English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තුනෙන් දෙකක බලය මේ රටේ ජනතාවගේ යහපත සඳහා පාවිච්චි කිරීමට කිසිම වෙලාවක කටයුතු කළේ නැහැ.- මෛත‍්‍රී
"වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන්", "වීදියේ විරෝධය" කණ්ඩායම විසින් සිවිල් සංවිධාන සමුළුවක් පවත්වමින් මෙවර 66 වැනි ජාත්‍යාන්තර මානව හිමිකම් දිනය සමරන්නට විය. එම සමුළුව වැල්ලවත්ත සෆායාර් හෝ්ටල් ශ‍්‍රවණාගාරයේදි දෙසැම්බර් 10 වෙනිදා පෙරවරුවේදි පැවැත්විණි. එම සමුළුවේ විශේෂත්වයක් වුයේ, රටපුරා සමාජ ක‍්‍රියාකාරකම්වල නිරතවන සිවිල් සංවිධාන 112ක සහභාගීත්වය සහ පූර්ණ කැමැත්ත මත සකස් කරන්නට වුණු "සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා" කෙටුම්පත විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීමයිි.

එහිදි, "සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා" භාරගැනිමෙන් අනතුරුව මෛත‍්‍රිපාල සිරිසේන විසින් සමුළුව අමතා කළ සම්පුර්ණ කථාව මෙසේ ය.



මම ඉතාමත් සතුටු වෙනවා අද ජනාධිපතිවරණයේ කටයුතු නිසාම විධිමත්ව සැළසුම් සහගතව වේගවත්ව අපි ජයග‍්‍රහණයක් කරා යන අවස්ථාවක තමුන්වහන්සේලා සිවිල් සමාජ සංවිධාන විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට මට ආරාධනා කිරීම පිළිබඳවත් ඒ වගේම තමුන්වහන්සේලාගේ අදහස් මතයන් , හා යෝජනා මා වෙත ඉදිරිපත් කිරීම පිළිබඳවත් අපේ, මගේ ගෞරවය මා පුදකරනවා.

විශේෂයෙන්ම අපේ රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් එය සැබැ ලෙස ජනතාවාදි ලෙස ක‍්‍රියාත්මක නොවන ඉටුනොවන දේශපාලන පරිසරයකයි තමුන්වහන්සේලා අපි ජීවත්වන්නේ. යුද්ධය අවසන්කරලා රටේ සාමය ඇතිවුවත් අපි බලාපොරොත්තුවු ගමන නෙවෙයි මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව ගමන්කරන්නේ. සම්පුර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක තිබිය යුතු ලක්‍ෂණයන් ප‍්‍රභවයන් ඒ ප‍්‍රභුද්ධ භාවය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය විසින් යටපත් කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන් තුළ රටක තිබිය යුතු නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොයි ආකාරයෙන් ද කියන එක ඉතා පැහැදිළි ලෙස විග‍්‍රහා කරලා තිබෙනවා. ඒ වගේම ජාතික වශයෙන් ගත්විට මේ රටේ ශ‍්‍රි ලාංකික පුරවැසියන් වශයෙන් අපි සෑම කෙනෙක්ම දන්නවා රටක තිබිය යුතු නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානතාවය කුමක්ද කියන එක. ඒ සියල්ල ආරක්‍ෂා කිරීමට, ආරක්‍ෂා වීමට රටක නීතියේ ආදිපත්‍ය තිබිය යුතුයි. දේශපාලනඥයා කොයි ආකාරයෙන් කෙසේ කටයුතු කළත්, දේශපාලනඥයාට එසේ හැසීරීමට පුළුවන් කමක් නැහැ නීතියේ ආදිපත්‍ය සුරක්‍ෂිත වෙලා තිබෙනවානම්. අපේ රටේ අධිකරණ ක්‍ෂේත‍්‍රය පිළිබඳව කථාකරන විට අද ඔබ අප දන්නවා එය මහා ඛේදවාචකයක්. ඒ නිසා නීතියේ ආදිපත්‍ය තහවුරු වීම ඉතාම අත්‍යවශ්‍යයි රටකට. එය අපේ රටට ඉතාම අත්‍යවශ්‍යවු කාරණාවක්. ඒ තුළ අපි කථාකරන කරුණු, සිවිල් ජනතාවට අවශ්‍ය නිදහස හා සමානාත්මතාවය, යුක්තිගරුක හා නිදහස් සමාජය අපේ රටේ පිළිඹිඹු වන්නේ නැහැ. සංවර්ධනය පිිළිබඳව මහා ලොකුවට උදම් අනමින් මධ්‍යම මහා බැංකුවේ අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් රටතුළ මහා සමෘද්ධියක් ඇති කළ බව ඇතිකරන බව ආණ්ඩුවේ නායකයින් ප‍්‍රකාශ කළත් , අභ්‍යන්තරයේ  අපි දකින්නේ මහා හිස් බවක්.

