English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


”කලාකරුවන්ට හිරිහැර කිරීම හෙළා දකිනවා - ජන බලය තවත් ශක්තිමත් කළ යුතුයි” ප‍්‍රවීණ කලාකරුවෝ

ශ‍්‍රි ලංකාව පුරා ඉතාම අවිනීත ආකාරයෙන් රාජපක්‍ෂ රෙජිමය පුරවැසියන් ගේ අයිතීන් උල්ලංඝණය කරමින් වර්තමානයේදි ඒකාධිපති වියරුවකින් රටත් , ජනතාවත්, රටේ සියලූම යාන්ත‍්‍රණයන් පාලනය කරමින්, රට තුළ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින් ම විනාශකර දමමින් සිටින බවත් එහෙත් ඒ මැර ක‍්‍රියාදාමය වහාම නතරකර පුරවැසියන්ට නිසි ගරුත්වයකින් යුතුව මේ රටේ ජීවිත වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට සෑම තරාතිරමක ම මෙරට ජීවත්වන සියලූම දෙනා ඒකරාශි වි ක‍්‍රියාත්මක වීම අද පවතින ප‍්‍රධානම අවශ්‍යතාවයක් බව, දෙසැම්බර් 05 වෙනිදා එප්පාවලදි ”වීදියේ විරෝධය” ට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දැකිම සඳහා දෙසැ 07 කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදි ප‍්‍රවීන කලාකරුවන් හා දේශපාලන නායකයින් ප‍්‍රකාශ කළහ.
 

ප‍්‍රවීණ නාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂක ධර්මසිරි බණ්ඩාරනායක, ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ, ප‍්‍රවිණ රංගධර ඩබ්ලිව් ජයසිරි, ප‍්‍රවීණ නාට්‍ය ශිල්පි ලක්‍ෂමන් මෙන්ඩිස්, නව සමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, වෘත්තිය සමිති නියෝජනය කරමින් ජෝශප් සටාර්ලින් , හෙළ උරුමය නියෝජනය කරමින් සුනිමල් ජනරංජන ය නඅය මෙන්ම එප්පාවලදි පහරකෑමට ලක්වු ප‍්‍රවීණ ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර ද ”වීදියේ විරෝධය” නියෝජනය කරමින් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ද මාධ්‍ය අමතා අදහස් දැක්වීය.

සමාජ මෙහෙවරක යෙදෙන කලාකරුවන්ට හිරිහැර කිරීම, මරණ තර්ජන එල්ල කිරිම තරයේ පිළිකුල් සහගතව හෙළා දකිනව බවත් රාජපක්‍ෂ රෙජීමයේ මේ සියලූ ආකාර මැර බලය මර්ධනය කිරීම සඳහා ජන බලය ශක්තිමත්ව, කඩිනම්ව ගොඩනැගිය යුතුබවත් ඔවිහු ප‍්‍රකාශ කළහ. 

”රටේ සියලූම දේ වියරුව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතින නිසා අපිට මහ පාරේ හිටගන්නට ඇති අයිතිය පවා කප්පාදු වෙනවා. රෙජීමයට විරුද්ධව කිසිවක් කියන්නට බැරිවෙනවා. එහෙත් රෙජීමයේ දේශපාලන හෙංචයින්න ඇවිත් අසභ්‍ය වචනයෙන් අපෙන් අහනවා ‘කොහොමද යකෝ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ කියන්නේ’ කියා? නමුත් අපිට පාරේ හිටින්නට ඇති අයිිතිය වෙනුවෙන් එදා ජයේලා පහරකාගෙන බිම වාඩිවුණා පැනලා දිව්වේ නැහැ. අපිට කියන්න සිදුවුනා පාරේ හිටපු අයට මේක තමයි මහතැනගේ හැටි කියලා.” යනුවෙන් විදියේ විරෝධය සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මාධ්‍ය ඇමතු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, ”වීදියේ විරෝධයට පහරදීම සම්බන්ධයෙන් අපේ පැමිණිල්ල පොලීසිය ඉතාම හොඳින් සටහන් කරගත්තා. පොලීසිය බලාගෙන ඉන්නැද්දි අපිට පහරදෙන ඉතාම පැහැදිළි පිළිතුරු තියෙනකොට පොලීසිය කියනවා එහෙම පහර දෙනවා අපි දැක්කෙ නැහැ කියලා. පිස්තෝල පාවිච්චි කරනවා දැක්කෙ නැහැ කියනවා. දැන් ඉන්න පොලිස් නිළධාරීන් පිස්තෝල හදුනන්නෙ නැහැ. පොලිසියට නීතිය ක‍්‍රියාත්මක කරන්න කියාදෙන්න වෙලා තියෙන්නෙ අපිට. පොලීසියේ නිල ඇඳුමේ ගෞරවය රකින්න සිද්ධවෙලා තියෙන්නේ අපිට. කෙසේවෙතත් රාජපක්‍ෂ රෙජීමය විසින් මුළු රටම අනික් පැත්ත හරවලා තියෙන මේ වෙලාවේ අපි ස්ථීර වශයෙන් ම කියා සිටිනවා අතුරුදහන්කරවීම් සිදුකරන මේ රෙජීමය, මිනිස්සුන් මරාදමන මේ රෙජීමය, සාමය කඩා බිඳ දමා යහපාලනයක් නොකරන මේ රෙජීමය, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර දමන මේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීම සඳහා පැහැදිළිවම අපි තවදුරටත් පෙනී සිටිනවා.” යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.
    
