English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂගේ මොළේ කොලොප්පං


රාජපක්ෂලා විසින් රට රැක්ක බවට ප්‍රකාශ කලත් මෙතෙක් කාලයක් සිදු කර ඇත්තේ පවුල ආරක්ෂා කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව සදහන් කලේ නුගේගොඩ පැවති රැලියකට එක් වෙමිනි.

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අදහස් දක්වමින්,


බලයෙන් උමතුවෙලා හිටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඕනෑකම තිබුණා ව්‍යවස්ථාව පැත්තකට දාලා අවුරුදු හයකට බලය ගන්න. මේක සරල ගමනක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන මේ ගමන කල් ඇතිව දැකපු එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අද ආණ්ඩුවෙන් එළියට බැහැලා කන් කෙඳිරි ගාන කාටත් අතීතය මතක්කර ගන්න සිද්ධ වෙලා.

2009 යුද්ධය අවසන් වීමේ ජයග‍්‍රහණය තමන්ට තනිවම ලියාගෙන 2010 ජනාධිපතිවරණයට ගියා. මහ මැතිවරණය පවත්වලා මහජනතාවගෙන් 2/3 බලය ඉල්ලූවා. නමුත් සරල බහුතරයක් විතරයි දුන්නේ. එක්සත් ජාතික පක්‍ෂය, මුස්ලිම් කොංග‍්‍රසය වගේ පක්‍ෂවලට අල්ලස් දීලා මන්තී‍්‍රවරු අරගෙන සුජාත නොවන 2/3 බලය හදාගත්තා. අල්ලස් දීලා ගත්ත 2/3 පාවිච්චි කරලා 18වන සංශෝධනය හදිසි පනතක් හැටියට සම්මත කරගත්තා.අපි පාර්ලිමේන්තුව වටකළා. පාර්ලිමේන්තුව ඇතුළේ අපේ සහෝදරවරු හඬ නැගුවා. නමුත් ලයිට් කණු වගේ ඉන්න අය අත උස්සලා ඒක සම්මත කරගත්තා.

රාජපක්‍ෂ මහත්තයා මොළේ කොළොප්පං වෙලා වගේ දැන් කියනවා ව්‍යවස්ථා කඩිමුඩියේ වෙනස් කරන්න බැහැ කියලා. දහඅට කඩිමුඩියේ ගෙනාවා කියලා රාජපක්‍ෂ මහත්තයාට ඉතිහාසය අමතකවෙලා. අඩු ගානේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටවත් නිදහසේ කථාකරන්න ඉඩ දුන්නේ නැහැ. අපි කියන්නේ 18 වෙනි සංශෝධනය ගෙනා කලබලයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නත් පුළුවන් බවයි.මේ අය හදන්නේ බලය ගොඩගහගෙන රට යටකරගන්න.නමුත් 18ත් වැරදුනා.ශිරාණි බණ්ඩාරනායකට දෝෂාභියෝගය ගෙනාවේ 18වෙනි සංශෝධනයේ ප‍්‍රශ්නයක් අනුව බව හෙළිවුණා.පාර්ලිමේන්තුවේ 2/3 බලය යොදවලා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කරලා තමන්ගේ යාළුවා දාගත්තා. රාජපක්‍ෂ මහත්තයාට නොතේරුණාට හැම කි‍්‍රයාවකටම ප‍්‍රතිකි‍්‍රයාවක් තියෙනවා. දැන් ප‍්‍රතිකි‍්‍රයා එන්න පටන් ගත්තාම ආණ්ඩුවේ පිපිරීම් ඇතිවුණා.