අපිට මේ රටේ සංවර්ධනය පිළිබඳව කථා කරන විට බොහෝ අය අහන ප‍්‍රශ්නයක් තමයි, මේ ආණ්ඩුව කරන සංවර්ධන කටයුතු අපි බලයට පත්වුනාට පස්සේ කරනවා ද කියන කාරණාව. මම මේ සම්බන්ධයෙන් බොහෝ පිළිතුරු දීලා තිබෙනවා, අද මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව කරන සංවර්ධන කටයුතුවල ඉඳිකිරීම් ක්‍ෂේත‍්‍රය විශේෂයෙන්ම ගත්විට හදන ඇස්තමේන්තු වලින් තුනෙන් එකකට වඩා ඒ නියමිත ව්‍යාපෘතියේ කාර්යයන් සඳහා වැය වන්නේ නැහැ. තුනෙන් දෙකක මුදලක් දුෂණය, වංචාව, හොරකම,මංකොල්ලකෑම. රටක නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව කථාකරන විට එය ජනතාවාදි විය යුතුයි. පොදුබවක් විය යුතුයි. නමුත් තනි පවුලක් විසින් මුළු මහත් රාජ්‍යයේ පාලනය අතට ගැනීම රාජාණ්ඩු ක‍්‍රමයක සැකැස්මක් හා ගමන්කිරීමක් විදියටයි අපි දකින්නේ. එක්වරක් ජයග‍්‍රහණය කරලා ඒ ජයග‍්‍රහණයෙන් පසුව යුද්ධය අවසන් කරලා රටේ සාමය ඇතිකිරීම නිසා එයට ගරු කිරීමක් හැටියට ජනතාව දෙවන වර මහින්ද රාජපක්‍ෂ මහත්තයාට බලය ලබාදුන්නා. නමුත් තුන්වෙනි වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වෙලා තිබුණේ නැහැ ඔබ දන්නවා. අපේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබෙනවා. පාර්ලිමේන්තුවේ තිබෙන තුනෙන් දෙකක බලය මේ රටේ ජනතාවගේ යහපත සඳහා පාවිච්චි කිරීමට කිසිම වෙලාවක කටයුතු කළේ නැහැ. ජනතාවගේ යහපතට නිදහසට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආර්ථීකය ශක්තිමත් කිීරීමට මුලික අයිිතිවාසිකම් මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කිසිසේත් පාවිච්චි කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පාවිච්චි කළේ 18 වෙනි සංශෝධනය සඳහා තමන්ට එම තනතුරේ වැජඹීම සඳහා. ජනාධිපතිවරයෙක් වශයෙන් දෙවරක් ඉල්ලලා තුන්වරක් ඉල්ලිය නොහැකියි කියන ඒ ඡ්දය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා ඒ තුළ බොහෝ වෙලාවට අපි කථාකරන නිදහස සාමාන්‍ය පොදු මහා ජනතාවට ඔවුන්ගේ කටයුතු වල තිබිය යුතු නිදහස අපි අර්ථ විග‍්‍රහා කළොත් එය පුළුල් ලෙස කථා කරන්නට පුළුවන්.