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ , ”ඉතා පැහැදිළි ලෙස ම දේශපාලන මැර බලයක් ක‍්‍රියාත්මක වෙනවා. මේ ආණුඩුවේ ඒකාධිපති පාලනයේ ලක්ෂණයක් වෙලා තියනවා. සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයේ ලක්ෂණ තමයි මිලිටරි බලය හමුදාව පොලිසිය යොදාගෙන රට පාලනය කිරීම. අද රජයේ ඉ`දලා ඉවත් වුණු අය කථා කරද්දී තමයි හො`දටම පේන්නේ රජය ක‍්‍රියාත්මත වන හැටි. අතුරුලියේ රතන හිමියෝ කියනවා රජරට ප‍්‍රදේශවල ගොවීන්ගේ තත්ත්වය ගැන. රසායනික භාවිතයෙන් වන හානි පිළිබ`ද ඔවුන් සමීක්ෂණය කරලා විධායකයට තොරතුරු දුන් විට ඒ ගැන පියවර නොගෙන ඒ තොරතුරු සමාගම්වලට විකුණා විධායකය කෝටි ගාණක මුදල් අරං නිහ`ඩ වුණා බවි. අනෙක් පැත්තෙන් චම්පික ඇමතිතුමා අපිට කියනවා, තෙල් හා ගල් අ`ගුරු සමාගම්වලට කෝටි ගණන් සල්ලි හොරකම් කරන්න ඉඩ දීලා කොටසක් විධායකයට ලැබෙන ආකාරයට කටයුතු කළ බව. අද ජනාධිපතිවරණයට තර`ග කරන මෛත‍්‍රීපාල කියනවා දුම්කොළ හා ඖෂධ සමාගම් දරුණු සූරාකෑමක් සිදු වුණා. එතුමා සකස් කළ කෙටුම්පත් සියලු කබඞ්වලින් අතුරුදහන් වූ බව.”

” කලා කරුවන් මරා දැමීම පහර දීම ලාංකික සමාජයට අලුත් දෙයක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසයේ ඊට උදාහරණ  ඕනෑ තරම් තිබෙනවා. ජයතිලක බණ්ඩාර කියන්නේ අපිට ගායකයෙක් නෙවෙයි. ගායකයෝ බොහොමයක් රජරට ගුවන් විදුලියෙන් මතුවුණා. අද සමහරු ආණ්ඩුකාරවරු වෙලා. එ්ත් ජයතිලක බණ්ඩාර හැමදාමත් අපිට රජරටදි හමුවන්නේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක් විදියට යි. අද සමහර ගායකයෝ ආණ්ඩුවේ වරප‍්‍රසාද ලබලා තිබෙනවා. මොහුටත් ගායකයෙක් කියලා අපි අවනම්බු කරන්නේ නැහැ. ඔහු අභීත මිනිහෙක්. මොහු එදා උතුරට යන්නත් නිර්භීතව ඉදිරිපත් වුණා. එ්ත් එදා එප්පාවලදී ඔහුට බිම දාගෙන පහර දෙනවා.අපිට උවමනා වුණේ නැහැ ඔවුන්ට පෙරලා පහර දෙන්න. එ්ත් අපි මේ පහර දීම නැවැත්වි යුතු යි. කොහොමද අපි එය කරන්නේ. 1994න් පසුව අපිට ලැබී තිබෙන මේ අවස්ථාව අපි අද භාවිතා කරන්න  ඕන. ජයතිලකට ගහපු එක හෙළා දැකිය යුතුයි.  මේ වගේ ඉදිරියටත් අපිට සිදු වන පහර දීම්වලදී ජනතාව තමයි අපේ ආරක්ෂකයා වන්නේ. ඔවන් කල්පනා කළ යුතුයි තව දුරටත් මේකට ඉඩ දෙනවද යන්න. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුන්ගේ ප‍්‍රමාණය අඩු කරන්න දරන උත්සාහයක් තමයි මේ. මේ පහරදීමෙන් මේ රටේ ප‍්‍රජාව බියවද්දන්න බැහැ.” යනුවෙන් ප‍්‍රවීණ සිනමාවේදි ධර්මසිරි බණ්ඩාරනායක පැවසීය.

