English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘රටේ සෑම අංශයකම පිරිහීමක් තමයි දකින්නෙ. ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි’ – සවිස්ත‍්‍රි කාන්තා සංවිධානය


"දේශපාලන බල ව්‍යුහයන් ගත්තම, ඒ තුළ මෙකී ජයග‍්‍රහණය තමන් සතු කරගැනීම සඳහා හැකි උපරිම බලය සහ ධනය භාවිතා කරමින් තමන්ට එරෙහිව වන කොටස් මර්ධනයට ලක් කිරීමට පවා පෙළෙඹිලා තියෙනවා. රටේ සෑම අංශයකම පිරිහීමක් තමයි දකින්න තියෙන්නේ. මැරකම්, මංකොල්ලකෑම, ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර, සුභසාධක වැඩපිළිවෙල කප්පාදුව, පරිසර විනාශය, මිනිසා විසින් නිර්මානය කරන ලද විපත් වෙළෙඳකලාප තුල ශ‍්‍රම සූරා කෑම, මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් විදින හිරිහැර, ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම, අවතැන්වූවන් වැඩිවිම, ඒ අතර විශේෂයි.” මෙසේ කියන්නේ සවිස්ත‍්‍රි කාන්තා ජාතික ව්‍යාපාරයේ, ජාතික ලේකමි, පද්මා පුෂ්පකාන්ති මෙනවියයි.

සමාජ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක අවශ්‍යතාවය පෙන්වා දෙන පද්මා පුෂ්පකාන්ති අයිතිය වෙබි අඩවිය නැඟු ප‍්‍රශ්න කිහිපයකට මෙසේ පිළිතුරු දෙයි.

ඔබ කාන්තා ක‍්‍රියාකාරිනියක ලෙසට වත්මන් සමාජ ආර්ථික දේශපාලනික ක‍්‍රියාවලිය තුල දකින කැපී පෙනෙන ලක්‍ෂණ කවරේද ?
අද  රටේ පූදුම ආකාරයේ කලබලකාරි පරිසරයන් තියෙන්නේ.  මිනිස්සු යාන්ත‍්‍රික වෙලා ජීවත් වෙන්න විශාල මහන්සියක් ගන්නවා. ප‍්‍රාග්ධනය මූලික කරගෙන හැමදේම තීරණය කරන සමාජයක් අද තියෙනනේ. මුදල් තියෙනව නම්  ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියන මානසිකත්වය බොහෝ පිරිසක් තුල ගොඩනැගිලා, ඒ නිසාම කෙසේ හෝ මුදල් ඉපයීම කියන කාරණයට මුලිකත්වය දීල තියෙනවා.

ඒ වගේම අවශ්‍යතා මවන ආකාර්ශණීය වෙළෙඳපොල ක‍්‍රමයක් අද පවතින්නේ. අත්‍යවශ්‍ය නොවුනත් කෙසේ හෝ එවැනි ආකර්ශණීය භාණ්ඩ, උපකරණ වගේම ගොඩනැගිලි ඉඩකඩම් තමන් සතු කරගැනීෙමි අත්මාර්ථකාමි අභිලාශය බහුතරයක් සිත්තුල ජනිත වෙලා. මෙහි ප‍්‍රමාණය එකිනෙකාගේ ආර්ථික ශක්තිය එසේ නැත්නම් ක‍්‍රය ශක්තිය මත තමයි තීරණය වෙන්නේ. මේ නිසාම මිනිස්සු නොනවතින අරගලයක යෙදෙනව. මේ අභිමතාර්ථය මදුුන්පත් කර ගැනීෙමි කාර්යයේදී සාරධර්ම රැකීම පිළිබඳව හෝ අනෙකා පිළිබඳව සිතීම හෝ සොබාදහම ජීවත් වන පරිසරය පිළිබඳව සිතීම හෝ අඩුම තරමින් මිනිසත්කම පිළිබඳව තැකීම හෝ නොකරන තත්වයක් තමයි පවතින්නේ.   