නමුත් රටේ සාමාන්‍ය පුරවැසියෙකු තබා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට තමන්ට අවශ්‍යකරන විදියට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඇමතිවරු පත්කරලා ඊට පහුවදා පත්කරන අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දෙන්නේ අමාත්‍යංශ ලේකම්වරු පත්කරන්නෙ මමයි, ඒ නිසා ඇමතිවරයා විධියට නෙවෙයි කටයුතු කළ යුත්තේ කියලා. මුළු අමාත්‍යංශ හා මුළු රාජ්‍ය ආයතන මෙහෙයවන්නේත් තනිකරම අරලියගහ මන්දිරයේ දුරකථන ඇමතුම් වලින්. ඒ නිසා කිසිම ඇමතිවරයෙකුට නිදහසේ වැඩකිරීමේ හැකියාවක් නැහැ. තමන්ගේ ස්වාධින මතය හා තමන්ගේ බුද්ධිය දැනුම නිර්මාණශීලී භාවය තුළ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. එය ඉතාම පැහැදිළිව අද ආණ්ඩුවේ ඉන්න සියලූ මැති ඇමතිවරු දන්නවා. ඒ අයගේ හෘද සාක්‍ෂිය දන්නවා. නමුත් බලය වරප‍්‍රසාද සඳහා ඒගොල්ල ඒ තනතුරු වල රැුදී සිටිනවා. එහෙත් බලය හා වරප‍්‍රසාද සම්පුර්ණයෙන්ම ඉවතදාලා මම ජනතාව කෙරෙහි විශ්වාසය තබලා තමුන්වහන්සේලා හමුවට ආවේ.

තමුන්වහන්සේලා ඉදිරිපත්කරන යෝජනා වගේම එක්සත් ජාතික පක්‍ෂය , ජාතික හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය, තවත් පක්‍ෂ, සංවිධාන, කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් කළ යෝජනා වලින් සරසා ගත් සම්මුතියක් තූළ කටයුතු කිරීමටයි මම මේ වගකීම භාරඅරගෙන තිබෙන්නෙ. තමුන්වහන්සේලාගේ ”සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා” මගේ අතට පත්කළේ දැන්. නමුත් අතට පත්කරනවාත් එක්කම මම පිටු කිහිපයක් පෙරලලා බැලූවා. මෙහි තිබෙන බොහෝ කරුණු අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අපි ඇතුලත් කරලා තිබෙනවා. අපි අද උදෙත්් විශේෂයෙන්ම අපි පක්‍ෂ නායකයින් කාලය ගතකළා පැය දෙකක් විතර අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කටයුතු නිම කරන්න. හෙට අනිද්දා වන විට අවසන් කරන්න පුළුවන්. මෙහි සඳහන් බොහෝ කරුණු ඇතුලත් කරලා තිබෙනවා.

මම මේ ප‍්‍රකාශනය කියවලා අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ යම් අඩුපාඩු තිබෙනවා නම් ඒ වාට මෙහි සඳහන් කරුනු ඇතුලත් කිරීමට විශේෂයෙන්ම කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න  ඕනෙ. මට කලින් කථාකරපු එතුමාගේ කථාව (බි‍්‍රටෝ ප‍්‍රනාන්දුගේ කථාව* මම අහගෙන හිටියා. බොහෝ වෙලාවට අපි දන්නවා යම් යම් එකඟතාවන් ගිවිසුම් අත්සන් මගින් දේශපාලනඥයින් නායකයින් රාජ්‍යයන් විසින්  නැතිකර ගත්තත් බොහෝ වෙලාවට ඒ ඇතිකරගන්නා එකඟතාවයන් හා අත්සන් කරනදේ  ක‍්‍රියාත්මක නොවන අවස්ථා/නොවු අවස්ථා අපි මුළුමහත් ලෝකය පුරා දැක තිබෙනවා. අපි සැම විටම ගරු කළ යුත්තේ අපේ හෘදය සාක්‍ෂියටයි. කළ ගුණ දන්නා මිනිසුන් හැටියට මිනිසුන්ගේ යහපත සඳහායි. මිනිසුන්ට සාමාන්‍ය පොදු මහජනතාවගෙ අවශ්‍යතාවය ඉටුකිරීමට නොහැකි නම් , කිසිසේත්ම ඔහු සැබෑ මානව වාදියෙක් වෙන්නේ නැහැ. ඔහු සැබැ දේශපාලනඥයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සැමවිටම තමුන්වහන්සේලා ඉදිිරිපත් කරපු සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් ඉහළම අගයක් හා වටිනාකමක් දීලා කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෙ.



