English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තවදුරටත් අතකොලු නොවන, පීඩිත නොවන ජීවිත උදෙසා එක්වෙමු - හර්මන් කුමාර

"සිවිල් සමාජය මගින් සිදුකරන සාමූහික ප‍්‍රයත්නයක් ලෙස පුළුල් සමාජ බලවෙිගයක් ගොඩනැගීම තුලින් අපි අපේක්ෂා කරන "යහපත් සමාජ වෙනසට" දායකවීම අපි අපේක්ෂා කරනවා. මෙි සදහා වත්මන් පාලකයින් සමග මෙන්ම අනාගතයේදී බලයට පත්වන පාලකයින් සමග මෙම හදුනාගත් යහපත් වෙනස්කමි සිදුකර ගැනීම සදහා දිගින් දිගටම පෙනීසිටීමට සිවිල් සමාජ බලවෙිගයක් ලෙස අපි කි‍්‍රයාකරනවා. ඒ තුළ තවදුරටත්, පොදු මහ ජනතාව පාලකයින්ගේ අතකොලූ නොවන්නටත්, පීඩිතයින් ලෙස ජීවත් නොවන්නටත් අපි එක්ව ක‍්‍රියාකළ යුතු වෙනවා." මෙසේ පවසන්නේ ලෝක ධීවර සමුළුවේ විශේෂ ආරාධිත මෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතාය.

පහත දැක්වෙන්නේ "ප‍්‍රතිසංස්කරණ සමඟ වෙනසක්" දැකීමේ උත්සාහයක නියැලෙන සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ සිදුකරණ සංවාද මාලාවක එක් සංවාදයකි. අද සංවාදය ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා සමඟයි.
 
ප‍්‍රතිසංස්කරණ වෙනසක් අවශ්‍යකරන්නේ ඇයි ? ඉන් අදහස් කරන්නේ කුමක්ද ?


රට මුහුණදී ඇති අශිෂ්ඨ සමිපන්න වාතාවරණය තවදුරටත් ඉදිරියට යානොහැකි මටිටමින්ම අර්බුධකාරිත්වයකට ගමන් කරමින් සිටීග රට ආර්ථිකල සමාජීය, සංස්කෘතික හා දේශපාලනිකව මෙන්ම මීට අමතරව මානව හිමිකමි හා දේශපාලනිකව ඇතුළු බොහෝ අංශවලින් ප‍්‍රපාතයට ඇද දමා ඇතග මෙයට හේතුව ලෙස දේශපාලකයින්ට හා පාලන ක‍්‍රමයට දොස් පැවරුවද රටෙි ජීවත්වන පුරවැසියන් තම වගකීමි අතපසුකිරීම නිසා සිදුවන විනාශය අපි අමතක කර ඇත්තෙමු. සිවිල් කි‍්‍රයාකාරිත්වයන්ට ඉදිරි දැක්මකින් යුතුව රට නිවැරදි දිශාවට මෙහෙයවීමට සහය වීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. රටට නිවැරදි දැක්මකින් යුතුව කි‍්‍රයාත්මකවීම වෙනුවට සිවිල් සමාජය ලෙස අප සිදුකර ඇත්තේ පාලකයින් විසින් වරින්වර අපවෙත එල්ලකරන පන්දුවලට පහර දීමයි. එසේම පාලකයින් හා පාලන තන්ත‍්‍රය සමග කරන ගණුදෙනු වලින් පටු වාසි ලබාගනිමින් සමස්ථ කි‍්‍රයාවලිය අතරමංකර දමා සිවිල් කි‍්‍රයාකාරිත්වය අඩපනකර දැමීමයි. බලයේ සිටින පාලකයින්ගේ දුර්වලතා නිසා ඒවා වෙනස් කිරීමට කි‍්‍රයාකරන සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ලෙස අප අවසානයේ සිදුකර ඇත්තේ පාලකයින්ගේ අතකොලු බවට පත්වී පීඩිතයන් පෙලීමට හවුල් වීමයි. අද පාලකයින් සිදුකරන ජනතා විරෝධී කි‍්‍රයාකාරිත්වයන් මෙන්ම සිවිල් සමාජය විනාශකර දැමීමට ගන්නා උත්සාහයත්, දේශපාලන පක්ෂ කඩාබිද දැමීමත්, මාධ්‍ය මර්ධනයත්, රටෙි ජනවර්ග අතර බෙිද වපුරා විනාශ කිරීමත්, ආගමි අතර ඇතිකරන බෙිදකාරී විනාශකාරිත්වයත්, රටෙි ජනතාව සතුවිය යුතු සමිපත් දේශපේ‍්‍රමය කුළුගන්වමින් සමාගමි හෝ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු කිරීමත්, මානව හිමිකමි උල්ලංඝනය කරමින් සිදුකරන මිලිටරීකරණය ඇතුළු මර්දන කාරිත්වයේ වර්ධනයත් ඇතුළු සමාජ ආර්ථික දේශපාලන දේහයේ ඇති කරන විනාශකාරිත්වය නවති ශිෂ්ඨ සමිපන්න දේශයක් ගොඩනැගීමට සිවිල් සමාජය ලෙස මැදිහත්වීම අප විසින් සිදුකල යුතුය. මෙි සදහා වසර ගනනාවක් තිස්සේ මෙම ක්ෂේත‍්‍රවල කි‍්‍රයාකාරීවූ සිවිල් සංවිධාන තම කි‍්‍රයාකාරී ක්ෂේත‍්‍රයන් තුලින් අපේක්ෂා කරන වෙනස පැහැදිලි ලෙස හදුනාගෙන සමාජගත කිරීම සිදුකල යුතුය. මෙය සිවිල් සමාජය මගින් සිදුකරන සාමූහික ප‍්‍රයත්නයක් ලෙස සිදුකිරීමෙන් පුළුල් සමාජ බලවෙිගයක් ගොඩනැගීම තුලින් අපි අපේක්ෂා කරන යහපත් සමාජ වෙනසට දායකවීම අපි අපේක්ෂා කරමු. මෙි සදහා වත්මන් පාලකයින් සමග මෙන්ම අනාගතයේදී බලයට පත්වන පාලකයින් සමග මෙම හදුනාගත් යහපත් වෙනස්කමි සිදුකර ගැනීම සදහා දිගින් දිගටම පෙනීසිටීමට සිවිල් සමාජ බලවෙිගයක් ලෙස අපි කි‍්‍රයාකරනවා.