දේශපාලන බල ව්‍යුහයන් ගත්තම, ඒ තුළ මෙකී ජයග‍්‍රහණය තමන් සතු කරගැනීම සඳහා හැකි උපරිම බලය සහ ධනය භාවිතා කරමින් තමන්ට එරෙහිව වන කොටස් මර්ධනයට ලක් කිරීමට පවා පෙළෙඹිලා තියෙනවා. රෙටි සෑම අංශයකම පිරිහීමක් තමයි දකින්න තියෙන්නේ. මැරකම්, මංකොල්ලකෑම, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර, සුභසාධක වැඩපිළිවෙල කප්පාදුව, පරිසර විනාශය, මිනිසා විසින් නිර්මානය කරන ලද විපත් වෙළෙඳකලාප තුල ශ‍්‍රම සූරා කෑම, මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් විදින හිරිහැර, ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම, අවතැන්වූවන් වැඩිවිම, ඒ අතර විශේෂයි.

මෙම ආර්ථික ක‍්‍රමය හා වෙළෙඳපොළ ක‍්‍රමය තුල කාන්තාවන් ලාභ ශ‍්‍රමය දෙන්නන් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන් ඇගළුම් හා මැදපෙරදිග ගෘහ සේවය මෙන්ම වතු කම්කරු කේෂත‍්‍රය තුල ඉතාම අඩු තක්සේරුවක් තමයි කාන්තාවන්ට තියෙන්නේ. ඒ නිසාම කාන්තාවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය වැඩිවෙලා තියෙනවා. බොහෝ විට එහි කෙලවර ස්ත‍්‍රී දූෂණයක්. එහෙම නැත්නම් මිනී මැරුමක්.

කාන්තාවන්ගේ මෙම අවිෙවිකී තත්ත්වය හා පහත් ආර්ථික මට්ටම නිසාම පෝෂ්‍යදායී ආහාර ෙවිලක් ලබාගැනීමට නොහැකියි. මේ වෙනකොට ගැබිණි මවුවරුන් අතර රක්තහීනතාවය 38% ක්  සෞඛ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂමතාවය හා නොසැළකිලිමත්කම නිසාම බොහෝ කාන්තාවන්ට විවිධ ආකාරයේ ශාරිරික ආබාධිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා. මෙය සෞඛ්‍ය සේවාව ලාභ ලබන ජාවාරමක් බවට පත් කිරීමෙ ප‍්‍රතිපලයි.

ඒ වගේම යුද්ධයේ ප‍්‍රතිපලයක් ලෙස උතුර නැගෙනහිර ජීවත්වන කාන්තාවන්ගෙන් වැඩිදෙනකු ගෘහ මූලික කාන්තාවන්, ඔවුන්ගේ ජීවත හෝ ජීවනමාර්ග ගොඩනැගීම පිිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. විටන් විට අතුරුදහන් කරනු ලබන සහකරුවන්ගේ බිරින්දෑවරුන් දරුවන් සමග ජීවිත සටන ගෙන යාමට නොහැකිව බොහෝ අසරණ තත්ත්වයට පත්වෙලා. එසේ අතුරුදහන් කරවූවන් වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමර්ග ගැනීම ප‍්‍රමාදවීමත් ඒ මත බලාපොරොත්තු  සමග ජීවත් වන තරුණ කාන්තාවන්ට බරපතල අසාධාරණයක් සිදවෙලා තියෙනවා.


සමාජ ක‍්‍රියාකාරනියක ලෙස  මෙය පිළිගත හැකිද ?
කොහෙත්ම බැහැ. මෙම තරගකාරිත්වය තුල පීඩනයට පත්වෙන්නේ රටේ  සාමාන්‍ය මිනිස්සු ගොවීන් ධීවරයින් වතු කම්කරුවන් සුළු නිශ්පාදකයින් විශේෂයෙන් කාන්තාවන්.

