English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නව දේශපාලන පක්‍ෂයක් , සංකේතයක් අවබෝධතා ගිවිසුමක් !

2015 ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂය වෙනුවෙන් පොදු අපේක්‍ෂකයා ලෙසට තරග වදින මෛත‍්‍රිපාල සිරිසේන අද, දෙසැම්බර් 02 වෙනිදා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදි ඇප මුදල් තැන්පත් කෙරිණි. පොදු විපක්‍ෂයට නමක් ද ලාංජනයක් ද ලැබිණි. ජාතික හෙළ උරුමය ද පොදු අපේක්‍ෂකයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. මෛත‍්‍රී ආණ්ඩුවට හෙළ උරුමයෙන් ජනාධිපති රාජපක්‍ෂටත්  ඇරයුම් කරයි.

පොදු අපේ්ක්‍ෂකයා ඉදිරිපත්වන සන්ධානයේ නාමය "නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණ" වන අතර පක්‍ෂ ලාංජනය "හංසයා" සළකුණ ලෙසට නම්කර ඇත.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල විසින් ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ලේකමි ෂර්මිලා පෙරේරා ද එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජනාධිපති නිතිඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ සහ එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා ද සහභාගි වුහ.   

මේ අතර, ජාතික හෙළ උරුමය පොදු අපේක්‍ෂකයා හට සහය දෙන බව ප‍්‍රකාශ කරමින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර, එය පෙරදා ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන් හා පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල අතර සිදුකෙරුණු ජාතික ප‍්‍රතිඥාවකට අනුව මෙම තීරණය ගත් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හිටපු අමාත්‍ය චම්පික රණවක අද පැවති මාධ්‍ය හමුවේදි ප‍්‍රකාශ කළේය.

මෙය දින 100ක කෙටි දේශපාලන න්‍යාය පත‍්‍රයක් , මේ සඳහා සියළුම දේශපාලන පක්‍ෂවල නියෝජනයක් ඇති ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට අපි එකඟ වුණා යැයි පැවසු මන්ත‍්‍රි රණවක පොදු අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණයෙන් පසුව ව්‍යවස්ථා සංශෝධනය ඉටුකිරීම සඳහා පිහිටුවන කෙටිකාලීන ජාතික සමගි ආණ්ඩුවට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ද එක්විය හැකි බව පැවසීය.

එමෙන්ම, මෙම වැඩපිළිවෙල සියලූ ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක් වන අතර යහපාලනය  සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලක් බැවින් ඊට දෙමළ ජාතික සන්ධානය පමණක් නොවෙයි වෙනත්  ඕනැම පක්‍ෂයකට සහය දෙන්න පුළුවන් යැයි රණවක මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.
-MMP



2014-12-02
Advertisement

Find us on Facebook