English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අයවැය රත්වන ලකුණු! එජාප ප්‍රබලයෙකු ආණ්ඩුවේ දොර ලග!

2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24) පාර්ලිමේන්තුව ගිනියම් වන ලකුණු දකින්න්නට තිබේ.ආණ්‌ඩුවෙන් තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ විපක්‍ෂයටත් විපක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවටත් එක්විම අද අයවැය කාලය තුල සිදුවිමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් විමත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග ඩී. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, මහාචාර්ය රජීව් විඡේසිංහ,වසන්ත සේනානායක, පෙරුමාල් රාජදොරේ යන අය ඉවත් විමත් සමග මේ වන විට එම ආණ්‌ඩුවේ සංයුතිය මන්ත්‍රීවරුන් 161 සිට (කථානායකවරයා හැර) 155 දක්‌වා අඩු වී තිබේ.

මේ අතර විපක්‍ෂයෙන් ආණ්‌ඩුවට එක්‌වන මන්ත්‍රීවරුන් අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලම නායකයකු ද සිටින බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.අදාල ප්‍රබලයා මේ වනවිටත් ජනාධිපතිවරයා හමුවි රජය සමග එකතුවිමට සිය කැමැත්ත පලකර තිබේ.

උපුටා ගැනීම-Lanka News Alert
-MMP



2014-11-24
Advertisement

Find us on Facebook