English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පිරිවරක් සමඟින් පොදු අපේක්‍ෂක ගිවිසුමට අත්සන් තබයි !

"සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදි සහ ජනහිතකාමි ආණ්ඩුවක්" බිහිකිරීම උදෙසා පොදු අපේක්‍ෂකයා ලෙසට ඉදිරිපත්වන මෛත‍්‍රිපාල සිරිසේන තමන්ට සහය පළකරන දේශපාලන පක්‍ෂ සහ සෙසු මහජන සංවිධාන සමගින් අද එනම් දෙසැම්බර් 01දා කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

දැනට පවතින විධායක ජනාධිපති ධූරය අහෝසිකොට ජනතාවට වගකියන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් දින 100ක් ඇතුලත ස්ථාපිත කිරීම, 18වන සංශෝධනය අහෝසිකර ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරමින් පොලිසිය, අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීම ,මනාප ක‍්‍රමය සහමුලින්ම අහෝසිකර පැරණි මන්ත‍්‍රි ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීම හා ජනතාවගේ ආර්ථීක බර සැහැල්ලූ කිරීම ක්‍ෂණිකව ඉටුකිරීම යන කාරණා හතරක් අද අත්සන් කෙරුණු නව ගිවිසුමට ඇතුළත්වෙයි.

එම අවස්ථාවේදි අදහස් දැක්වු පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන, ශ‍්‍රි ලංකාව නැවත වරක් සමාජ සාධාරණත්වය රජයන ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක් බවට පත්කරන බවට ප‍්‍රතිඥාවක් දුන් අතර සියළුම දෙනා තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය අංශු මාත‍්‍රයකින් හෝ පළුදු නොකර කටයුතු කරන බව කීවේය.

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව සියලූ පක්‍ෂ ඒකරාශිව වසර දෙකකට නොඅඩු කාලයක් සර්ව පාක්‍ෂික රජයක් පිහිටවිය යුතු බව ගිවිසුමෙහි සඳහන් වෙයි.

කොළඹ විහාර මහාදේවි එළිමහන් රංගපිඨයේදි පැවැත්වුණු එම උත්සවයට සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති  පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාක , ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා ඇතුළු විපක්‍ෂයේ නායකයින් රැසක් එක්ව සිිටියහ.

මුලාශ‍්‍රය සහ පිංතුරය  -  බිබීසි සංදේශය  
-MMP




2014-12-01
Advertisement

Find us on Facebook