English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"අතුරුදහන්කර සිටින සොම්භාත් ආපසු එවන්න" - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

වසර දෙකකට පෙර, එනම් 2012 දෙසැම්බර් මස 15 වෙනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලා ඕස ජාතික මානව හිමිකම් ක‍්‍රියාධර මෙන්ම මැග්සාසෙයි සම්මානලාභි සොම්භාත් සොම්ෆොන් නිරුපද්ද්‍රිතව ආපසු එවන ලෙසට, ශ‍්‍රි ලංකාවේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විිසින් අද හවස (දෙසැ 17) කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පෙත්සමක් භාර දෙමින් ඉල්ලා සිටියේය.

ස්වාමිපුරුෂයෙක් , ගුරුවරයෙක්, ගොවියෙක් මෙන්ම ප‍්‍රජා සංවර්ධන කටයුතු වෙනුවෙන් මැග්සාසෙයි සම්මානයෙන් පිදුම්ලැබුවෙක් වන ලාඕස ජාතික සමාජ ක‍්‍රියාධර සොම්භාත් සොම්ෆන්ව එරට පොලීසිය විසින් ට‍්‍රක්රථයක දමාගෙන ගෙන පැහැරගෙන ගිය බවට සීසීටීවී කැමරා පද්ධතිය මගින් සනාථකර ඇති බව සඳහන්කරන පෙත්සම, පැහැරගෙන ගොස් දැනට වසර දෙකක් ගතවුවද ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බව සඳහන් කරයි.

සොම්භාත් සොම්ෆන්ව එසේ පැහැරගෙන යාම පිළිබඳවත්, වසර දෙකක් ඉක්මවා යමින් තිබියදීත් ඔහු ගැන කිසිඳු තොරතුරක් නොමැතිවීම පිළිබඳවත් ඔහුගේ අතුරුදහන්වීම හේතුවෙන් දුකට වේදනාවට පත්වී වසර දෙකක් තුළ ඔහු සොයමින් ඔහු ගැන තොරතුරක් සොයමින් සිටින සොම්භාත් බිරිඳ වෙනුවෙන් තම සංවිධානයේ සංවේගයත් මෙන්ම ධෛර්යත් ප‍්‍රකාශකර සිටින බව පෙත්සම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට පැවසීය.

අතුරුදහන්කර සිටින ලාඕස ජාතික මානව හිමකම් ක‍්‍රියාධරයා වෙනුවෙන් විරුද්ධත්වය පළකරමින් සහය පළකරන්නට පැමිණි පිරිස විසින් "සොම්භාත් කොහේද?" යන ශීර්ශයෙන් යුතු වු බැනර්යක් සමඟ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැය භාගයක පමණ නිශ්ශබ්ද විරෝධතාවයක් දක්වා අනතුරුව සොම්භාත් සොම්ෆොන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඉල්ලා සිටින අත්සන් සහිත පෙත්සමක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබිණි.

"අපි අද අතූරුදහන්වුවන්ගේ පවුල්එකතුව නියෝජනය කරන ආසියාවේ රටවල අතුරුදහන්වීම් වෙනුවෙන් මැදිහත්වන සංවිධානයක් වන ඇෆාර්ඞ් සංවිධානය නියෝජනය කරමින් තමයි සොම්ෆොන්ගේ පැහැර ගැනීම වෙනුවෙන් මැදිහත්වීම වගේම විරෝධතාවය දක්වන්නෙ. මේ සංවිධානය මගින් දෙසැම්බර් 15 සිට 20 වෙනිදා දක්වා ආසියානු රටවල ලාඕස තානාපති කාර්යාල මූලික කරලා උද්ඝෝෂණ පවත්වනවා සොම්භාත්ට වෙච්ච දේ කියන්න කියලා. නමුත්  ලා ඕසය රට වෙනුවෙන් අපේ රටේ තානාපති කාර්යාලයක් නැහැ. ඒ නිසා අපි අපේ ඉල්ලීම සහිත පෙත්සම යුඑන් කාර්යාලයට භාරදෙන්නට තීරණය කළා. යුඑන් කාර්යාලයෙන් අපි ඉල්ලා සිටින්නේ, මේ ක‍්‍රියාධරයාට වෙච්ච දේ සොයන්න යුඑන් කාර්යාලය මැදිහත් වෙන්න ලාඕස ආණ්ඩුවට කියලයි." යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු කීහ.

"මානව හිමිකම් වෙනුවෙන් කටයුතුකරන්න ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ,නිදහසක් තිබෙනවා. නමුත් එවැනි ක‍්‍රියාධරයින්ට එරෙහිව පාලන අධිකාරියකින් යමක් සිදුවෙනවානම් ඊට එරෙහි වෙන්නට අපිට යුතුකමක් තිබෙනවා. ඒ නිසා තමයි ශ‍්‍රි ලංකාවෙන් බොහෝ් දුර සිිටි ක‍්‍රියාධරයෙක් වුවත් අපි සොම්භාත්ගේ අතුරුදහන්වීම වෙනුවෙන් විරුද්ධත්වය ප‍්‍රකාශකරන්නටත් තවදුරටත් ඔුහු කොහේද සිටින්නේ කියන ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නටත් කියන ඉල්ලීම ඉදිරිපත්කරන්නට මෙසේ ඒකරාශි වුණේ" යැයි  සොම්භාත් වෙනුවෙන් සහයෝගිතාවය දැක්වීමට පැමිණි සිටි ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරන ව්‍යාපාරයේ කළමණාකරු සුනිල් ශාන්ත ප‍්‍රකාශ කළේය.

සොම්භාත් සොම්ෆොන් නිදහස්කර ගැනීම වෙනුවෙන් සහයෝගිතාවය දැක්වීම සඳහා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, ජාතික ධීවර සහයෝගීතාවය, ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ශ‍්‍රි විමුක්ති කාන්තා එකතුව, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයකම නියෝජිතයින් මෙන්ම නීතිවෙිදීන් කිහිප දෙනෙක් ද සහභාගි වුහ.

සටහන සහ පිංතුර  -  මෙලනි මානෙල් පෙරේරා 



2014-12-17
Advertisement

Find us on Facebook