යහපත් සමාජයක් සදහා සිදුකලයුතු වෙනස්කමි අපි ප‍්‍රතිසංස්කරණ ලෙස සමාජ ගතකරන අතර ඒවා කි‍්‍රයාත්මක කරගැනීමට පාලකයින් සමග විවෙිචනාත්මක සංවාදයක සාමූහිකව නිරතවීම මෙම ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය තුල අපි අපේක්ෂා කරමු. එමගින් අපි අපේක්ෂා කරන අවසන් ප‍්‍රතිඵල කරාලගාවීමට නොහැකි වුවද මිනිසුන්ට ගරුත්වයකින් ජීවත්විය හැකි වටාපිටාවක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරමු.

සිවිල් සමාජ සංවිධාන ලෙසට මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේදි ඇති කාර්ය භාරය  නැතිනම් දායකත්වය කෙබඳුද ?

රටතුල සිදුවන අහිතකර කි‍්‍රයාකාරිත්වය පිලිබදව සංවෙිදීව කි‍්‍රයාකිරීමට සිවිල් සංවිධාන වලට තමන් සපයන සේවාවන් හෝ තමන් මැදිහත්වන ක්ෂේත‍්‍රවල හැකියාවක් තිබෙනවා. ඒනිසාම සාමාන්‍ය ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් සමාජය දැකීමට හැකියාවක් සිවිල් සමාජ සංවිධාන සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් කි‍්‍රයාකිරීමට සීමිත වුවත් යමි සමිපත් ප‍්‍රමාණයක් ද සිවිල් සංවිධාන සතුව තිබෙනවා. එමෙන්ම දශකයක් හෝ එයටත් වැඩියෙන් සමාජ කි‍්‍රයාකාරිත්වයේ ගැටෙමින් පවතින සමාජ ආර්ථික දේශපාලන කි‍්‍රයාකාරිත්වයට විකල්ප සෙවීමෙන් ලත් අත්දැකීමි සමිභාරයක්ද එසේ කැපවීමෙන් කි‍්‍රයාකරන සිවිල් කි‍්‍රයාධරයන් සමූහයක්ද අපගේ සිවිල් කි‍්‍රයාකාරිත්වයන් තුල සමුචිඡ ගතකරගෙන තිබෙනවා. මෙි සියල්ල යහපත් සමාජයක් නැතිනම් ප‍්‍රතිසංස්කරණයක් ගොඩනැගීමට අත්‍යාවශ්‍ය සාධකයන් වෙනවා. මෙම අත්දැකීමි උපයෝගීකරගනිමින් සිවිල් කි‍්‍රයාකාරිත්වයක් තුලින් සිදුකරන විකල්ප යෝජනා මාලාවක් තුල සමාජ බලවෙිග ඒකරාශිකර ගනිමින් සමාජ වෙනසක් සදහා පුරවැසියන් අවදි කිරීම සිවිල් සංවිධාන වල කාර්යය භාරයයි. වෙනස් මතයක් දැරීම නිසා අතුරුදහන් වීමට ලක්විය හැකි සමාජ වටාපිටාවක ඇති අවධානම ගනිමින් අපි මෙම කාර්යය සදහා කි‍්‍රයාකාරීවෙනවා.

