English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයට පොලිසිය .......
වියරුවට එරෙහිව, වීිදියේ විරෝධය මේ දිනවල දකුණේ සංචාරයේ යෙදෙන අතර අද, එනම් දෙසැම්බර් 20 වෙනිදා මහජනතාව දැනුවත් කිරීමේ වීදියේ විරෝධය වැඩසටහන දියත්කළ දකුණේ වැලිගම ස්ථාන දෙකකදීම පොලිසියේ තර්ජන වලට මුහුණදීමට  සිදුවිය. ආණ්ඩුවේ (අව)නීතිය ක‍්‍රියාත්මක කරවීමට පොලිස් නිළධාරීන් මහත් සේ වෑයම් කළ ද විදීයේ විරෝධයේ ප‍්‍රබල ”කටින් ගහ ගැනීම” තුළ පොලිස් නිළධාරීන් පසු බැසීය. අද දිනදි වැලිගම දී පවත්වන්නට යෙදුණු විදීයේ විරෝධය වැඩසටහන් තුන සහ මාතර දී පැවැත්වු වැඩසටහන ඉතාම සාර්ථකව නිමාකරන්නට හැකි වු අතර ඉහළ ජන ප‍්‍රතිචාරයක් ද ලැබිණි.

අද උදෑසනම වැලිගම දෙණිපිටිය පොළ වෙත ළඟාවු වීදියේ විරෝධය කණ්ඩායම, වීදීනාට්‍ය සංගීත සමඟින්, පවතින සමාජ ආර්ථීක හා දේශපාලන සැබෑ තත්ත්වයන් පැහැදිළි කෙරෙන අත් පත‍්‍රිකා බෙදාහරමින් පොළේ ජනතාව දැනුවත් කළේය.
 
විදීයේ විරෝධයේ සංවිධායක කමිටු ප‍්‍රධානි අතුරුදහන්වුන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් දෙණිපිටිය පොළේ ජනතාව අමතමින් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් දියත්කර ඇති සියලූම සංවර්ධන ව්‍යාපෘති මගින් කෝටී ගණනින් කොමිස් ගසා මුදල් මංකොල්ලකා ඇතිබවත් එසේ රෙටි මහජනතාව සුරාකමින් ඩැහැගන්නා එම මුදල් රාජපක්‍ෂ රෙජීමයේ  සුඛවිහරණය සඳහා යොදාගෙන ඇති බවත් පැහැදිළි කරමින් ජනතා දැනුවත්කිරීම සිදුකළේය.

එමෙන්ම, වැලිගම, වැලිපිටිය වෙළෙඳ පොළ අසළදී සහ වැලිගම නගර මධ්‍යයේදි විදියේ විරෝධය දියත්කළ අතර එම ස්ථානයට වැලිගම පොලීිසියේ නිළධාරින් පැමිණ ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීමට අවසර නැතැයි පවසමින් විදීයේ විරෝධය නවත්වා දැමීමට ප‍්‍රබල උත්සාහයක නිරත විය. පොලිසියේ එම අසාර්ථක උත්සාහය සමකාමිව මැඩපවත්වා ගනිමින් විදියේ විරෝධය සැළසුම් කළ ආකාරයෙන්ම විශාල ජනතාවකගේ සහභාගීත්වයකින් යුතුව පවත්වාගෙන යන්නට සංවිධාකයින් සමත් විය. ජනබලය පුවත්පත අලෙවි කිරීම ද සිදුවිය.

වැලිපිටිය වෙළෙඳපොළ අසළදී පොලිසිය විසින් සිදුකළ නිෂ්පල බලපෑම හේතුවෙන් හටගත් කලබලකාරි අවස්ථාවේදි එක්තරා වැඩිහිටි පිරිමි කෙනෙකු පැවසවේ ”ෙමි විධියට හිරිහැර කරන්න, කරන්න ඡන්ද වැඩිවෙයි.” කියාය.

වැලිගම සංවිධායක අජිත් මුණසිංහ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජස්ටින් ගලප්පත්ති යන අය ද ජනතාව අමතා කථා කළේය.

අද දින පස්වරුවේදි මාතර ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදී මාතර දිස්ත‍්‍රික් වීදීයේ විරෝධය ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත් වුහ. දකුණේ ශ‍්‍රී ලාංකික ජනතාවට අමතරව මාතර සිටින විදෙස් සංචාරකයින් ද විදියේ විරෝයට සම්බන්ධ වෙමින් ඊට සහය පළකරමින් වියරුවට එරෙහි අත් පළඳනා මිළදී ගැනිම, ජනතා අදහස් බිත්තියට අදහස් ලියා ඇළවීම, විධායක ජනාධිපති ධුරයට එරෙහි පෙත්සම අත්සන් කිරීම සහ විස්තර අසා දැනගැනීම සහ කිරීම මාතරදී කැපී පෙණුන ධනාත්මක සිදුවීම් වුහ.

මාතර, විදියේ විරෝධයේදී පූජ්‍ය    රාහුල හිමි සමගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර ද පළාත් සභා මන්ති‍්‍ර උපුල් නිශාන්ත යන අය ද ජනතාව ඇමතීය.

ජයතිලක බණ්ඩාරගේ සමාජ ගීත සංග‍්‍රයකින් සමන්විත වු විදියේ විරෝ්ධය වැඩසටහනේ ප‍්‍රධාන දෙසුම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් පවත්වනු ලැබිණි.

හෙට දිනයේදි හමිබන්තොට දිස්ත‍්‍රික්කයේ දි විදියේ විරෝධය දියත්වීමට නියමිතය.

සටහන සහ පිංතුර - මෙලනි මානෙල් පෙරේරා



2014-12-20
Advertisement

Find us on Facebook