English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කෝ මැකෝ යුක්තිය ?

පාලක පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රචාරන කටයුතු රට පුරා නීති විරෝධී ලෙසට භාවිතයේ යොදවමින් මැතිවරණ නීතිය ඇස්පනා පිට උල්ලංඝණය වෙමින් පවතින බැවින්, මැතිවරණ නීතිය නිසි ලෙසට ක‍්‍රියාත්මක නොකරන බවට චෝදනා නගමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව  අද දින (දෙසැ 18) කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.

ඇතැම් විද්්‍යුත් මාධ්‍ය විසින් ද මැතිවරණ නිති උල්ලංඝණය කරන නමුත් ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා කිසිඳු පියවරක් නොගන්නා බවද උද්ඝෝෂණකරුවන් පැවසූහ. එමෙන්ම මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා පිළිබඳව ද එවැනිම නිහඩතාවක් පවතින බවත්  ඕවිහු පැවසූහ.

මෙම උද්ඝෝෂණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය, ජාතික හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය මෙන්ම සිවිල් සංවිධාන රැුසක නියෝජිතයින් සහභාගි වී සිටියහ.

එරාන් වික‍්‍රමරත්න, චම්පික රණවක, සුජීව සේනසිංහ සහ අනෝමා ෆොන්සේකා මෙම උද්ඝෝෂණය හා එක්වි සිටියහ.


පිංතුර-ලංකාදීප



2014-12-18
Advertisement

Find us on Facebook