ඔබේ ක්‍ෂේත‍්‍රය තුළ වැඩකරන ජනතාව සමඟ මෙම ක‍්‍රියාවලිය ආදේශ කරගන්නේ කෙසේද ?

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ලෙස අපි පසුගිය දශක දෙකක කාලසීමාව තිරසර ධීවර ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සදහා ප‍්‍රයත්න දැරුවා. ඒතුල ධීවර ප‍්‍රජාවගේ යහපැවැත්ම මෙන්ම රටෙි ජනතා අයිතීන් සුරැකීම, පරිසර සුරක්ෂිතතාවය හා මානව හිමිකමි වෙනුවෙන් විකල්ප ප‍්‍රතිපත්ති සැකසීම සිදුකළා. නමුත් අද මෙම කි‍්‍රයාකාරිත්වය ඉන් ඔබිබට ගෙනගොස් පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් දක්වා සිවිල් සමාජය පෙල ගස්වා ගැනීමට හැකිව තිබීම අප කි‍්‍රයාත්මක ධීවර ජනයාට මෙන්ම පුලුල් ව යහපත උදෙසා කි‍්‍රයාත්මක වීමක්. ධීවර ප‍්‍රජාවගේ තිරසර පැවැත්මක් සාක්ෂාත් කරගැනීමට සමස්ථ සමාජ දේහය පුරා ඇති විනාශකාරිත්වයේ බලපෑම තුරන් කල යුතුයි. මෙම ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය හරහා අපි අද මෙි කාර්යයට අතගසා සිටිනවා. සමස්ථ සමාජයට යහපත උදාවන දිනයේ ධීවර ජනතාවටද ගරුත්වයකින් යුතුව ජීවත්වීමට හැකිවනු ඇති. ඒ සදහා අපි අද ධීවර ජනතාව පෙල ගැස්වීම අපි සිදුකරමින් සිටිනවා.

සමස්ත ප‍්‍රතිසංස්කරණ වෙනසක් අවශ්‍යය යන තදබල කාරණය සමාජ ගතකරන්නට සිවිල් සමාජ සංවිධානවලට පැවරෙන්නේ කෙබඳු කාර්යභාරයක් ද ?


සිවිල් සමාජය අන් පිරිස්වලට සාපේක්ෂව ඉදිරි දැක්මකින් හා කි‍්‍රයාකාරිත්වයකින් සිටීම අත්‍යවශ්‍ය කරුණක්. එයට හේතුව වන්නේද සිවිල් කි‍්‍රයාකාරීන් සාමාන්‍ය ජනයාට වඩා විවිධ සමාජතලයන්හි ගැටෙමින් කි‍්‍රයා කිරීමයි. එබැවින් පවත්නා සමාජ ආර්ථික හා දේශපාලන වටාපිටාවට සංවෙිදීව එය වෙනස්කර යහපත් සමාජයක් ගොඩනැගීම සදහා කි‍්‍රයාකිරීමට සිදුවීම අනිවාර්යි. විශේෂයෙන්ම ජනතාව සමග ගැටෙමින් සමාජ ව්‍යාපාර හා ජනතා බලය පිලිබද විශ්වාසයකින් කි‍්‍රයාත්මක වන සිවිල් සංවිධාන මෙහි කේන්ද්‍රීය කාර්යයභාරයක් සිදුකරන්නට නියමිතයි. තම සාමාජිකයින් විග‍්‍රහාත්මක විශ්ලේශණ තුලින් දැනුවත් කිරීම, යහපත් සමාජ වටාපිටාවක් සදහා රටෙි පුරවැසියාට මැදිහත්වීමට ඇති අයිතිය පිළිබඳව පැහැදිලිකරදෙමින් සමාජ බලවෙිග ඒකරාශිකිරිමට දායක වීම, නිරන්තරයෙන් ද්වි පාර්ශ්වික තොරතුරු හුවමාරු කරගනිමින් පුරවැසියා අවදිකර සමාජ අරගලයන්ට දායක කරලීම සිවිල් සංවිධානවලට පැවරෙන වගකීමක් වෙනවා.

