English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොදු අපේක්‍ෂකයාගේ නාම යෝජනාවට බාධාවක්
එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනිම ඊයේ එනමි දෙසැමිබර් මස 08 වෙනිදා රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි සිදුවුණි. මැතිවරණ ඉතිහාසයේ දෙවන වතාවට අපේක්‍ෂකයින් වැඩිම සංඛ්‍යාවක් ජනාධිපතිධූරය සඳහා තරග කරන්නට නාම යෝජනා භාරදුන් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ. එනම් සංඛ්‍යාව 19 කි. මීට පෙර එම සංඛ්‍යාව 22ක් විය. කෙසේවෙතත් ඊයේ රාජගිරිය කාර්යාලයේ සිට නාමයෝජනා භාරදීමේ අවස්ථාව සජීවිව විකාශය කිරීමේදි දර්ශන ලබාගැනීමේදි, නිවුස්ෆර්ස්ට් වෙත භාධා කිරිම්වලට මුහුණ දෙන්නට සිදුවු බව සිරස නාලිකාව සඳහන් කරයි.
 
මෙම බාධාකිරීම් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන නාම යෝජනා භාරදෙමින් සිටින අවස්ථාවේදි ම සිදුවු බව ඔවුන් පැවසීය. මෙය සිතාමතා සිදුකළ වුවක් බවය සැළයි.

එම බාධාකිරිම් මද්ධ්‍යයේ වුවද නිවුස්ෆර්ස්ට්, රූපවාහිනි සංස්ථාවේ ලාංජනය සමඟ මෛත‍්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂක නාම යෝජනා භාරදෙන අවස්ථාව විකාශයකර තිබේ.
-MMP



2014-12-09
Advertisement

Find us on Facebook