English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දරුණු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 37 ක්!

"විශ‍්‍රාම ගිය හමුදා නිළධාරීන් රටේ සෑම පළාතකටම යවමින් ජනතාව මානසීක පීඩනයකට ලක්කිරීමට පටන් අරගෙන." යැයි නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රි ගේ ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ 14 වෙනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදි ඔහු මේ බැව් අනාවරණය කර ඇති අතර, මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ දරුණු ගනයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 37ක්  වාර්තා වී ඇති බවත් ඉන් සිද්ධීන් දහයක් ම වෙඩි තැබීම් හා බෝම්බ ගැසීම් බවත් ප‍්‍රකාශකරයි.

එමෙන්ම, ආරක්‍ෂක අංශයේ නිළධාරීන් සිවිල් ඇඳුමින් යුතුව රටේ සෑම පළාතකටම යවා ඇතැයි සඳහන්කරන නීතිඥ ශිරාල්, ඔවුන්ගේ නාම ලේඛණයක් තමන් සතුව ඇතැයි පවසයි. එවැනි වැරදි සහගත ක‍්‍රියාවන් හී නිරතවන හමුදා නිළධාරීන්ට විරුද්ධව ඉදිරියේදි ක‍්‍රියාමාර්ග ගන්නා  බව ද ඔහු පවසයි.

මීට අමතරව හමුදා නිළධාරීන් ලවා පන්සල්වල ධර්මදේශනා සංවිධානය කරමින් දේශපාලන රැස්වීම් පැවැත්වීමට ද පියවර ගෙන ඇතැයි සඳහන් කරයි.

-MMP




2014-12-16
Advertisement

Find us on Facebook