English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"වීදියේ විරෝධයට" ප‍්‍රහාරයක් ! විරෝධයක් !! මාධ්‍ය සාකච්ඡවක් !!!
දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් "සමාජ වැඩකට" එල්ල කළ නීච ප‍්‍රහාරය හෙළා දකිමින් එම ප‍්‍රහාරකයින් සම්බන්ධයෙන් වහා නීතිය ද යුක්තිය ද ඉටුකරන මෙන් ඉල්ලා සිටින මාධ්‍ය හමුවක් හෙට (දෙසැ 07) පස්වරුවේ දී කොළඹ සී එස් ආර් මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි.

ඒකාධිපති වියරුවට එරෙහිව, රට තුළ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම උදෙසා, සිවිල් සංවිධාන ගණනාවක් ඒකරාශි වෙමින් දියත්කර තිබෙන "වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" වීදියේ දි මහජනතාව දැනුවත් කරනු ලබන "වීදියේ විරෝධය" දැනුවත් කිරීමේ සංචාරය, දෙසැම්බර් මස 05 වෙනිදා එප්පාවල නගරයේදි පැවැත්වුණි. වැඩසටහන අවසානයේදි දේශපාලන මැර ප‍්‍රහාරයක් එල්ල වුණි.

 

"වීදියේ විරෝධය" හි ඇති වැඩසටහන් මාලාවේ ජීවිතය වෙනුවෙන් සංස්කෘතික අංගයේ ගීත ගායනා කළ ප‍්‍රවීන ගායන ශිල්පි ජයතිලක බණ්ඩාරට සහ සිවිල් සංවිධාන ක‍්‍රියාධරයෙකු වු සමන්ත ඈපා, හිරු ටී වී ආයාතනයේ මාධ්‍යවේදි තිසර සමන් ඇතුළු කණ්ඩායමකට, පාලක සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැර පිරිසක් විසින් රටේ නිතිය සුරකින පොලිස් නිළධාරීන් බලා සිටියදීම පහර දී හිරු කැමරා ශිල්පියාගේ වෘත්තිය කැමරාවට ද පහර දි අලාබ හානි සිදුකළ බව සංවිධායකයින් ප‍්‍රකාශ කළේය. 

මෙම පහරදීම හා බධාකිරීම හෙළාදකිමින් හෙට පෙරවරුවේදි එප්පාවල නගරයේදි උද්ඝෝෂණයක් පැවැත් වෙන අතර තවදුරටත් මෙම නිහීන ක‍්‍රියාව හෙළාදකිමින් නීතිය හා යුක්තිය ඉටුකරන ලෙසට හෙට පස්වරුවේදි මාධ්‍ය සාකච්ඡවක් පවත්වන්නට "වීදීයේ විරෝධය" සංවිධායකයින් සැළසුම්කර ඇත.

එම මාධ්‍ය සාකච්ජාව සඳහා, පහරකෑමට ලක්වු ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර සමගින් ප‍්‍රවීන සිනමාවේදි ධර්මසිරි බණ්ඩාරනායක, ප‍්‍රවිණ චිත‍්‍රශිල්පි චන්ද්‍රගුප්ත තේනුවර, ප‍්‍රවීන රංගධර ඩබ්ලිව් ජයසිරි, ප‍්‍රවීන සාහිත්‍යවේදි ගාමිණි වියන්ගොඩ ඇතුළු කලාකරුවන් පිරිසක් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ද මාධ්‍ය සංවිධාන ද වෘත්තීය සමිති නායකයින් ද සහභාගි වන බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, සුනිල් ශාන්ත, පිලිප් දිසානයක සහ සම්පත් සමරකෝන් දන්වා සිටියි.

මාධ්‍ය සාකච්ඡව, කොළඹ මරදාන, ඞීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රය (සී එස් ආර්) හී දී දෙසැම්බර් 07 ඉරිදා පස්වරු 3.30 ට පැවැත් වෙයි.


-MMP









2014-12-06
Advertisement

Find us on Facebook