English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍ය මර්ධනය ඉහලට - කැෆේ සංවිධානය


මේවන විට ආණ්ඩුව විසින් සිදුකරනු ලබන මාධ්‍ය මර්ධනය ඉහල ගොස් ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි සේවය මගින් සකස් කළ වාර්තාවක් ‘රාවය‘ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එහි කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා රහස් පොලීසියට කැඳවීම මැතිවරණ සමයේ ජනමාධ්‍ය මර්ධනය සදහා දරනු ලබන සෘජු උත්සාහයක් ලෙස එම සංවිධානය සලකණු ලබන බවද කියා සිටී.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගි වූ දෙරණ ‘වාද පිටිය”වැඩසටහන අතර සජීවි දුරකතන ඇමතුමක් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ ට එරෙහිව මේ වන විට පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් කැෆේ සඳහන් කර ඇත.

සිරස රූපවාහිනියේ වාද වැඩසටහන සදහා ද නියෝජිතයෙකු සහභාගි කිරීමෙන් වැලකී සිටීම මර්ධනයට ගත් පියවරක් බව කැෆේ අවධාරණය කර ඇත.
-MMP




2014-12-09
Advertisement

Find us on Facebook