැඩසටහන් රඟදැක්වීම් කරන්නට ඉඩදෙන්නට බැරිබැව ප‍්‍රකාශ කළේය.

එහිදි එක්සත් ජාතික පක්‍ෂයේ පළාත්සභා විපක්‍ෂ  නායක ආයුබ් කාන් මහතා විසින් ප‍්‍රකාශකර සිටියේ් මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක් බැවින් අවිහිංසාවාදි යමක් කරන්නට කිසිවෙකුගෙන් අවසරයක් ගැනීමට අවශ්‍ය නොවන බවත් මෙහිදී සිදුකරන කිසිවකින් ඔහුට කිසිදු ආකාරයක අලාබයක් හානියක් නොවන අතර අප විසින් සංවිධානයකර ඇති විදියේ විරෝධය වැඩසටහන කරගැනිමට අපහට බාධා නොකරන ලෙසටය.

එවිට, එරාජ් මහතා විසින්, එක්සත් ජාතික පක්‍ෂයේ අයට අවශ්‍ය දෙයක් කරන්නට ඉඩ ඇති බවත් එහෙත් පිටින් ආ එන්ජීඔි ඩොලර් කාක්කන් හට මෙහි කිසිවක් කරන්නට කෙසේවත් ඉඩදෙන්නට බැරිබවත් යම් හෙයකින් එසේ කළ හොත් අම්මලාට ... වනවා කියමින් ප‍්‍රවීණ ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර මහතාට එරාජ් විසින් ඉතා අමානුෂීක අන්දමින් පහර දෙන්නට  වු අතර ඔහුගේ අනික් ප‍්‍රජාතන්ත‍්‍රවාදි තග් පිරිස විසින් ද විදියේ විරෝධයේ අනෙකුත් සාමාජිකයින් හට ඉතා අමානුෂීක ආකාරෙයෙන් පහරදෙන්නට විය.

පහරකෑමට ලක්වු විදියේ විරෝධය කණ්ඩායම සහ ජයතිලක බණ්ඩාර, සිද්ධිය වු ස්ථානයෙන් පිටතට යන්නට උත්සාහ ගන්නා විට තවදුරටත් පසුපස හඹාවිත් පහර පිට පහර දෙමින් නගාරාධිපති එරාජ් විසින් ගිණි අවියක් ගෙන ලෝඞ් කරමින් අම්මලාට හු .... ව ගන්නේ නැතිව පලයව් වේ.... පුතාලා කියමින් පහරදෙන්නට විය.

ඒ අතරම එම පහරදීම් රූපගත කිරීමෙහි යෙදි සිටි විදියේ විරෝධයේ සාමාජීක ප‍්‍රසාද් සජීව පලිහක්කාර යන අයට ද ඉතාම අමානුශීක ආකාරයෙන් බිම පෙරළා ගෙන පහර දුන් අතර ඔහුගේ කැමරාව සහ ජංගම දුරකථන දෙකක් ද පහරදුන් පුද්ගලයින් විසින් උදුරාගන්නා ලදි.

පහරකෑමට ලක්වු අය අතරින් ජයතිලක බණ්ඩාර සහ සජීව යන අය දැඩි අසීරූ තත්ත්වයේ පසුවෙන අතර ඔවුන් මේ වන විට රෝහල්ගතකර ඇත.

මෙම සිද්ධිය වන විට දි කිසි පොලිස් නිළධාරියෙකු එම ස්ථානයේ හෝ ඒ අවට ප‍්‍රදේශවල රැුඳී සිටිනු දක්නට නොලැබීම ප‍්‍රශ්නාර්ථයකි. එසේ නම් මෙය සැළසුම් සගත ලෙසට ක‍්‍රියාත්මක වුවක් ද යන්න සැක සහිතය.

මෙම සිද්ධිය ඇසින් දුටු හම්බන්තොට ඇතැම් පුද්ගලයින් පැවසුවේ මහින්ද මහත්තයා සහ නාමල් බේබි තවත් වසර 6යකට වරම් ඉල්ලා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සාමකාමි මිනිස්සුන්ට කෙළවන්නට දැයි කියාය.
-MMP




2014-12-21
Advertisement

Find us on Facebook