English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"වීදියේ විරෝධය" හෙට සිට !
       


"වීදියේ විරෝධය" හෙට සිට රට පුරා ප‍්‍රධාන නගර, වීදී,  මහජන පොල, බස්නැවතුම් පොල, දුම්රිය පොල ආදි ස්ථානවලදී ඉදිරිපත් කරන්නට කටයුතු සැළසුම්කර ඇතැයි එහි සංවිධායකයින් අයිතියට ප‍්‍රකාශ කළේය.

කලා හා සංස්කෘතික අංග ගණනාවකින් සමන්විත වන "වීදියේ විරෝධය"   වීදි නාට්‍යය වීදි ගායනා , වීදි සංවාධ, වීදි ප‍්‍රදර්ශණ, කවි බණ , බෙර වැයුම් හා මහජන අදහස් ඉදිරිපත් කිරීම ,දැනුවත් කිරීම් ,පත‍්‍රිකා බෙදීම ඇතුළු විශේෂ අංග රාශියකින් සමන්විත වන බවත් විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ද සිදුකිරීමට නියමිත බවත් "වීදියේ විරෝධය" සංවිධායක කමිටුව ප‍්‍රකාශ කළේය.

හෙට එනම් දෙසැම්බර් 05 වෙනිදා පෙරවරු 10 යට එප්පාවලදීත්, පස්වරු 2 කට අනුරාධපුරයේදිත් , දෙසැම්බර් 06 වෙනිදා පෙරවරු 10යට දඹුල්ලදීත් , පස්වරු 2 කට කුරුණෑගලදීත් සහ දෙසැම්බර් 07 වෙනිදා පෙරවරු 10යට හලාවතදීත් "වීදියේ විරෝධය"  ඉදිරිපත් කෙරෙන බව පැවසීය.

දැනට පවතින පාලන බලය තවදුරටත් තහවුරු කරගැනීමේ බලධාරීන්ගේ ඇති "වීදියේ විරෝධය"  ශ‍්‍රි ලංකාව තුළ යහපාලනය ඇතිකරමින් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා, සියලූ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරණ වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන සාමුහිකය විසින් ඉදිරිපත්කර ඇති යෝජනා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත් ඔවුන්ගේ සහය ලබාගැනීමටත් "වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" යන තේමාව ඔස්සේ "වීදියේ විරෝධය" මැයෙන් රට පුරා වැඩසටහන් මාලාවක් සැළසුම් කර ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

සිවිල් සංවිධාන සාමුහිකය විසින් ඉදිරිපත්කරන "වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්" - "වීදියේ විරෝධය" හෙට දෙසැම්බර් 05 වෙනිදා ආරම්භ කරමින් මැතිවරණය පැවැත්වෙන තුරු රට පුරා දිස්ත‍්‍රික්ක ගණනාවක දි ජනතාව හමුවට පැමිණෙනු ඇත.

"වීදියේ විරෝධය" සියලූ අංගයන් සඳහා 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වීථි බසිනු ඇති බවත් පිලිප් දිසානායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

"වීදියේ විරෝධය" දැනුවත් කිරීමේ ආරම්භය නොවැම්බර් මස 25 වෙනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ බව ද සංවිධායකයෝ පැවසුහ.

-MMP




2014-12-04
Advertisement

Find us on Facebook