English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධයට ඔබටත් ආරාධනා !

දැනට රටතුළ පවතින පීඩනය සහ අශිෂ්ට සම්පන්න පාලන තන්ත‍්‍රයට එරෙහිව, ඊට විරෝධය පාමින් සහ එය මුලික කරගනිමින් ප‍්‍රතිසංස්කරණ වෙනසක් ඉල්ලා සිටිමින් මහජනතාව ද දැනුවත්  කිරීම සඳහා ගනු ලබන උත්සාහයක් ලෙසට හෙට එනම් නොවැම්බර් 25 වෙනිදා කොළඹදී විරෝධතාවක් සුදානම්කර ඇති බව සිවිල් සංවිධාන සාමුහිකය දන්වා සිටියි.

අමුතු ආරක් ගනුලබන මෙම විරෝධතා වැඩසටහන ”වියරුවට එරෙහිව, ජිවිතය උදෙසා” සිදුකරනු ලබන ”වීදියේ විරෝධය” ලෙසට නම්කර ඇත. මෙම විරෝධතාවය තුළ ප‍්‍රදර්ශනයක්, සාකච්ඡ, වීදි නාට්‍යයක් , බෙර වාදනයක් මෙන්ම ගරුතර සංඝයාවහන්සේලා විසින් ඉදිරිපත්කරන කවි බණක් ද අන්තර්ගත වන බව සංවිධායකයෝ දන්වා සිිටිති.

සිවිල් සංවිධාන විසින් නිරික්‍ෂණය කළ පවතින සමාජ ආර්ථීක හා දේශපාලන ව්‍යුහයන්ගේ සිදුවිය යුතු අනිවාර්යය වෙනස්කම් අඩංගු ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් පොදු අපේක්‍ෂකයා ඇතුළු සියලූම දේශපාලන පක්‍ෂ නායකයින් වෙත පිළිගැන්වීම මහජන හමුවේදි සිදුකරන්නට නියමිත බව ද සිවිල් සංවිධාන නියෝජනය කරන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, විරෝධතා වියාපාරය වෙනුවෙන් විශේෂිත පුවත්පතක් දොරට වඩින අතර බස්මගින් හා පදිකයේ ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා බෙදීමක් ද සිදුකරනු ලබයි.

හෙට එනම් නොවැම්බර් 25 වෙනිදා පස්වරු 3.00 සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සමඟ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජිවිතය උදෙසා, විදීයේ විරෝධය ආරම්භ වන අතර පස්වරු 6.30 සිට 7.00 දක්වා පැවැත්වෙන ඉටිපහන් ආලෝක අධිශ්ඨාන පූජාවකින් එදින විදීයේ විරෝධය අවසන් වෙනු ඇත.

එහෙත් දෙසැම්බර් මස මුල සිට අනෙකුත් දිස්ත‍්‍රික්කවලදී මෙම විරෝධය දියත් වෙනු ඇතැයි සංවිධායකයින් පැවසුහ.

-MMP



2014-11-24
Advertisement

Find us on Facebook