English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කඩිනම් දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් අවැසි යැයි වින්ධිතයින් ප‍්‍රකාශ කරයි !

සමාජීය, ආර්ථීක හා දේශපාලන වශයෙන් දැවැන්ත සෝදාපාළුවකට මුහුණ දී තිබෙන ශ‍්‍රි ලංකාව සඳහා කඩිනම් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් අවශ්‍යය බවත් ඒ සඳහා වර්ථමානයේදි හොඳ අවස්ථාවක් උදාවී ඇති බවත් නොයෙක් ආකාර වධ හිංසාවලට පාත‍්‍ර වුණු වින්ධිතයින් ප‍්‍රකාශ කරති.

ඔවුන් මෙසේ ප‍්‍රකාශ කළේ "රයිට් ටු ලයිෆ්" මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ඊයේ එනම් නොවැම්බර් 29 වෙනි දා කටුණායක පිහිටි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේදි පවත්වන්නට යෙදුණු වින්ධිත හමුවකදීය.

මෙම වින්ධිත හමුව සඳහා, "රයිට් ටු ලයිෆ්" මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් හඳුනාගෙන සිටින පොලිස් වධ හිංසා ඇතුළු නොයෙක් ආකාරයේ වධ හිංසාවලට ගොඳුරුව ලංකාව පුරා විසිරි සිටින වින්ධිතයින් ඇතුළුව රයිට් ටු ලයිෆ් මධ්‍යස්ථානය හා සම්බන්ධ අනෙකුත් මහජන සංවිධාන නියෝජිතයින් ද සහභාගි වු අතර වින්ධිතයින් විසින් තවදුරටත් සඳහන් කළේ දිවි පරදුවට තබා හෝ යුක්තිය සාධාරණය ඉටුවන සහ නිදහසේ ජීවත් වන්නට හැකි සමාජයක් බිහිකර ගැනීම අද අත්‍යවශ්‍යම කාරණාව වී ඇති බවයි.

"අපේ රටේ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටුකරගන්න ට අමාරු බවත්, තමන්ට අසාධාරණයක් සිදුවී යුක්තිය ඉටුකරගන්නට කුමන හෝ ආයාතනයකට ගියවිට එම ආයතනයෙනුත් බොහෝ විට එම පුද්ගලයා හට අසාධාරණයකට මුහුණ දෙන්නට සිදුවෙන බවත්, අසාධාරණයට පත්වන ප‍්‍රමාණය වැඩිවෙනවා මිස කාටත් සාධාරණයක් සිදුවනවා දකින්නට අසිරු බවත් මේ තත්ත්වය අපි වෙනස්කළ යුතු යැයි ද සැමට සමානාත්මතාවයකින් සළකන තමන්ට හිමි ගරුත්වයෙන් ජීවත්වන්නට හැකි සමාජයක් ගොඩනගන්නට අවශ්‍යකරන ප‍්‍රතිසංස්කරණ ව්‍යුහයක් අපි ඉදිරිපත් කළ යුතු යැයි ද ඒ සඳහා අද සාකච්ඡ කළ යුතු යැයි"වින්ධිත හමුව ආරම්භ කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති අංශයේ, නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර ප‍්‍රකාශ කළේය.

වර්ථමානයේදි රටේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිළිකරමින් සාධාරණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි නීති පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ප‍්‍රතිසංස්කරණ සැලැස්මක් පිළිබඳව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් පිලිප් දිසානායක දිර්ඝ සාකච්ඡවක් සිදුකළේය.

මෙහිදි වින්ධිතයින් මෙන්ම පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් ද අදහස්දැක්වුහ.

ඇසට පෙනෙන, දකින දේ විවේචනයකර, ඒ  අල්ලස, දුුෂණය මර්ධනය සහ මිනිස් අයිතිවාසිකම් අහිමිකිරිම් සම්බන්ධයෙන් තමන්ගේ හෘදසාක්‍ෂියට එකඟව ක‍්‍රියාකිරිම තුළින් සැබෑ කි‍්‍රස්තු අනුගාමිකයින් සේ ජිවිතය අහිමි වුව ද ඊට මුහුණ දීමට තමන් සුදානම් බව මීගමුව බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති නිහාල් ප‍්‍රනාන්දුු මහතා සහ පැමිණ සිටී තවත් කතෝලික බැතිමතෙකු අවදාරණය කරමින් ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය උදෙසා නොයෙක් ආකාරයේ බඩු භාණ්ඩ සහ මිළ මුදල් විශාල ප‍්‍රමාණයෙන්  බෙදා හරිමින් ග‍්‍රාමීය ජනතාව රවට්මින් සාමකාමී ලෙසට ජීවත්වන ගැමි ජනතාව දෙකඩ කිරීමට ආණ්ඩු බලයේ සිටින මැතිවරණ ව්‍යාපාරිකයින් දියත්කරමින් යන එම මැතිවරණ ව්‍යාපාරය අපි පරාජය කළ යුතු යැයි තවත් වින්දිතයෙක් ප‍්‍රකාශ කළේය.

දැනටමත් ආරම්භකර ඇති ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට මෙම වින්ධිතයින්ගේ සහභාගිත්වය යොදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රයිට් ටු ලයිෆ් හි නීති අංශයේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු විසින් සාකච්ඡුා මෙහෙයවනු ලැබුණි.

චමිලා දිසානායක නඩුව වෙනුවෙන් පෙනි සිටිමින් ප‍්‍රධාන සාක්‍ෂිකරුලෙසට සාක්‍ෂි ලබාදුන් බි‍්‍රයටි‍්‍රස් මහත්මිය වෙත උපහාර පිදීමක් ද මෙදින සිදුකළේය.

-MMP




2014-11-30
Advertisement

Find us on Facebook