ජවිපෙ ජනාධිපතිවරණයට තරඟ නොකළාට ජනතා වේදිකාවක් ඉදිකරලා මේ අවනඩුව ජනතාවට කියන්නයි අපි පෙරමුණ ගෙන ඉන්නේ.ජනතා බලයෙන් රාජපක්‍ෂ මහත්තයාගේ ජනාධිපති ධුරයත් එයින් අනතුරුව වත්මන් ආණ්ඩුවත් පරාජයට පත් කරලා ජනතාවට ඇත්ත ජයග‍්‍රහණ ගේන්න අලූත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාව පෙළ ගස්වන්නයි අපි දැන් කැපවී ඉන්නේ. මේ නීති විරෝධී ඡන්දයට අපි ඉල්ලන්නේ නැහැ. ඒ වගේම විළි ලැජ්ජාවක් නැතිව මැතිවරණ නීති කඩ කරමින් සීමාවක් නැතිව බඩු බෙදනවා, දන්සල් දෙනවා, මහින්ද රාජපක්‍ෂ මහත්තයා මුදල් අමාත්‍යාංශයට වෙන්කළ සල්ලිවලින් දැන් ඡන්ද වැඩකරනවා.දවසකට මිලියන ගානක් වියදම් කරලා පෝස්ටර් ගහන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ සල්ලිවලින්. අද නගරසභාවේ නීති මහින්ද රාජපක්‍ෂගේ කටවුට්වලට නැහැ. පරිසර නීති බලපාන්නේ නැහැ. පරිසර පොලීසිය අහක බලාගෙන. ඒ වගේම මාර්ග සංඥා පුවරු මිනිසුන්ට පේන්නේ නැති විදියට කටවුට් ගහලා තියෙද්දී රථ වාහන පොලීසියත් අහක බලාගෙන. නීතිය රකින මහත්තුරු මොකද කරන්නේ? ජනාධිපති නැත්නම් ජීවිතයක් නැති කඬේ යන මැති ඇමතිවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලෝ ලකුණු දාගන්න දකින දකින ලයිට් කණුවේ මහින්දගේ කටවුට් ගහනවා. මේ තත්වය පරාජයට කරන්න රාජපක්‍ෂ මහත්තයා පරාජය කළ යුතුයි. ඒ සඳහා ඔබට ගතහැකි ඕනෑම කි‍්‍රයාමාර්ගයක් ගන්න කියලා අපි ජනතාවට කියනවා. මේ ගමන අනතුරුදායකයි. ජනතාවට සාධාරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදෙන්න ඕන ආයතන අකි‍්‍රය කරලා නම් ජනතාවට කාගේ පිලිසරණක්ද? දැන් අපිට තියෙන්නේ රාජපක්‍ෂලා විනාශ කරපු රාජ්‍ය ව්‍යූහය වෙනුවට සාධාරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන මිනිස්කම අගයන මානව හිමිකම් රකින නව සමාජ පද්ධතියක් නිර්මාණය කිරීමයි.

එවැනි කි‍්‍රයාමාර්ගයකට නායකත්ව දෙන්න හැකිවෙන්නේ හදිසියේ අටවා ගන්නා පෙරමුණුවලට නෙවෙයි.අනාගත දැක්මක් තියෙන දැවැන්ත ජනතා බලවේගයකට පමණයි ඒ අරමුණ ජයග‍්‍රහණය කළ හැක්කේ. අපේ දේශපාලන ගමන ඒකයි. මධ්‍යම කඳුකරයේ නාය යාම ගැන අනාවැකිය මීට අවුරුදු 40කට කලින් කීවේ ජවිපෙ නිර්මාතෘ විජේවීර සහෝදරයා. දැන් මීරියබැද්දේ ජනතාවගේ ජන ජීවිත විපතට පත්වුණාට පස්සේ වාසි ගත්ත හැම දෙනාමත් අහක බලා ඉවරයි. දහඅටට අත උස්සපු බොහෝ දෙනෙක් දැන් පාපෝච්චාරණය කරනවා. සමාව ඉල්ලනවා. අපි මේ බව අවුරුදු 4කට කලින් දැක්කා. අපේ පක්‍ෂයේ නායක අනුර කුමාර සහෝදරයා එදා පාර්ලිමේන්තුවේදී පැහැදිළිවම මේ බව කිව්වා. එදා වගේම අදත් අපි පැහැදිළිව අනාගතය දකිනවා. ඔය දේශපේ‍්‍රමී කයිවාරු ගැහුවාට රාජපක්‍ෂ මහත්තයා යන්නේ විනාශකාරී ගමනක්. රට රැක්කා කියල කිව්වට පවුල රැක්කා විතරයි. ඒ නිසා මේ පාලනය පරාජයට පත්කළ යුතුමයි.