තමුන්වහන්සේලා මා කෙරෙහි කිසිඳු සැකයක් ඇතිකරගන්නට එපා. මම ජනාධිපතිධුරය සඳහා ඉල්ලූම්කරලා තිබෙන්නෙ , මම ඒ පුටුවට යන්නේ මම ඉන්න නෙවෙයි. මම ඒ පුටුවට යන්නේ ඒ පුටුවේ බලය අවසන් කරලා මම ආපහු ගෙදර යන්නයි මම එන්නෙ. ඒක බොහොම පැහැදිළිව තේරුම් ගන්න  ඕනෙ. ඒ පුටුවේ හැමදාම ඉන්න උත්සාහා කරන අය තමයි ඔය තමුන්වහන්සේලා විග‍්‍රහා කළ ආකාරයට සියලූදේ අමතක කරලා වැඩ කටයුතු කරන්නෙ. එවැනි චේතනාවකින් නෙවෙයි මම එන්නෙ. මම මගේ අමාත්‍යධූරය, පක්‍ෂ ලේකම් ධූරය, මට තිබුණා ඒ වරප‍්‍රසාදත් එක්ක ආණ්ඩුවේ ඉන්න. ආණ්ඩුව තුළ සැඟවිලා හරි ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් මම ආණ්ඩුව ඇතුලේ සටන් කරපු කෙනෙක්. ආණ්ඩුවක් විධියට කටයුතු කිරීමේදි සමාජය තුළ විය යුතු වෙනස් කම් ප‍්‍රතිසංස්කරණ කථා කරපු කෙනෙක්. ඒවාට ආණ්ඩුව ඇතුළේ හඩක් සවන්දීමක් සිද්ධවුණේ නැහැ. නායකත්වය සවන්දුන්නෙ නැහැ. ඉදිරිපත්කරපු සියලූ දේ ප‍්‍රතික්‍ෂේප කළා. මම බොහෝ අවස්ථාවලදි ආණ්ඩුව ඇතුළේ අසරණ වුනා. නමුත් මම ඉතාමත්ම සතුටු වෙනවා ආණ්ඩුවක් විධියට කටයුතු කරනකොට මහින්ද රාජපක්‍ෂ මහත්මයා එසේ කළත් මට මේ රටේ ජනතාවගේ හෘදය සාක්‍ෂීය තුළ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මම ආණ්ඩුවෙන් එළියට ආවේ ජනතාව කෙරෙහි විශ්වාසයක් තබලා මම ආවේ. ජනතාව කෙරෙහි ඒ තැබු විශ්වාසයත් එක්ක මම දන්නවා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. පහුගිය සති දෙකක කාලය පුදුමාකාර විධියට රටේ දේ්ශපාලනය වෙනස් වුණා. මහින්ද රාජපක්‍ෂ මහත්මයා අභියෝග කෙරුවා අරලිය ගහමන්දීරෙ ඇතුලේ ඉඳගෙන කවුද මාත් එක්ක සටනට එන්නෙ කියලා. එහෙම කෙනෙක් නැහැයි කියල කිව්වා. මහින්ද රාජපක්‍ෂ මහත්මයා එහෙම කියනකොට දැනගෙන හිටියේ නැහැ ආණ්ඩුව ඇතුලේම එයාගේ සටනට එන කෙනා ඉන්නවා කියලා. ඉතිං ඒක නිසා මම විශේෂයෙන්ම සඳහන් කරන්න  ඕනේ, තමුන්වහන්සේලා ඉදිරිපත්කරන යෝජනාවලට මගේ එකඟතාවය පළකරමින් මම කෙරෙහි විශ්වාසය තබන්න, ඒ විශ්වාසය ආරක්‍ෂා කිරීමට මම මනුෂ්‍යත්වය තුළ මිනිසෙක් විධියට ඔබ සමඟ එකඟ වෙමින් කටයුතු කරනවා කියන පැහැදිළි ප‍්‍රතිඥාව මම තමුන්වහන්සේලාට දෙනවා. ඒ නිසා අද මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් තමුන්වහන්සේලා මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා. විශේෂයෙන් මේ කටයුතු සම්බන්ධීකරණය කළ අපේ ගරු එරාන් වික‍්‍රමරත්න මැතිතුමාටත් ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමින්් මම සැමවිටම ඔබ සමඟයි. ඔබ සැමදෙනාටම ස්තුතියි.    

සටහන සහ ඡායාරූප මෙලනි මානෙල් පෙරේරා



2014-12-12
Advertisement

Find us on Facebook