English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයට මැර ප‍්‍රහාරයක් - පොලීසිය බලා සිටියි !

"වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" අද, එනම් දෙසැම්බර් 05 වෙනිදා පෙරවරුවේදි එප්පාවෙල දී පැවති වීදියේ විරෝධය අවසානයේදි පාලක ආණ්ඩුපක්‍ෂයේ මැර පිරිසක් විසින් විරෝධතාකරුවන් හට පහර දුන් බවත් එම අවස්ථාවන් ආවරණය කරන්නට පැමිණි මාධ්‍යවෙදින් හට ද පහරදී ඔවුන්ගේ උපකරණවලට ද අලාබහානි සිදුකළ බවත් "වීදියේ විරෝධය" සංවිධායකයින් අයිතියට පැවසීය.

මෙම මැර ප‍්‍රහාරය සිදුවන විට පොලීසිය ඉතාම ශාන්ත ලීලාවෙන් නිශ්ශබ්දව බලා සිටියේ යැයි ප‍්‍රකාශකරන සංවිධායකයින්, ප‍්‍රහාර එල්ල කළවුන් කවුදැයි ස්ථීරයෙන්ම දන්නා නිසා, දුටු නිසා, පොලීසිය ලෙසට එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු නීතියමය පියවර ගන්නා ලෙසට අභියෝගකරන බව පවසා ඇත.

"අපි අද උදේ ඉඳලා ඉතාම හොඳින්, සාමකාමීව, වීදියේ අපේ වැඩසටහන පැවැත්වුවා.  වැඩසටහන අවසන් වෙනවාත් සමඟම කොහොන්දෝ ආව මැරයින් පිරිසක් අපට පහර දුන්නා. ප‍්‍රවීණ ගායක අනුරාධපුරයේ ජයතිලක බණ්ඩාර සහ සමාජ ක‍්‍රියාධර සමන්ත සහෝදරයා හටද මැරයින් විසින් පහර දුන්නා. විදීයේ විරෝධය ආවරණය කරන්නට පැමිණි මාධ්‍ය සහෝදරවරුන්ගෙන් හිරු නාලිකාවේ වාර්තාකරු තිසර සමන් සහෝදරයාට ද මැරයින් පහරදුන්නා. ඔහුගේ කැමරාවට ද අලාබ හානි සිදුකළා." යැයි සංවිධායකයින් ප‍්‍රකාශ කළේය.

එම මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ "තවදුරටත් බලයේ සිටින්නට මහජන කැමැත්ත ඉල්ලා සිටින දේශපාලන පක්‍ෂයක නියෝජිතයින් වන තලාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙකු යැයි ප‍්‍රකාශිත උදිත ප‍්‍රනාන්දු මෙම මැර පිරිස දක්කාගෙන පැමිණීම ගැන ඉතාම ලැජ්ජා සහගතයි. කිසිම කෙනෙකුට අල්පෙනෙත්ති තුඩුක කරදරයක් අලාබයක් ,හානියක් සිදුනොවුනු මෙම දැනුවත් කිරීමේ වීදියේ විරෝධය වැඩසටහනට මෙවැනි විදියේ ලජ්ජා සහගත මැර ප‍්‍රහාරයක් එල්ල කිරීම ගැන අපිකණගාටු වෙනවා, එවගේම අපි මේක හෙලාදකිනවා"  යැයි ඔව්හු වැඩිදුරටත් පැවසීය.

-MMP



2014-12-05
Advertisement

Find us on Facebook