English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තීරණය තවදුරටත් ප‍්‍රමාදයි !

මෙරට ජීවත්වන දමිළ වැසියන්ගේ ප‍්‍රශ්නවලට සාධනීය විසඳුමක් ජනාධිපතිවරණය සඳහා තරග කරන ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් ම මෙතෙක් ප‍්‍රකාශ නොවීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයත්, ඊ පී ආර් එල් එෆ් සංවිධානයත්  ජනාධිපතිවරණයේදි සහය පළකරන්නේ කුමන අපේක්‍ෂකයා හට ද යන්න තවමත් ස්ථිර වශයෙන් තීරණය කොට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් අද (දෙසැ 06) පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශකර ඇත.

යුද්ධයෙන් අනාථවුණු දෙමළ ජාතික අවතැන්වුවන් නිසි ලෙසට යළි පදිංචිකර අවසන් නොවීම, ඔවුන්ගේ ඉඩම් ප‍්‍රශ්න තවමත් විසදී නොතිබීම , ජීනීවා හි මානව හිමිකම් සමුළුවේදි දෙමළ ජාතිකයින් හට සිදුවී ඇති අසාධාරණකම් සම්බන්ධයෙන් සාකච්ජා නොකිරීම යනාදි හේතු මුල්කරගෙන කුමන අපේක්‍ෂකයා හට සහය පළකරන්නේ ද යන්න නිශ්චයකර ගැනීමට නොහැකි බවයි පේ‍්‍රමචන්ද්‍රන් මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශකර ඇත්තේ.

අපේක්‍ෂකයින් දෙදෙනාම, ඉදිරියේදි කරනු ලබන ප‍්‍රකාශ දැඩි අවධානයට යොමුකර, අවසන් තීරණයකට එළඹෙන්නේ යැයි මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශකර ඇත.

සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මන්ත‍්‍රිවරයා මෙසේ ප‍්‍රකාශකර ඇත්තේ ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද දහවල් වව්නියාවේදි පැවැත්වීමෙන් අනතුරුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවේදිය.

-MMP




2014-12-06
Advertisement

Find us on Facebook