English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මුකො තීන්දුව ඉදිරි පැය 48 ඇතුළත

ජනාධිපති ලේකම්වරයා සහ ප්‍රබල ඇමැතිවරු තිදෙනකු සමග ඊයේ (15දා) පෙරවරුවේ තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත් වූ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කිනම් අපේක්‌ෂකයාටද යන්න පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි පැය හතළිස්‌ අට (48) තුළ ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම යන මහත්වරුන් ආණ්‌ඩුව නියෝජනය කරමින් සහ ඇමැති රවෆ් හකීම් මහතා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ඊයේ (15 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැය දෙකකට ආසන්න කාලයක්‌ සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මෙන්ම ආණ්‌ඩුවේ නියෝජිතයෝද ප්‍රතික්‌ෂේප කළහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතාට සහාය දෙනවාද, විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙනවාද යන්න පිළිබඳ අවසන් තීන්දුව ඊයේ ආණ්‌ඩුවේ නියෝජිතයන් සමග කළ සාකච්ඡාව අනුව තීරණය වනු ඇතැයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසුවේය.

කෙසේ වෙතත් මෙම කරුණු ඉදිරි දින දෙක තුළදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්‌ඩලය හමුවේ සාකච්ඡා කර අවසන් තීන්දුවට එළැඹෙන බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

අජිත් අලහකෝන්
උපුටා ගැනීම - දිවයින ඔන්ලයින්
ඡායාරූපය - Internet
 
-MMP



2014-12-16
Advertisement

Find us on Facebook