නොහැකි නම් කුමක් ද විය යුත්තේ ?

පවතින සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය සමපූර්නයෙන් වෙනස් විය යුතුයි. ප‍්‍රතිසංස්කරණයක් විය යුතුයි.

කුමන ආකාරයේ වෙනසක් /ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳවද ඔබ අදහස් කරන්නේ?

අපේ අත්දැකීම නම්, මේ පවතින ක‍්‍රමය තුල පරිසරය පිළිබඳවත් ඒවායින් ජීවත් වන මිනිස්සු පිළිබඳවත් සැළකිලිමත් නැහැ. අපි අපේක්ෂා කරන ප‍්‍රතිසංස්කණය රටේ සාමාන්‍ය මිනිස්සු පිළිබඳව හිතන පරිසර හිතකාමි වන ජීවන මාර්ග ආරක්ෂා වන සංවර්ධන වැඩපිළිවෙලක් විය යුතූයි. කාන්තාවන්ට මෙන්ම සියළු පුරවැසියන්ට ගෞරවනීය ලෙස සැලකෙන නිදහස් අධ්‍යාපනය රැකෙන සෞඛ්‍ය සංරක්ෂණය වන ජීවන බර අඩු කරන ජාති ආගම් ස්ත‍්‍රි පුරුෂ භේදවලින් තොර මානව හිමිකම් සුරකින නීතියේ ස්වාධිපත්‍ය රැකෙන යහපත් සාමකාමි පරිසරයක් පැවතිය යුතුයි.
 
කාන්තා ක‍්‍රියාකාරිණියක් ලෙසට ඔබ යෝජනා කරන වැඩපිළිවෙල කෙබඳුද ?
    සොබාදහම සමග බැ`දුණු ස්වාභාවික ක‍්‍රියාකාරිත්වයට යලි ගොඩනැගීමට අප ඉඩ දිය යුතුය. ඒ ස`දහා ගහකොළ, සුළ`ග, ජලය, හිරු එළිය, පස සහ මිනිසා අතර පැවති සම්බන්ධය අප අවබෝධ කර ගත යුතු ය. ඒ මත පදනම්ව සියලූ සංවර්ධන සැලසුම් සකසිය යුතු ය.

    මෙම ක‍්‍රියාවලිය වඩා ඵලදායක ලෙස ගොඩ නැගිය හැක්කේ ඒවායින් ජීවත්වන ගොවීන්ට, ධීවරයින්ට සහ වතු කම්කරුවන්ට, මෙන්ම මෙම සියළු අංශවල කාන්තාවන්ටයි. එවැනි සම්පත් ඵලදායී ලෙස පරිහරණය කරන ආකාරය පිළිබ`ද තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට හිමිවිය යුතු ය.

    ඒ මත වඩා පිළිගත් රැකියා අවස්ථා නිර්මාණය කළ හැකිය. එවිට ස්ත‍්‍රීන් වහලූන් ලෙස හෝ ලාභ ශ‍්‍රමය දෙන්නන් ලෙස නොව අභිමානවත් ලෙස තම නිපුණතාවයන් භාවිතාවට යොදවන පුරවැසියන් බවට පත්වනු ඇත.

    ඒ ස`දහා රාජ්‍ය ප‍්‍රතිපත්තියක් සැකසිම දිරි ගැන්වීම හා ගොඩනැගීම කළ යුතු ය.
    දේශීය නිෂ්පාදන කර්මාන්ත වලින් සුළු නිෂ්පාදකයන් ඉවත්වීමට ඉඩ සළසන අපනයනය ස`දහා වු නිෂ්පාදන වලට යොමුකෙරන්නා වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ පෞද්ගලික සමාගම් වලට මැදිහත්වීම වහා අහෝසි කිරීම. යෝග්‍ය තාක්ෂණය ගොවීන්ට, ධීවරයින්ට සහ කාන්තාවන්ට ලබාදීම හා දේශීය ඥාණය හා උච්ත ඥානය  උපයෝගී කර ගැනීමට අවශ්‍ය  පසුබිම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතුය.