එළඹෙන ජනාධිපතිවරණයට, 25 වෙනිදා කොළඹ කේන්ද්‍රකර ගනිමින් මුලපුරන මෙම ක‍්‍රියාවලිය අභියෝගයක් ලෙසට එල්ල කරන්නේද ? අපේක්‍ෂිත වෙනසක් ඇතිවේවිද ?

ජනාධිපතිවරණය අපගේ එක් සංධීස්ථානයක් පමණයිි. රටෙි යහපත් වෙනසක් සදහා ප‍්‍රතිපත්තිමය කරුණු මත සිදුකරන සංවාදයක් ජනාධිපතිවරණයකදී අපට කිසිසේත් අත්දැකීමක් නැතග නමුත් රටෙි පවතින වාතාවරනය වෙනස් කිරීමට ජනාධිපතිවරණය අතිශය තීරණාත්මකයග ප‍්‍රතිපත්ති මත පදනමි දේශපාලන වටාපිටාවකට මෙම ප‍්‍රතිසංස්කරන සැකසීම අතිශය වැදගත්ය. නමුත් රටෙි පවතින සමාජ ආර්ථික හා දේශපාලන වටාපිටාව පිලිබද සිවිල් සමාජ විග‍්‍රහය හා විවෙිචනය ඉදිරිපත් කිරීමටත් රට ඉදිරියට යාමට යෝග්‍යයැයි සිවිල් සමාජයේ දැක්ම ඉදිරිපත් කිරිමටත් මෙම යෝජනා වැදගත්වනු ඇති. විශේෂයෙන්ම පොදුවිපක්ෂයක් එක්ව සිදුකරන මැතිවරණ කි‍්‍රයාවලියකදී අද සිවිල් සමාජ යෝජනා පිලිබදව අවධානය යොමුකර තිබිම වැදගත්. එයට හේතුව විපක්ෂය බලයට පත්වන මැතිවරණයකින් යමි සමාජ ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීමට සිවිල් කි‍්‍රයාකාරීන්ට හැකිවීමත් රටට අවශ්‍ය කරන ප‍්‍රතිපත්තිමය වෙනස්කමි පිළිබදව සමාජයේ අවධානය දිනා ගැනීමට හැකිවීමත් මත ඉදිරිකාලයේදී මෙම වෙනස්කමි සදහා ජනතාව පෙලගැස්වීමටත් හැකිවීමයි. අපි අපේක්ෂා කරනුයේ මෙම සමාජ දේහයේ වෙනස්කමි නිසා කවරකු බලයේ සිටියද පුරවැසියන් ලෙස අපි අවදියෙන් සිටීමට මෙම ප‍්‍රතිසංස්කරණ යෝජනා වැදගත් බවයි. දැනටමත් අපි මෙම යෝජනාවලීන් සමාජ ගතකරමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගනිමින් සිටිමු. පුුද්ගල වෙනස්කමි තුලින් අපි අපේක්ෂාකරන ඉලක්ක ජය ගැනීමට සිවිල් කි‍්‍රයාකාරිත්වයට හා සිවිල් කි‍්‍රයාකාරීන්ට තවත් ශක්තිය ලැබෙනු ඇති.
                                හර්මන් කුමාර

සංවාදය හා ඡායාරූපය   -  මෙලනි මානෙල් පෙරේරා




2014-11-23
Advertisement

Find us on Facebook