English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිතුමාගේ සාක්කුවෙන් දෙන ඒවායැ මේ !

රජය කිසිම විටෙක දේශපාලන වාසි තකා ජනතාවට සේවය නොකළ බව ප‍්‍රකාශ කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තම ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින් හට යතුරු පැදි ලබා දුන්නේ රාජ්‍ය සේවාව කාර්යක්‍ෂම කිරීමට බව ප‍්‍රකාශ කළේය. ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කළේ, කඩුගන්නාව මහජන ක‍්‍රීඩාංගණයේ පැවැති මැතිවරණ රැළියක් ආමන්ත‍්‍රණය කරමිනි. 

ජනාධිපතිතුමා මෙසේ ප‍්‍රකාශකරන වදන්වල සත්‍යගරුක බව කොතෙක් ද කියන්නේනම්, නොවැම්බර් මස 30වෙනිදා, රට වටා සිටින සමත මණ්ඩලයේ නිළධාරීන් පිරිසක්, එනම් 300කපමණ පිරිසක් අරලිය ගහ මැදුරට කැඳවු ජනාධිපතිතුමා සමත මණ්ඩලයේ නිළධාරීන් කරනු ලබන සේවාව අගයා ලබන වසරේ සිට ඔවුනට තව තවත් උසස්වීම් ලබා දී මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසඳීමේ කාර්යය තවත් වඩා හොඳින් කරගෙන යන්නට ඔවුන්ට දිරි දෙන බව ප‍්‍රකාශකර ඇත.

"ලංකාවේ උසාවිවලට විසඳන්නට බැරි ප‍්‍රශ්න අපේ සමත මණ්ඩල හරහා විසඳාදීම ගැන ජනාධිපතිතුමා බොහෝම ප‍්‍රසංශනීය විධියට කථා කළා. ස්තුති කළා. අපි කරන සේවය අගය කරපු එතුමා ආණ්ඩුවේ වැඩකටයුතු හොදින් කරගන්නට අපේ සහය තවදුරටත් අවශ්‍යය බව කීවා. ඒ නිසා හොඳින් කල්පනා කරලා බලන්න කීවා අපි මැතිවරණයේදි කාටද සහය ලබාදෙන්න  ඕනේ කියලා. අපි හැම කෙනෙකුටම අතට අත දීලා රුපියල් 2000 (දෙදහස බැගින්) ගාණේ දුන්නා." යැයි උතුරු ප‍්‍රදේශයේ සිට අරලිය ගහමැඳුරට පැමිණි සමත මණ්ඩල කාන්තා නිළධාරිනියක් අයිතියට මුණගැසි ප‍්‍රකාශ කළා. (2000/=x300= 600,000/=)

එමෙන්ම, "මහින්ද චින්තනයෙන් ඔබට සවියක්" සහිත ස්ටිකර් දෙක බැගින් ගසා පසුගිය දිනවල ලංකාව වටා බෙදාදුන් යතුරු පැදි සම්බන්ධයෙන් ඒවා ලබාගත් රජයේ සේවකයින්ම පවසන්නේ ජනාධිපතිතුමාට හදිස්සියේම මතක් වෙලා, ඇරත් ඡන්ද කාලයේදිමයි රජයේ සේවය කාර්යක්‍ෂම කරන්නට අවශ්‍යතාවයක් පහළවී තිබෙන්නේ කියාය. අපිට මොකද, මේ වගේ ප්ලේෂර් බයික් එකක් අඩුගාණට ගන්න පුළුවන්නම් ගත්තම මොකෝ. මොකද ජනාධිපතිතුමාගේ සාක්කුවෙන් දෙන ඒවා යැ මෙි සැළකිළි!!


-MMP



2014-12-15
Advertisement

Find us on Facebook