English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රහාරයට විරෝධය !





"වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" - "විදියේ විරෝධය" ට පහරදුන් දේශපාලන හෙංචයින් වහාම අත්අඩංගුවට ගනු !

"වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" දෙසැම්බර් මස 05 වෙනිදා එප්පාවල නගරයේදී වීදිගත කළ "විදියේ විරෝධය" ට පාලක පක්‍ෂයේ ප‍්‍රදේශිය දේශපාලන බංකොලොත් කරුවන් විසින් පහර දීම හෙළා දකිමින් එහිදි දැඩි ප‍්‍රහාර වලට ලක් වු ප‍්‍රවීන ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර ,සිවිල් සංවිධාන ක‍්‍රියාධරයෙකු වන සමන්ත ඈපා සහ විදීයේ විරෝධය ආවරණය කරන්නට පැමිණ සිටී හිරු ටී වී ආයාතනයේ මාධ්‍යවේදි තිසර සමන් ඇතුළු කණ්ඩායමකට, පොලිසිය බලාසිටියදී ම ප‍්‍රහාරයන් එල්ල කළ දේශපාලන මැර පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් හෙට එනම් දෙසැමිබර් 07 වෙනිදා පෙරවරු 10යට උද්ඝෝෂණයක් පවත්වන බව "විදියේ විරෝධය" සංවිධායකයින් දන්වා සිටියි.

මැරවරයින් විසින් පහරදුන් ස්ථානයේදිම මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවත් එම ප‍්‍රහාරයන් හෙළා දකිමින් ප‍්‍රාදේශිය මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු සමාජ ක‍්‍රියාධරයින් මෙම උද්ඝෝෂණයට සහභාගි වන බවත් ඔව්හු පැවසීය.
-MMP



2014-12-06
Advertisement

Find us on Facebook