English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රතිසංස්කරණ වෙනසක් සඳහා වීදියේ විරෝධතාවය ආරම්භ කෙරේ !

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු සෑම ක්‍ෂේත‍්‍රයකම සැබෑ වෙනසක් සමඟ ප‍්‍රතිසංස්කරණයක් ඇති කළ යුතුය යන "අවශ්‍යතාවය" පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක "වීදීයේ දී ඉදිරිපත් කෙරෙන විරෝධතාව සහ දැනුවත් කිරීම" අද පස්වරුවේදි (නොවැම්බර් 25) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මුල දුණි.

"වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන්" සිදුකරනු ලබන මෙම විදීයේ විරෝධය, ශ‍්‍රි ලංකාව පුරා විසිරි සිටිමින් පුරවැසියන්ගේ ජීවිත වෙනුවෙනුත් රටේ යහපත වෙනුවෙනුත් ක‍්‍රියාකරන සිවිල් සංවිධාන 109ක සහභාගිත්වය හා දායකත්වයෙන් යුතුව සිවිල් සංවිධාන සාමුහිකය විසින් දියත් කරනු ලබයි.

පස්වරු 3 වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස්ව සිටී 500 ක පමණ ජනතාව හේවිසි හා බෙර වාදනයක් සමගින් කෙටි පෙළපාලියකින් පසුව විදීයේ විරෝධය ආරම්භ කළේය.

පූජ්‍ය බැඳිවැව දියසේන හිමි ඇතුළු ගරුතර සංඝයාවහන්සේ විසින් මෙහෙයවනු ලැබු බෞද්ධාගමීක කෙටි ආශිර්වාදයකින් අනතුරුව සිවිල් සංවිධාන සාමුහිකය වෙනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනානන්දු මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් විදීයේ විරෝධයට මුල පිරීය.

"අපි හිතනවා සිවිල් සංවිධාන හැටියට මනුස්සකම රකින්න  ඕනෙ නම් ,ජාතින් අතර සමගිය ගොඩනගන්න  ඕනෙ නම්, ආගම් අතර සමාදානය ගොඩනගන්න  ඕනෙ නම්, මේ රට එක්සත් ශ‍්‍රි ලංකාවක් හැටියට ඉස්සරහට යන්න  ඕනෙ නම් , ජාත්‍යන්තරයේදි, අපිව මිනී නොමරන, අතුරුදහන් නොකරන, පොලීසියේදි මිනිස්සුන්ව මරා නොදමන, රටක් හැටියට පත් වෙන්න  ඕනේ නම්, මේ මහින්ද රාජපක්‍ෂ රෙජීමය අවසන් කළ යුතුයි යන විශ්වාසයෙන් අද අපි පාරට බැහැලා තියෙන්නෙ." යනුවෙන් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

"රටට ජාතියට සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින සැබෑ තත්ත්වයන්" විග‍්‍රහා කරමින්  අවන්ත ආටිගල කාටුන් ශිල්පියා විසින් ඉදිරිපත් කල කාටුන් ප‍්‍රදර්ශනයක් ද, මහජන ප‍්‍රශ්න ඇසීමක් සහ පිළිතුරු දිමේ කෙටි සාකච්ඡවන් ද, මෙම අවස්ථාවේදිම ලිඛිතව හා චිත‍්‍රානුසාරයෙන් ඉදිරිපත් කරන මහජන අදහස් දැක්වීමක් ද වීදි නාට්‍ය දැක්මක්ද , ජයතිලක බණ්ඩාරයන්ගේ සාධු ජනරාවය ගී ගැයිම් ද විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව අත්සන් ව්‍යාපාරයක්ද, වීදි මාධ්‍ය සාකච්ඡවක් ද ඉන් අනතුරුව සිවිල් සංවිධාන සාමුහිකය විසින් ක්‍ෂේත‍්‍ර යාථාර්තයන් පදනම්කර ගනිමින් මහත් පරිශ‍්‍රමයක් යොදා කෙටුම්පත් කළ සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා අඩංගු කෙටුම්පත විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ නායකයින් වෙත පිළිගැන්වීම ද සිදුකෙරුණි.

රනිල් වික‍්‍රමසිංහ, රාජිත සේනාරත්න, වික‍්‍රමබාහු කරුණාරත්න, හේමකුමාර නානායක්කාර, මනෝ ගනේෂන්,  සිරිතුංග ජයසූරිය ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක නායකයින් මෙන්ම, වෘත්තී සමිති නායකයින් ද ක‍්‍රිස්තියානි ආගමීක, අධ්‍යාපන, මාධ්‍ය හා කාන්තා යන ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් ගරු මාරිමුත්තු ෂත්‍යවේල් පියතුමාත්, චන්ද්‍රගුප්ත තේනුවර, සුනිල් ජයසේකර සහ පද්මා පුෂ්පකාන්ති ය න අය විදීයේ විරෝධයට සහභාගී වෙමින් අදහස් ප‍්‍රකාශ කළහ.

දේශපාලන වෙනසක් පමණක් නොව රටේ පොදුජනතාවට දැනෙන වෙනසක් මෙම යෝජිත ප‍්‍රතිසංස්කරණ තුළින් සිදුවිය යුතු බව රනිල් වික‍්‍රමසිංහ මහතා සිය කෙටි අදහස් දැක්වීමේදි ප‍්‍රකාශ කළ අතර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින්ම විනාශවී යාමට හේතුවක් වී ඇති මෙම වත්මන් මැතිවරණ ක‍්‍රමය ඉදිරියේ එළඹෙන තම අලූත් රජය යටතේ සිදුකරන බව ආණ්ඩුපක්‍ෂයෙන් ඉවත් වු රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.
 


                      
                      මෙදින විදීයේ විරෝධයේ වැඩිපුර විස්තර ඉදිරියට ....

වීදීයේ විරෝධයේ ඡායාරූප, ඡායාරූප තීරුවෙන් බලන්න.
 

සටහන සහ ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා




2014-11-25
Advertisement

Find us on Facebook