English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


”වීදියේ විරෝධය” ට එල්ලකළ ප‍්‍රහාරයට විරෝධතාවයක් !

හෙට පස්වරුවෙි 3.00 ට කොටුව දුමිරියපොල ඉදිරිපිටදි විරෝ්ධතාවයක් වීදී බසියි.

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගි (05) දා  එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ සමන්ත ඈපා ඇතුලු ක්‍රියාකාරීන්ට සහ හිරු මාධ්‍ය ජාලයේ තිසර සමන් මහතාට පහර දී ඔහුගේ කැමරාවට බරපතල හානි සිදු කිරීමත්, රාවය කර්තෘ කේ. ඩබ් ජනරංජන මහතා රහස් පොලීසියට කැදවා ප්‍රශ්ණ කිරීමටත්, දෙරණ ප්‍රවෘත්ති කර්තෘ ශෙහාන් බරණගේ මහතාගේ  රැකියාව අහිමි කිරීමටත්  විරෝධයපාමින් හෙට(10) සවස 3ට කොළඹ, කොටුව, දුම්රිය ස්ථානය ඉදිරිපිටදී  එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි විදීයේ විරෝධය සංවිධායකයින් අයිතියට ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රි ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ක‍්‍රියාත්මක වීම අගයකරන සියලුම දෙනාට මෙම උද්ඝෝෂණයට සහාභාගි වන මෙන් එහි සංවිධායකයින් ඉල්ලා සිටිති.

-MMP



2014-12-09
Advertisement

Find us on Facebook