English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මෛත‍්‍රි ප‍්‍රතිපත්තිය 19 වෙනිදා !

රටට ජනතාවට හිතකර පියවර රාශියක් ඇතුළත්කොට සකසා ඇති මෛත‍්‍රි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මේ මස 19 වෙනිදා එළිදක්වන බව රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කරයි.

රට සංවර්ධනය කළ යුතුය යන ස්ථාවරයේ සිටින ඔවුන් එය කළ යුත්තේ යහපත් ආකාරයෙන් බවත් ඒ අනුව රටට ඩොලර් බිලියන ගණනක ඉතිරියක් හිමිකරදෙන උපාය මාර්ග ද තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ හා මාධ්‍යවේදීන්ට ස්වාධීනව කටයුතු කලහැකි වාතාවරණයක් ලබාදීමේ ක‍්‍රියාමාර්ග ද අඩංගුවන බව රාජි’ත සේනාරත්න පවසයි.

විදේශ බැංකුවල තිබු ඉන්දියානු ධනපතීන්ගේ ධනය ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනිමට ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදී ක‍්‍රියාත්මක වු ලෙසට ම මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වි දින 100ක් ඇතුලත විදේශීය බැංකුවල තිබෙන මෙරට ධනපතීන්ගේ කළු ස ල්ලි ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද මන්ත‍්‍රි සේනාරත්න පවසයි.
 
පසුගිය සතියේ දි විදියේ විරෝධය සිවිල් සංවිධාන සාමුහිකය සකස්කර පිළිගන්වනු ලැබු  සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා කෙටුම්පත භාර ගනිමින් ,සකස්කරමින් යන තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකශනයේ නොමැති කරුණු කාරණා සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියෙන් ගෙන අඩුපාඩු සකස්කරන බවට මෛත‍්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකතුමා දන්වා සිටියේය.
-MMP



2014-12-16
Advertisement

Find us on Facebook