English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බද්දේගමදී වීදියේ විරෝධයට බාධා !

වියරුවට එරෙහිව වීදියේ විරෝධය අද 2014.12.19 පෙරවරුවේදී දකුණේ බද්දේගම ප‍්‍රදේශයේ සංචාරය කළ අතර බද්දේගම බස් නැවතුම්පොළේ සිට නගරය වටා පාගමනේ යාමේදි එම බැනරය අකුලා ගන්නා ලෙසටත් පාගමන නවතා දමන ලෙසටත් බද්දේගම පොලිසියේ ස්ථානාධිපති විසින් වීදියේ විරෝධතාකරුවන් වෙත දැඩි බලපෑමක් එල්ල කළේය.

”මහත්වරුනි, බද්දේගම පෙළපාලි යන්න බැහැ. කරුණාකරලා බැනර් එක අකුලා ගන්න. බද්දේගම පෙළපාලි යන්න තහනම්.” යනුවෙන් බද්දේගම පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට විදියේ විරෝධාතාකරුවන් හට ඉහළ ස්වරයෙන් පැවසීය.
එම ඉල්ලීමට අවනත නොවු වීදියේ විරෝධය නැවතත් ගමන ආරම්භකරමින් ඉදිරියට ඇඳෙන්නට පටන්ගත් නමුත් යළිත් පෙළිපාලිය නවතන මෙන් පොළිස් ස්ථානාධිපතිවරයා අණකළේය. 

බද්දේගම නගරයේ ඔසවා තිබෙන මහින්ද රාජපක්‍ෂගේ සියලුම මැතිවරණ ප‍්‍රචාරණ කටඅවුටිස් ගලවා දමන්නේ නමි විදියේ විරෝධයේ බැනරය අකුලාගන්නා බවට ප‍්‍රකාශකළ විට පොළිස් ස්ථානාධිපතිවරයා එකඟ විය. ඒ අනුව විදීයේ විරෝධයේ බැනරය නොමැතිව පෙළපාලිය පමණක් වීදීසංචාරය කළේය. පෙරවරු 10.30 ට පමණ  මෙම පොළිස්/ආණ්ඩු විරෝධය හටගත් නමුත් වීදියේ විරෝධයේ සමිපූර්ණ වැඩසටහනඅවසන් වන තෙක්ම කටඅවුටිස් ඉවත්කරන පොලීසියේ පොරොන්දුව ඉටුකර නොතිබුණි.

බද්දේගම බස්ඩිපෝව අසළ පැවති වියරුවට එරෙහි වීදියේ විරෝධය අමතමින් ජයතිලක බණ්ඩාරගේ වීදී ගිතද මහජන පෙත්සම අත්සන් කිරීම ද විදි ප‍්‍රදර්ශණය ද වීදි නාට්‍යය ද කි‍්‍රයාත්මක වු අතර මහජනතාව අමතා ප‍්‍රාදේශිය පොදු විපක්‍ෂයේ දේශපාලන නායකයින් ද බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ද පවතින වියරුව පිිළිබඳව දැනුවත් කළේය.
විදියේ විරෝධය අද දින සවස් කාලයේදි ගාලු පුරවරයේ ජනතාව දැනුවත් කිරිම සිදුකළේය.

සටහන හා පිංතුර – මෙලනි මානෙල් පෙරේරා




2014-12-19
Advertisement

Find us on Facebook