අපේ ස්ථාවරය හරි පැහැදිළියි. අපි හැමදාම ඡන්ද දායකයින්ට මග පෙන්වීමක් කළා වගේ ඡුන්ද දායකයාටත් තීරණ ගැනීම සඳහා මේ වර අපි අවස්ථාවක් දී තිබෙනවා. තීරණය ඔබ සතුයි. මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජයට පත්කළ යුතුයි. හැබැයි අපට වෙන කිසි කෙනෙකු පිළිබඳව සහතික දීමක් කරන්නත් බැහැ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්කිරීම සඳහා ගතයුතු යැයි ඔබ සිතන හොඳම තීන්දුව ඔබ ගන්න. ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරමින්, ජනතාව සංවිධානය කරමින් ජනතා බලවේගයක් නිර්මාණය කරමින් යනවා. ඒ බලවේගය ජනාධිපතිවරණයෙන් පස්සෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ලබන ජනවාරි 8 වැනිදා රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති සිංහාසනයෙන් බස්සා ගෙදර යැවිය යුතුමයි. රාජපක්‍ෂ මහත්තයා පරාජය කිරීමෙන් විතරක් ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.මතුවී තිබෙන බරපතළ ප‍්‍රශ්නවලට අතරමැද විසඳුම් නැහැ.ජනතාව දිනන සටනට ජනතාව පෙළගැස්වීමට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගත යුතුමයි. අපට ආර්ථිකයක් ගොඩනගාගැනීමේ සටනක්, කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ශිෂ්‍යයන්ගේ, කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමේ සටනක්, සමාජයේ මිනිස්කම දිනාගැනීමේ සටනක්, ජාතික සමගිය ගොඩනගාගැනීමේ සටනක් තියෙනවා. ඡන්ද ලබාගන්න දෙමළ ජනතාවගේ වගේම මුස්ලිම් ජනතාවගේ නායකයන් එක්ක ඞීල් දානවා මිස ජනාවගේ ප‍්‍රශ්න විසඳන්න කව්රුවක්වත් නැහැ. දැන් අඬ අඬා ඉන්න මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇමතිවරයා යුද්ධය ඉවරවුණාට පස්සේ කීවේ අවුරුදු 25කටවත් මේ ජනාධිපතිවරයා වෙනස් නොකළ යුතු බවයි. ඒ අයම දැන් මේ පාලනය අවසන් කළ යුතු බව කියනවා.