    තීරණ ගැනීමෙි කි‍්‍රයාවලියේදී ප‍්‍රමාණවත් අයුරින් ස්ත‍්‍රී නියෝජනයක් නැත එසේම ස්තී‍්‍ර දූෂණ හා ස්තී‍්‍ර හිංසන පිලිබදව මෙන්ම මෙම පීඩාවන්ට එරෙහිව නැගී සිටීමට කාන්තාවන් පෙරට ඒම අතින් ශී‍්‍ර ලංකාවෙි කාන්තාවන් ගේ දායකත්වය අතිශය දුර්වලය. මෙම ක්ෂේත‍්‍ර තුළ මේ තත්ත්වය වර්ධනය කිරීම ස`දහා ඉවහල් වන වැඩසටහන් මාළාවක් දියත් කළ යුතුය.

    පවුල් තුළ ග‍්‍රාමීය සමිති සමාගම් තුළ ප‍්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ආයතන තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට කාන්තා නියෝජිතයින්ගේ සහභාගිත්වය වර්ධනය කිරීම ස`දහා අවශ්‍ය නෛතිකමය කටයුතු ආර්ථික හා සමාජී්ය සහයෝගය ලබාදිය යුතුය.

    මානව හිමිකම් ප‍්‍රඥප්තිය සහ සීඩෝ සම්මුතිය ක‍්‍රියාවට නැංවීම බලධාරීන්ගේ වගකීමකි, ඒවා සොයා බැලීමේ සෘජු වගකීමෙන් ද ජනතාව බැහැර විය යුතු නැත. ඒ සඳහා වගකිව යුත්තන්ට බලපෑම් කිරීෙමි වැඩසටහන් සම්පාදනය කල යුතුයි.

    රටේ යහ පාලනය තහවුරු කිරීමඃ ප‍්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කල යුතු ය. ඒ ස`දහා 2012 දී යෝජනා කල උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාවට නැංවිය යුතු ය.

    අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට ගම්මට්ටමේ සිට ඉහළට ක‍්‍රියාත්මක ආයතන සක‍්‍රීය කිරීමට මහජනතාවගේ දායකත්වය ලබාගත යුතු ය.

    ලිංගිකත්වයේ සැබෑ අරුත කියාදෙනු ලබන, ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු බිහි කිරීමට ඉවහල් වන මාතෘත්වයේ පැවැත්ම තහවුරු කරන නිසිි ප‍්‍රජනන ක‍්‍රියාවලිය පිලිබදව ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කළ යුතු ය.

    සම්ප‍්‍රදායික සහ ස්වභාවික ක‍්‍රම අනුව ආහාර කල්තබා ගැනීම, සැකසීම හා පරිභෝජනය කරන ක‍්‍රම පිළිබ`ද අධ්‍යාපනික වැඩසටහන් ක‍්‍රියාත්මක කල යුතුය. මේ ස`දහා කාන්තාවන් සතුව ඇති සම්ප‍්‍රදායික තාක්ෂණ හැකියාවන් උපයෝගී කර ගත යුතුය.

    මත්ස්‍යය නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවි කිරීම ස`දහා රාජ්‍ය අංශයේ මැදිහත්වීමත් මගින් නිශ්පාදන සම්පත් දිරිගැන්වීමත් සහතික මිලක් නියම කිරීමත් පාරිභෝගිකයන්ගේ ක‍්‍රය ශක්තියට දරා ගත හැකි මිලක් සහතික කල යුතුය.

    රටේ ආහාර සුලබතාවය, පිරිසිදු ජලය සුලබ කිරීම නිරෝගි තාවය ඇතිකිරීම, දේශීය ස්වභාවික සම්පත් කළමණාකරිත්වයෙන් යුතුව භාවිතා කිරීම හා රැුකගැනීම වැනි කටයුතු අඩු වියදමකින් කළ හැකි බැවින්, ඒ ස`දහා ස්ත‍්‍රීන්ගේ මැදිහත්වීමෙන් වැඩ පිළිවෙළක් ගොඩ නැගිය යුතුය.

