English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති සිහිනය නම් ලෝකය දිනන්න පුළුවන් දරුපරපුරකට රට සුදානම් කිරීමයි !

තමන් බලයට පත්වී වසර 4කින් යුද්දය නිමාකර රට සංවර්ධනය කළ බව පවසන වර්ථමාන ජනාධිපති සහ ඊළඟ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ ඊළඟ අවශ්‍යතාවය වනුයේ ලෝකය දිනන්න පුළුවන් දරු පරපුරක් සඳහා මේ රට සුදානම් කිරීම යැයි පවසයි. ඒ සඳහා තමන් සතුව වැඩපිිළිවෙළක් ඇති බවද ඔහු පවසයි. මෙසේ ප‍්‍රකාශ කළේ දෙසැ12 දා මාතර තෙලිජ්ජවිල සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව පැවති රැළියක් අමතමිනි.

එමෙන්ම,ජනතාව මෙතුවක් තම ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් සුරකින බව ද පැවසීය.

රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසිය.

”අපි අවරුදු 30ක් යුද්ධ කළා. අපි 2005 ඇවිල්ලා අවුරැුදු 4කින් යුද්ධය අවසන් කළා. අපි රට සංවර්ධනය කළා. එදා පැයගණන් ගෙවලා කොළඹට හෝ මාතරට යන්න ගත්ත වෙලාව අද විනාඩි ගණනකට බැහැලා. අපේ ඊළඟ පරමාර්ථය ඔබේ දරු පුරපුර වෙනුවෙන් රට හදන්න. ඉතිං අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. අපිත් එක්ක පුද්ගලයෝ නෙවෙයි එක්කහුවෙල ඉන්නේ, අපිත් එක්ක ඉන්නේ පක්‍ෂ. ඔබ මේ පක්‍ෂ අදුනනවා. වැඩකරල තිබෙනවා. ඔබ ඉදිරියට ඇවිල්ල තිබෙනවා. ඒ නිසා ඔබ අපි කෙරෙහි දෙදපාරක් විශ්වාස තිව්වා. ඒ විශ්වාසය අපි කඩකළේ නැහැ. ඒ නිසා අපි තවදුරටත් ඒ විශ්වාසය කඩකරන්නේ නැහැ කියන එක අපි තමුන්වහන්සේලාට මතක් කරනවා.”

”එදා අපිට තිබුණු රට නෙවෙයි අද තියෙන්නෙ. දියුණු වෙච්ච රටක් අපිට තියෙනවා. මේ දරුවො යන්න  ඕනේ ලෝකයක් තියෙනවා. රටත් එක්ක යන ගමන් ලෝකයක් තිබෙනවා මොකද ඔබ ලෝකය දිනන්නයි කටයුතු කරන්න  ඕනෙ. ඔබට පුළුවන්. ඒ නිසා අපි අද හදන්න  ඕනේ අන්න ඒ ලෝ්කය දිනන්න පුළුවන් දරුපිරිසක් බිහිකරන්න අවශ්‍ය වැඩපිළිවෙල. ඒ හින්ද තමයි මහින්දෝදය විද්‍යාගාර හදලා රටපුරා ඒ වැඩපිළිවෙල අපි දියත් කළේ. ”
-MMP



2014-12-13
Advertisement

Find us on Facebook