English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රේමදාස සහ DS සිදුකල ඓතිහාසික වරද මහින්දගෙන් සිදුවීද ?

ප්‍රේමදාස ජනාධිපති වූ විට අගමැතිකම හිමි විය යුතුව තිබුනේ පක්ෂය තුල ඉදිරිපෙළ නායකයින් දෙදෙනාගෙන් මඳක් ඉදිරියෙන් සිටි ගාමිණි දිසානායකටය. නමුත් තම පදයට නැටවිය හැකි විජේතුංග අගමැති කර ඔහු පක්ෂයේද , රටේද අනාගත ස්වභාවික ගමන් මග අවහිර කළේය.

දක්ෂ දෙවනියෙකුට නොබියව, ඔහුගෙන් වැඩ ගැනීමේ ශාස්ත්‍රය JR ගෙන් උගැනීමට ඔහුට නොහැකි විය.

2004 දී චන්ද්‍රිකාට මහින්ද කපා දැමීමේ උවමනාවක් විය , දේශපාලන උරුමයට අනුව අනුරට ඔටුන්න හිමිව තිබුනද ඒ වනවිට අනුර තම අනාගතය අවුල් කරගෙන හෝ කිසිවෙකු විසින් අනුරගේ අනාගතය අවුල් කර තිබිණි ( ඒ ගැන වෙනම කථා කල යුතුය )
ඒ මොහොතේ රටේ අගමැති ධූරය භාර ගන්නැයි ඇය මෛත්‍රීට යෝජනා කළාය.
 

තම "මොහොත" එනතුරු ඉවසීමේ ගුණය, ප්‍රේමදාසගේ මරණ මොහොතේ රනිල් පෙන්නුම් කලාක් මෙන් මෛත්‍රීද ඉවසීම පෙන්වීය. සුදුස්සා මහින්ද බව පෙන්වා හේ පසෙකට විය

මහින්ද ජනාධිපති වූ පසුව අගමැති ධුරයට රත්නසිරි වික්‍රමනායක පත් කර ගත්තේ ප්‍රේමදාසගේ න්‍යායට අනුව යමිනි.  ජ්‍යෙෂ්ටත්වය ඉදිරියට දැමීමෙන් තර්ක බිඳ හෙළිය හැක. අඩුම තරමේ දෙවන වාරයේදී හෝ , වසරක් පාසා හෝ ඔහුට ඊළඟ නායකත්වයට සුදුස්සන්ට අගමැති කම පවරන්නට තිබිණි

හෙටට පරිණත නායකයින් බිහිකර තැබීම , රටට ආදරය කරන සැබෑ දේශ පාලකයින්ගේ යුතුකම විය යුතුය

එය එසේ සිදු නොවිණි , රෝගී වී , මහලු වී , කථා කරගත නොහැකි වී තිබියදීත් තම ආරක්ෂාව පමණක් ගැන සිතමින් දිමු අගමැති ධුරයේ තබා ගෙන මෛත්‍රීට හිමිතැන ලබා නොදීම ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට දෛවෝපගත ලෙස බලපා ඇත

තව දුරටත් බලා සිටීමෙන් තමන්ට හිමි නායකත්වය , නාමල්ට හෝ බැසිල්ට යන බව සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකුටම තේරුම් ගොස් තිබිණි.

ඇතැමෙකුට විවුර්තව විරුද්ධ වන්නට බැරි හේතු ඇත , කුඩු කෑ .එවුන් නිහඬව ඉවසා සිටිය යුතුය

චම්පිකට , සහ මෛත්‍රීට අභිලාෂයන් ද ඒවාට සරිලන පැවැත්මක්ද තිබේ.ඔවුන් බණ්ඩාරනායක මෙන් අභිනික්මන් කිරීම වරදක් නොවේ.
(එවකට සභානායකව සිටි බණ්ඩාරනායකට නොදී තම මරණයෙන් පසුව අගමැතිකම තරුණ ඩඩ්ලිට දෙන්නැයි DS අසු පිටින් වැටී ලෙඩ ඇඳේ සිටියදී අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිට කියා තිබිණි )

තම ගමන වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කිරීමට බණ්ඩාරනායකට වක්‍රව ආරාධනා කළේ unp නායකත්වයයි.
 

ජවිපෙ තුල තම නායකත්වයට ඉක්මන් ඉඩක් නොලැබෙන බව කල් නොයවා අවබෝධ කර ගැනීමේ ඥානය විමල් වීරවංශ ටද තිබිණි

කරු ජයසුරියලා , sb ලා රාජිතලා , විමල් වීරවංශ ලා රජයට එකතු වන විට ඉවසා සිටි ඉරියව්වෙන්ම , කිසිවෙකු ඉවත්ව යන විටද ඉවසා සිටින්නට ප්‍රේක්ෂක ජනතාවට සිදුවනු ඇත.
 

එකතු වන විට වීරයින් ලෙස පිළිගත් අය හැරයන විට ද්‍රෝහීන් ලෙස හංවඩු ගසති
හොරුන් සමග එකට සැතපෙන තාක් කල් " අවංක "යැයි කියන අතර වෙන්වී ගිය විට "හොරා" යැයි කියති

නායකයන් අමතක නොකළ යුතු පාඩම නම් බලය වනාහී ජනතා දේහයේ පිළිකා ඉවත් කිරීමට ඇති සැත් කම් පිහියක් මිස අනෙකාගේ ගෙල සිඳීමට ඇති ආයුධයක් නොවන වගය

රටක පාලනය දිගු කලක් එකම කණ්ඩායමක් අත පවතින විට එම නායකයින් ජනතා පීඩකයින් බවට පත්වීම ස්වාභාවිකය.

දේශපාලන පක්ෂවලට " කහින" පොදු ජනතාව අමතක නොකළයුතු පාඩම නම් මේ පක්ෂ ඇත්තේ රට හදන්නට මිස රට තිබෙන්නේ පක්ෂ හදන්නට නොවන වගය.
 

හෙටට බොළඳ පෙම්වතුන් ලෙස හැසිරෙන මේ ජනතාව සහ නායකයින් වැඩි විය පත් වනතුරු රටට සෙතක් නැත

නාරද විජයසූරිය
උපුටා ගැනීම - Colombo Telegraph



2014-11-23
Advertisement

Find us on Facebook