    රට තුළ උග‍්‍රව ඇති දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණය පිටුදැකීම කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වමින්, ජාතික පෝෂණ වැඩ පිළිවෙළක් දියත්කිරිම සහ ග‍්‍රාමීය මට්ටමින් පෝෂණය නැංවීම ස`දහා මෙන්ම ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම ස`දහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කඩිනමි වැඩසටහන් දියත් කිරීම,
    තමාගේ ශරීරය හා ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය කාන්තාවට තිබිය යුතුය. (කාන්තාවන්ගේ අකමැත්ත හෝ නොදැනුවත්කම මත සිදුවන ගැබ්ගැනීම් වලදී එම වගකීම් වලින් කොටසක් සමාජයටද හිමිවේ.)

    විවාහක හෝ අවිවාහක කාන්තාවන් පමණක් මූලිකත්වය ගනු ලබන පවුලක් තුල බිහිවන දරුවන්ගේ වගකීම සමාජය වශයෙන් පිළගත යුත්තකි කොන් කිරීමට සහ වෙනස් කොට සැලකීමට භාජනය නොවිය යුතුය.

    ලිංගික වෘත්තිකයන්,ආබාදිත හෝ කාන්තාවනට සිදුවන වෙනත් අන්දමක අපහසුතාවයකදී ඇයට අවශ්‍ය සෞඛ්‍යය පහසුකම් ලබාදීමේදී ඇය අවඥාවට, ගැරහීමට හෝ පීඩාවට ලක් නොවන අන්දමින් ඇයට අවශ්‍ය පහසුකමි සැපයිය යුතුය.

    සුනාමි, `ගං වතුර, නාය යෑම් වැනි හදිසි අවස්ථා වලදී මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණයට හා රැකවරණයට අවශ්‍ය කටයුතු වහාම ඉටුකළ යුතුය.

    ස්ත‍්‍රීන්ගේ නිදහස හා රැකියාවේ සුරක්ෂිත බව රැකෙන ආකාරයේ කමිකරු නීති සැකසිය යුතුය.

    සේවා ස්ථාන ආශ‍්‍රිතව මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය  හා පැවැත්ම පිළිබ`දව තහවුරු කරනු පිණිස නියමිත ප‍්‍රමිතියට අනුකූලව දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීමට කටයුතු කළ යුතුය.

    වතු කම්කරු කාන්තාවන් ඇතුලූ සියලූම කම්කරු කාන්තාවන්ගේ වෘත්තීය හේතුකොට ගෙන මතුවන්නා වූ වෘත්තිමය සෞඛ්‍ය ගැටළු රෝගාබාධ තත්ත්වයන් වැලැක්වීම හා සමනය කිරීම ස`දහා වැඩ පිළිවෙළක් දියත් කළ යුතුය.

    සමාජ ආරක්ෂණය සඳහා පවතින ලබනු සියළුම සේවාවන්හිදි සමාන අයිතිනක් පැවතිය යුතු අතර මාතෘත්වය පදනම් කොට ගෙනඇතිවන්නාවූ වෙනස්කම් මත විශේෂීත සේවාවන් කානතාවන් සඳහා ක‍්‍රියාත්මක කල යුතුය.

    නිෂ්පාදන කාර්යයේදී මෙන්ම ජීවනෝපායේදීත් කාන්තාවගේ දායකත්වය හ`දුනාගෙන, දේපළ අයිතිය, සහභාගිත්වය සහ ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සමාන හා සාධාරණ කොටස් කාන්තාවන්ට ලැබෙන බව සහතික කෙරෙන පියවර ගත යුතුය.