මොන පිල් හැදුවත් ජේවීපී එක නැතිනම් වැඩක් නැති නිසා අපිටත් කතා කරනවා. ජනතාවගේ විශ්වාසය හැදෙන්නේ අපි හිටියොත් විතරයි. අපි පැහැදිලිව කියන්නේ පක්‍ෂයක් හැටියට වෙහෙස මහන්සි වෙලා අත්දැකීම් ලබලා කැපකිරීම් කරලා දිවි පුදලා ජනතාව සමඟ දේශපාලන කරමින් උපයා ගත් විශ්වාසය සහ ගෞරවය එකිනෙකාට ආරෝපණය කරලා අත පිහගන්න අපි ලැහැස්ති නැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ රටට නව නායකත්වයක් අවශ්‍යයයි. මේ රට ගොඩනගන්න පුළුවන් අවංක නායක්වයක් අවශ්‍යයයි. මේ රට ගොඩනගන්න ජනතාවාදී නායකත්වයක් අවශ්‍යයයි. එහෙම නායක්තවයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ ජවිපෙට විතරයි. රට ගොඩනැගීමේ නායකත්වය අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ සඳහා අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඒකරාශී වීම අවශ්‍යයයි.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මේ හැමෝටම පැහැදිලියි. රජගෙදර දෝළා කරගහන කට්ටියට අපේ ස්ථාවරය පැහැදිළි නැහැ. කාට පැහැදිළි නැතිවුණත් අපේ ස්ථාවරය ජනතාවට හරි කෙලින් පැහැදිලිව කියලා තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්‍ෂගේ පාලනය පරාජයට පත්කල යුතුයි;මේ සමාජය වෙනස් කිරීම සඳහා ජවිපෙ නායකත්වයෙන් පෙළ ගැසිය යුතුයි කියන එක. තවත් සමහරු කියමින් යනවා ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් තියෙනවා කියලා. ජවිපෙ අර්බුද ගැන සිතන මහත්වරුන් එසේ සිතාගනිත්වා. මේ වෙලාවේ අපේ රටේ කිසිම අර්බුදයක් නැති එකම පක්‍ෂය විදියට ජනතාව ඉදිරියේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණට හැකිවී තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ අර්බුදය නිසා සන්ධානයත් කැඩිලා, ශී‍්‍ර ලංකා එකත් කැඩිලා. පැණි වරකාවට හෙණ ගැහිලා ගිහිල්ලා.අර්බුදය පුපුරලා ගියේ උඩින්. තවම ගැලවිලා ඉවර නැහැ. වේලිච්ච පොල් වැටෙනවා වගේ දිනපතා එක දෙක වැටෙයි. අනික් පක්‍ෂ හැම එකකමත් අර්බුද. මේ දුෂිත පාලනය වෙනස් කරලා යහපාලනය ගොඩනගන්න පෙළගැහෙන්න ඕනෑ.

මේ සමාජය වඩා යහපත් තත්වයකට ගොඩනගන්න අපි ඔක්කොම පෙළ ගැහෙන්න ඕනැ. සමහරු හිතුවා අපි කඬේ වහලා ගෙදර ඉඳියි කියලා.නමුත් අපි තමයි ලොකුම කාර්යභාරය ඉටු කරන්නේ. මහින්ද රාජපක්‍ෂ පාලනයට වැටෙන්නගහන්න පුළුවන් එකම දේශපාලන පක්‍ෂය ජවිපෙ කියලා කව්රුත් දන්නවා.ඒ වගකීම අපි ගන්නවා. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න කථාකරන හුඟ දෙනෙක් පහුගිය දවස්වල හිටියේ නැහැ. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේදී අපි කාටවත් සහතික නොදී මහින්ද රාජපක්‍ෂ පැරදවීම සඳහා ජනතාව ගතයුතු තීරණය ගැන අපි දිගටම දැනුවත්කිරීම් කරනවා. ඒ තීරණය ගන්න ජනතාවට අපි කියන්නේ එතැනින් නරත වෙන්න එපා කියලයි. බලයට පත්වෙන හැම කෙනාම පොරොන්දුවලට පයින් ගහනවා. ඒ ක‍්‍රමය වෙනස් කරලා ජනතාවට අයිතිවාසිකම් ලබාදෙන්න පුළුවන් බලයක් අපි ගොඩනගන්න ඕනෑ. ජනාධිපතිවරණයෙන් පස්සේ ජනතාව වෙනුවෙන් තිබෙන මහපාරේ සටන වගේම පාර්ලිමේන්තුව තුළ සටනත් අනික් හැම තැනකදීමත් ජනතා විමුක්ති පෙරමුණේ බලය වැඩිකිරීම සඳහා අපි ඔක්කොම එකතු වෙමු.අත්වැල් බැඳගමු. කැපකිරීම් කරමු. මේ ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා අපට ගත හැකි සියලූම කි‍්‍රයාමාර්ග ගනිමු කියන ආරාධනය අපි කරනවා.

උපුටා ගැනීම - Lanka News Alert
-MMP



2014-12-03
Advertisement

Find us on Facebook