English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සමාජ නියෝජිත සමුළුව හෙට

හෙට, එනම් දෙසැම්බර් 10 වෙනිදා ට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය මූලිකකොට ගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට යළි ස්ථාපිත කරවීමෙහි ලා ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන එ්කරාශී වෙමින් සකස් කරන්නට යෙදුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ යෝජනා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රි‍්‍රිපාල සිරිසේන වෙත පිළිගන්වන බව ”වීදියේ විරෝධය”  සංවිධායකයින් දන්වා සිටියි.

”වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන්”, ”විදියේ විරෝධය” දියත් කරන සිවිල් සංවිධාන සාමුහිකය විසින් එළඹෙන හෙට දිනයේ පවත්වන්නට යෙදෙන සිවිල් සමාජ නියෝජිත සමුළුව සංවිධානය කර ඇත.  

හෙට (දෙසැ 10) පෙරවරු 10.30 ට කොලඹ, වැල්ලවත්ත සෆායර් හෝටලයේදි පවත්වන්නට සැළසුම්කර ඇති මෙම සමුළුවට දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක් නියෝජනය කරමින් විවිධ අංශවලින් මානව සංවර්ධනය උදෙසා ක‍්‍රියාකරන සිවිල් සමාජ ක‍්‍රියාධරයින් විශාල සංඛ්‍යාවක් සහභාගිවන බව සංවිධායකයින් පවසයි.

ශ‍්‍රි ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමටත්, යහපාලනයක් බිහිකිරීම සඳහාත්  වන සිවිල් සංවිධාන සාමුහිකය විසින් ඉදිරිපත් කරනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ යෝජනා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රි‍්‍රිපාල සිරිසේනයන් හට පිළිගැන්වීම ප‍්‍රමුඛව, ක්‍ෂේත‍්‍ර ගණනාවක් නියෝජනය කරමින් ඒ ඒ ක්‍ෂේත‍්‍රවල පුරෝගාමී නියෝජිතයින් විසින් අදහස් දැක්වීමක් ද සිදුකරන්නට නියමිත බව වීදියේ විරෝධය සඳහන් කරයි. 

-MMP



2014-12-09
Advertisement

Find us on Facebook