    ජනතාව සතුව පවතින ස්වයං තීරණ ගැමේ අයිතිය තහවුරු කරන අකාරයේ බලය බෙදීෙමි ක‍්‍රමෙවිදයක් ගොඩනැගිය යුතුය.
 
    යුද්ධයෙන් අවතැන් වූ තම ගම් බිම් තුල කාන්තාවන් යළි පදිංචි කොට ඔවුන්ගේ ජීවන මාර්ග ස්ථාපිත කල යුතුය.

    ප‍්‍රධාන ධාරාවේ හා අනෙකුත් සන්නිෙවිදන මාධ්‍ය මගින් කාන්තාව හිසනයට හා අපහසුතාවයට පත් කරන ඒක පාර්ශවීය ලෙස කටයුතු කිරීම වහා නැවතිය යුතුය.
 
    උතුරේ දකුණේ  - රට පුරා කාන්තාවන් හා ළමයින් පාවිච්වි කිරීම වැළැක්වීමට කඞ්නම් පියවර ගත යුතුය

    කාන්තාවන්ට ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් සමාන ලෙස භුක්ති වි`දීමේ අයිතිය සහතික කිරීම.

    කාන්තාවන් පිළිබ`දව රටේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ප‍්‍රතිපත්තීන්හිදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`ද විශේෂයෙන් ක‍්‍රියාකිරීමට යොමුකරවීම.

    සංවර්ධන කාර්යයට දායක වන සියලූම කාන්තාවන්ට සමාන අවස්ථා සපයා ගැනීම සහතික කිරීම සහා අධ්‍යාපනික, පුහුණු කටයුතු වලදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයට සමාන අවස්ථා සපයාගැනීම සහතික කිරීම.

    තීරණ ගැනීමේ සියලූ බල ව්‍යුහයන් තුළ ගුණාත්මක  කාන්තා නියෝජනය සියයට 50‍ දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම.


ඉහත ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික කිරීම වෙනුවෙන් කාන්තා ක‍්‍රියාකාරනියන් ලෙස ඔබේ/සංවිධානයේ දායකත්වය ගැනත් කථා කළොත් ?
අපි කාන්තා සංවිධානයක් ලෙසට, වසර ගණනාවක් තිස්සේ අපි රටේ පොදු ප‍්‍රශ්න වෙනුවෙන්, ගොවි ධීවර වතු කම්කරු සහ සෙසු කේෂත‍්‍ර වල මෙන්ම විශේෂයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් සමග එක්ව අත්දැකම් බෙදාගනිමින් ඔවුන් අතර සංවිධාන ශක්තිය ගොඩනගා ගැනීමට මග පෙන්වීම් කරමින් සංවිධානය වූ කාන්තාවන් සමග පරිසර හා මානව හිතවාදි වැඩපිළිවෙලක්  දියත් කරමින් සිටින කණ්ඩායමක්. 

එසේම  බොහෝ අවස්ථා වල පවතින සංවර්ධනයේ අයහපත් ප‍්‍රතිපල විදින ජන කණ්ඩායම සමග එක්ව ඒ සඳහා සාධාරණ විසදුම් ලබා ගැනීමට අඛණ්ඩ බලපෑම් ක‍්‍රියාවලියක නිරත වෙමින් සිටින කණ්ඩායමක්.

සමාජය වඩා යහපත් කිරීමේ වුවමනාවෙන් මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා මෙන්ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා සංවිධානය වන අනෙකුත් සහෝදර සංවිධාන සමග එක්ව නිරන්තර දැනුවත් වෙමින් යහපත් වෙනසක් නැතිනම් ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් නිරන්තර බලපෑම් ක‍්‍රියාවලියක් දියත් කිරීමත් අපේ වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියෙදිත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වීමයි අපේ අරමුණ. 



පද්මා පුෂ්පකාන්ති
                                                                        සංවාදය -  මෙලනි මානෙල් පෙරේරා



2014-12-13
Advertisement

Find us on Facebook