එමෙන්ම, පහරකැමට ලක්වු ජයතිලක බණ්ඩාර ද මාධ්‍ය අමතමින් මෙසේ ප‍්‍රකාශ කළේය. ”මට රාජපක්ෂගේ මැර ප‍්‍රහාර දරා ගන්න ශක්තිය තිබෙනවා. 1971 අරගලයට සම්බන්ධ වෙලා බන්ධනාගාරවල ඉ`දලා ගුටි කාපු මට මැර ප‍්‍රහාර දරා ගන්න පුළුවන්. හිර ගෙවල් ඇතුළෙ බන්ධනාගාර නිලධාරීන්ගේ පීඩා වි`දි මට අධිෂ්ඨානය කැටි කර ගන්න පුළුවන්. ප‍්‍රශ්නය නම්, රාජපක්ෂගේ රස්තියාදුකාර මැරයන් අත් උස්සලා ගහද්දී සූරියකන්ද ඝාතන හා වැලිකඩ ඛේදවාචකය ගැන මං ගයපු ගී වලට සංගීතය සපයපු එ් මහා කලාකරු රෝහණ වීරසිංහ මේ මුෂ්ටි ප‍්‍රහාරවලට ශක්තිය සපයනවා කියද්දී මට දරා ගන්න අමාරුයි. මං බිම වැටිලා ඉද්දීත් මැරයෝ මට ගහද්දී මට එ් පා පහරවල් දරා ගන්න පුළුවන්. එ් පා පහරවලට හයිය දෙන්නේ මං එක්ක හිරේ එකට හිටපු එක පාන්කෑල්ල බෙදා ගත්තු කම්පන ප‍්‍රසංගයට කපුගේට එකට අත්වැල් සපයපු ගුවන්විදුලියේ ගයපු දිවුල්ගනේ කිව්වහම මට දරා ගන්න අමාරුයි. පොලිස් ආශිර්වාද මැද මගේ මුහුණට කුණුහරුපෙන් බනිද්දී මගේ ආත්ම ගෞරවය කෙලෙසන ලෙස කුණුහරුපෙන් බනිද්දි මට දරා ගන්න පුළුවන්. ඒත් ඒ කුණුහරපවලට හයිය දෙන්න මාත් එක්ක සාධු ජනරාවය කළ එදා ගී ලියා දුන්න මහින්ද චන්ද්‍රසේකර ඉන්නවා කියද්දි මගෙ පපුවට කැක්කුමක් දැනෙනවා. නමුත් එ්ක තමයි ඇත්ත.

”අද මේ කලාකරුවෝ මේ දුෂ්ඨ පාලකයන්ගේ අත් තවත් ශක්තිමත් කරනවා නම් මිනිසුන් මරා දමන්නට, මිනිසුන් අතුරුදහන් කරන්නට නිදහස නොදී පාගා දමන්නට හදන මේ මිනිහාගේ දෑත් තවත් ශක්තිමත් කරනවාද යන්න ඔවුන් විසින් ම තව දුරටත් කල්පනා කළ යුතු ව තිබෙනවා. මට විශ්වාසයක් තිබෙනවා. ඔවුන්ට ගහන්න පුළුවන්, මරීණීය තර්ජන කරන්න පුළුවන්. ඉතා නරක විදියට අපවාද කරන්න පුළුවන්. මරන්නත් පුළුවන්. නමුත් අපිව යටපත් කරන්න බැහැ. ඒත් අපේ සිහින මරා දමන්න බැහැ.” යනුවෙන් ජයතිලක බණ්ඩාර අවධාරණය කොට ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මාධ්‍ය අමතමින් ජාතික හෙළ උරුමයේ සුනිමල් ජනරංජන කියා සිටියේ, මේ රටේ සියලූම දේට වඩා ජන බලවේගය වැදගත්. අපිට අපිට ශක්තිය අධිෂ්ඨානය හා ආත්ම විශ්වාසය තියෙනවා. එන මැර බලයකට සන්නද්ධ ව්‍යාපාරවලින් මේවා යටත් කරන්න බැහැ. එදා මෙදා තුර කලාකරුවන්ට පහර දීම් කළ පාලකයෝ තමන්ගේ විනාශය ළ`ගා කරගෙන තියෙනවා.”යනුවෙනි.
-MMP



2014-12-08
Advertisement

Find us on Facebook